Monday, March 16, 2020

කලු කුමර දෝෂය - kalu kumara

යොවුන් විය ආරම්භයත් සමඟම තරුණියක වුවද තරුණයෙකු වුවද වෙනදාට වඩා තම රූ සපුව ගැන ඇඳුම පැලඳුම ගැන සිතන්නට පටන්ගන්නේ වෙනදාට වඩා තමා කෙරේ ආකර්ෂණයක් ඇල්මක් බැල්මක් අනෙක් අයගෙන් ලැබෙන බව දැනෙන නිසා සහ සමහර විට එවැනි ආකර්ෂණයක් ලබා ගන්නට ඕනෑ නිසාත්ය. කාන්තාවක්නම් බොහෝ විට වැඩි වියට පත්වීමත් සමඟම මෙන් තම මවගේ සහ පවුලේ අනිත් වැඩිමහල් කාන්තාවන්ගේද උපදෙස්, අවවාද මත තම ළමා විය තුල කල කී දෑ තුලින් සෙමින් ඈත්ව යයි. වෙනස් වෙමින් පවතින ශරීර අවයව සමඟම ඇත්තටම ඇය තරුණයෙකුට පෙර යෞවනයට පත්වන බව දකින්නට ලැබේ. පාසලේ අධ්‍යාපනය ලබන විට සිදු වන දේ, ගමන් බිමන් යන අතරවාරයේදී සහ අමතර පන්ති වලදී සිදුවන දේ බොහෝ විට තම මව සමඟ දියණියන් පවසන්නේ මව බොහෝ විට ඇය ගැන විමසිල්ලෙන් සිටින නිසා සහ මව ඇයගෙන් එවැනි තොරතුරු ගන්න දන්නා නිසයි. ඉතින් බොහෝ විට මවට වුවත් මුල් අවදියේදි නොකියා සිටින, තම සිත තුල සඟවා සිටින, විවාහ දිවියට පවා ඇතුල් වී කලක් යනකල් නොකියා සිටින ඇතැම්විට යම් ලැජ්ජාවක් නිසාම සිතෙහි සඟවා ගෙන සිටින දෙයක් ගැනයි මා අද ඔබට ගෙන එන්නෙ. ඒ ඔබ කවුරුත් දන්නා අසා ඇති කලු කුමාර දෝෂය ගැනයි. ඉතින් මේ කාරණාව සම්බන්ධව මා හට බොහෝ අත්දැකීම් ඇත්තේ මා ඉහත කියූ අධ්‍යාපනය ලබන වයස් මට්ටමේ අය සහ අවුරුදු පනහ පනස්පහ අය පවා සහ ඒ අතර නොයෙකුත් තරාතිරමේ අය මා මුණගසීට පැමිණ මේ දෝෂයට පිළියම් ලබා ගත් නිසයි .
read more

