Posts

Showing posts from March, 2020

කලු කුමර දෝෂය - kalu kumara

Image
යොවුන් විය ආරම්භයත් සමඟම තරුණියක වුවද තරුණයෙකු වුවද වෙනදාට වඩා තම රූ සපුව ගැන ඇඳුම පැලඳුම ගැන සිතන්නට පටන්ගන්නේ වෙනදාට වඩා තමා කෙරේ ආකර්ෂණයක් ඇල්මක් බැල්මක් අනෙක් අයගෙන් ලැබෙන බව දැනෙන නිසා සහ සමහර විට එවැනි ආකර්ෂණයක් ලබා ගන්නට ඕනෑ නිසාත්ය. කාන්තාවක්නම් බොහෝ විට වැඩි වියට පත්වීමත් සමඟම මෙන් තම මවගේ සහ පවුලේ අනිත් වැඩිමහල් කාන්තාවන්ගේද උපදෙස්, අවවාද මත තම ළමා විය තුල කල කී දෑ තුලින් සෙමින් ඈත්ව යයි. වෙනස් වෙමින් පවතින ශරීර අවයව සමඟම ඇත්තටම ඇය තරුණයෙකුට පෙර යෞවනයට පත්වන බව දකින්නට ලැබේ. පාසලේ අධ්‍යාපනය ලබන විට සිදු වන දේ, ගමන් බිමන් යන අතරවාරයේදී සහ අමතර පන්ති වලදී සිදුවන දේ බොහෝ විට තම මව සමඟ දියණියන් පවසන්නේ මව බොහෝ විට ඇය ගැන විමසිල්ලෙන් සිටින නිසා සහ මව ඇයගෙන් එවැනි තොරතුරු ගන්න දන්නා නිසයි. ඉතින් බොහෝ විට මවට වුවත් මුල් අවදියේදි නොකියා සිටින, තම සිත තුල සඟවා සිටින, විවාහ දිවියට පවා ඇතුල් වී කලක් යනකල් නොකියා සිටින ඇතැම්විට යම් ලැජ්ජාවක් නිසාම සිතෙහි සඟවා ගෙන සිටින දෙයක් ගැනයි මා අද ඔබට ගෙන එන්නෙ. ඒ ඔබ කවුරුත් දන්නා අසා ඇති කලු කුමාර දෝෂය ගැනයි. ඉතින් මේ කාරණාව සම්බන්ධව මා හට බොහෝ...