කේන්දරය තුලින් මේ දෝෂය දක්ෂ ජ්‍යෝතිෂවේදියෙකුට දැකිය හැකි අතර මාගේ අත්දැකීම තුල මෙය එක් දෙවිකෙනෙකුගේ දේවශාපයකට ලක්වූවනට සිදුවන බව සහ ඒ පීඩාව ගෙනෙන අමනුෂ්‍ය බලවේගයට එකී දෙවියන්ගෙන් මේ සඳහා අවසරය ඇති බවත් ඔබට කිව යුතුය. ඉතින් ඒ නිසා මේ සඳහා හරිහැටි නොදැන කරන පිලියම්, ප්‍රතිකාර, ශාන්ති කර්ම තුලින් විසඳුමක් නොලැබේ. අවශ්‍ය වන්නේ කලින් බවයේ කල පාපයට එකී දෙවියන්ගෙන් සමාව ගෙන නැවත එවැන්නක් නොකරන ලෙසට පොරොන්දුවී දෙවියන්ගේ අනුකම්පාව ලබා ගැනීම සහ ඒ පීඩාව කරන බලවේගය ගෙන්වා ඉවත් කිරීමයි. වරෙක මා මුණගැසීමට උසස්පෙල විද්‍යා අoශයෙන් ඉගැණුම ලබන දියණියක් පමිණියේ දෙවතාවක්ම විභාගය ලිවීම කල් දමා කිසුඳු පාඩමක්, ඉගෙනීමේ කටයුත්තක් කිරීමට නොහැකිව සිටින විටකදීයි. ඇයගේ කේන්දරය පරීක්ෂාවේදී ඇයට කලුකුමාර දෝෂය ඇති බව මා දැක මවටත් ඇයටත් ඒ ගැන පැවසුවා. රාත්‍රියට නින්ද නොයන බවත් නින්දෙන් අවදිවන හැම අවස්ථාවකදීම ඇයව තදින් කවුරුන් හෝ අල්ලා සිටින බවත් ඈ පැවසුවා. මේ දක්වා එය ඈ මවට කියා තිබුණේ නැහ. මවට ඒ ගැන වැඩි විශ්වාසයක් නොතිබුණ බවක් පෙනුණු නිසා මා, මා අත්පත් කරගත් ශක්තීන් තුලින් දැහැන් ගතවී ඇයට බලපෑම් කරන අමනුෂ්‍ය බලවේගය එවෙලෙම ඈ තුලට ගෙන්වා කරුණු විමසුවෙමි.
තවත් අවස්ථාවකදී දෙවෙනි විවාහයද අසාර්ථක ලෙස ගෙවමින් සිටි රජයේ රෝහලක හෙදියක් මා මුණගැසීමට පැමිණියා, ඇගේ සැමියා බැoකුවක සේවය කරන අයෙක්. ඇගේ කේන්දර සටහනෙත් ඇයට මේ දෝෂය ඇති බව මා පැවසුවා.. ඒ වන විට ඇය කෙතරම් රූමත්ව සිටියත් ඇගේ සැමියා ඇගේ ඇඟේ ගෑවෙන්නෙවත් නැති බව සහ ඇය ඉඳගෙන සිටින අසලකවත් සිටින්නේ නැති බව ඇය බොහෝම දුකින් මා සමඟ පැවසුවා. මේ නිසාම ඒ විවාහයත් ඒ වනවිට දෙකඩ වීමට ආසන්නව තිබුණා. මා දැහැන් ගතවී අමනුෂ්‍යාව ගෙනවා කරුණු විමසුවා.. පැවසුවේ එම කාන්තාවගේ ශරීරයේ යම් කොටස් ලෙවකන බව සහ යම් දුගඳක් පතුරවා සැමියා ඇයගෙන් ඈත්ව තබන බවයි.මේ ගවේශණ තුලින් මා බොහෝ විට දකින දෙයක් කුමණ හෝ අමනුෂ්‍ය බලපෑමකට ලක්වූ කෙනෙක් බොහෝ විට ඒ අමනුෂ්‍යගෙ ගති ලක්ෂණ, ඒ හැඩය ගන්න බව. මේ කාන්තාවටත් එවැන්නක් තිබුණ. ඒ ඇගේ කටට කෙල ඉනීම, මේ නිසා කෑමක් ලඟින් යනවිට උත්සව අවස්ථාවලට අනික් අය සමඟ සහභාගී වීමට ඇය තුල ඒ වනවිට බියක් ලැජ්ජාවක් තිබුණ.
මෙලෙස අද්‍යාපනය ලබන දරුවන්, විවාහ ජීවිතයක් බලාපොරොත්තුව සිටින අය සහ විවාහ වී සිටින අය වගේම විවාහයක් වී එය කඩා කප්පල් වී සිටි අය මෙවැනි බොහෝ පිරිසක් මා මුණගැසීමට පැමිණ මේ දෝෂයට විසඳුම් ලබාගෙන තිබෙනවා. ඉතින් එවැනි දෝෂයක් ඔබේ දියණියකට සහෝදරියකට ඔබ දන්න හඳුනන අයෙකුටත් තිබිය හැකියි. මෙය බාහිරව දැක ඔබට හඳුනාගන්න අපහසුයි කේන්දර පරීක්ෂාවකින් තොරව. නමුත් විවාහයක් හරියන්නේ නැත්නම්, විවාහ ජීවිතය තුල සාර්ථකත්වයක් පෙනෙන්නට නැත්නම්, සහකරු හෝ සහකාරිය වෙනත් අය සමග සබඳතා පවත්වනවානම් සහ විවාහ ජීවිතය කඩාකප්පල් වූයේ නම්. ඔබට බාහිරව සිට මෙවන් කෙනෙකුට එහෙම දෝෂයක් ඇතැයි අනුමාන සහ සැකයක් ඇතිකර ගත හැකියි. නමුත් මෙම තියෙන කෙනාටනම් ලෙහෙසියෙන් මෙය හඳුනා ගත හැකියි. නිදා ගන්නා විට තාමා ලඟට කවුරුන් හෝ එන බව, තමාව ස්පර්ශ කරන බව, හෙල්ලෙන නොහැකිවන සේ තදින් අල්ලා සිටීම, විවාහයක් සිදු නොවීම, සහ ස්වාමි පුරුෂයා තමාට අකමැති බව සහ ටිකක් දුරස්ව, ඈත්ව සිටීම. මෙවැනි දේ තුලින් ඔබට මෙම දෝෂය ඇති බව හඳුනා ගත හැකියි. විවාහය සම්බන්ධව මෙකී කාරණාවන්ට සමහර විටක කේන්දර සටහනේ තවත් ඔබේ කලින් භව වල කර්ම වලට සැකසුණු දෝෂ ශාප තිබිය හැකියි.
ඉතින් මෙය හරියටම කේන්දරය තුලින් හඳුනා ගත යුතුයි සහ මේ සඳහා ඔබටම තනිවම පිළියම් කර ගත නොහැකියි. මේත් සමඟ ඔබට තිබෙන වෙනත් අපල උපද්‍රව, දේව ෂාප, ග්‍රහ දෝෂ මෙවැනි තවත් දේ ගැන පරීක්ෂා කර බලා මෙයට පිළියම්කල යුතුයි. මා මුණගැසීමට පැමිණි සියලු අයට, ඔවුනට මෙවන්නක් සිදුවීමට කලින් බවයේ කල කර්මය පෙන්වා.. දෙවියන්ගේන් සමාව ලබා දී ඒ බලපෑම් කල සියළු අමනුෂ්‍යන් ගෙන්වා බෝධීන් වහන්සේලා ඇසුරෙහි තියෙන තලවලට මා අනුගතකලා. ඒ මා අත්පත් කරගත් ශක්තීන් තුලින් එකී අයගෙ ඒ කාරණයට මැදිහත්වීමෙනුයි. ඔබට හෝ ඔබ දන්නා අයෙකුට මෙවැන්නක් ඇත් බව දැනෙනවානම් හෝ ඇත්දැයි සැකයක් ඇත්නම්. ඉතින් ඔබත් ජ්‍යොතිෂය තුලින් ඔබව දැක ඔබේ කාරණයට මැදිහත්වී විසඳා දීමට තරම් ශක්තියක් ගොඩනගාගත් අයෙකුව මුණගැහෙන්න. ඔබට සහනයක් ලැබේවි.යලිත් හමුවෙමු මෙවැනි ලිපියකින් සියලු දෙනාටමයහපතක් වෙත්වා.. !
නිශාන්ත මාරසිoහ (සුබ ශක්ති ජ්‍යෝතිෂ වාස්තු විද්‍යා සහ ශක්ති ගවේශණ මධ්‍යස්ථානය කොට්ටාව, 077 159 167 5)




No comments:

Post a Comment