ලග්න පලාපල 19-08-2019 සිට 26-08-2019 දක්වා


මේෂ ලග්නයෙන් උපන් ඔබට යම් යම් ආදායම් ක්‍රම, රැකියාව, ව්‍යාපාර තුලින් , ලාබ  සහ වාසි ලැබිය හැකි සතියක්. ඔබට පුතෙකු සිටිනවනම් ඔහුගෙන් උපකාර සහ ඔහුගේ කරුණාවට සහ ඔහු ඔබ ගැන සිතන ඔබට ආදරෙන් සිටින සතියක්. ඒ වගේම ඔබේ මව් පාක්ෂවයෙන් ඔබට මාමා කෙනෙකු  හෝ එවැනි නෑදෑ කමක් ඇති අයෙකුගෙන්  කෙනෙකුගෙන් උදව් උපකාර ලැබිය හැකි සතියක්, විශේශයෙන්ම ගේ, දොර ඉඩම් කඩම් සම්බන්ධව, මේ සතිය ඔබට යම් තාක් දුරට සතුටින් සිටිය හැකි සතියක්, ඒත් හර්ද රෝග ස්වශන ආබාධ සහ ආහාර ජීරණ පද්ධතියෙහි රෝග, මහා බඩ වැල ආශ්‍රිත රෝග විශේශයෙන් ඔබ කාන්තාවක්නම් ගර්භාශගත රෝග හට ගත හැකියි.


 වෘශභ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුලදීත්  රාජකාරිය සේවය කරන ස්ථානයෙන් බොහෝ දුරට ස්ථාන මාරුවක් ලැබෙන සතියක්, ඔබ ඒ සඳහා ඉල්ලුම් කර තිබූ අයෙක් නම් බොහෝ දුරට ඒ කාරණාව ඉශ්ඨ සිද්ධ වෙන සතියක්, ඔබ විදේශ ගතවෙන්න සිතා සිටි කෙනෙකුනම් ඒ කාරණයත් ඉශ්ඨ වෙන සතියක්, සතිය පුරාවටම  නිවස තුල අන් අයත් සමඟ  සමගියෙන් ජීවත් වෙන්න උත්සහ කරන්න , නිවස තුල ආරවුල් මත භේද රන්ඩු සරුවල් ඇති විය හැකියි. සති අග වන විට ඔබ යම්  ආර්ථික අපහසුථාවයක සිටියේනම් එය විසඳී යනව. ඒ වගේම සති අග වන විට පවුලේ අයත් සමඟ එකතු වී පිනක දහමක යෙදෙන්නට හැකිනම්  ඔබට ඉන් ඉක්මනින් ප්‍රතිපල ලද හැකියි සහ යහපත උදා කර ගත හැකියි.


මිථුන ලග්නයෙන් උපන් ඔබ මේ සතිය තුලත් ඔබේ ජීවිතයට අදාලව ගතයුතු තීරණයක් නිවැරිදි ආකාරයෙන් ගත නොහැකිව දෙගිඩියාවෙන් සිටින සතියක්. සිත එක අරමුණක තියාගන්නට නොහැකිව සිටින සතියක්, සති අග වන විට ඔබ නොකී යම් දෙයකට ඔබ හසුවන හෝ අසත්‍ය තොරතුරක් ලැබී ඔබ ඒ ගැන සැකෙන් සිටින හෝ ඒ නිසා යම් පීඩාවකට ලක් වෙන බවක් පේන්නට තියෙනව. කතා කිරීමේදී ප්‍රවේසන්වන්න. ඔබ කියන දෙයක් වැරදී හෝ ඒ කියන දේ කේලමක් ලෙස ගිහින් හෝ යම් අපහසුථාවයකට ඔබ ලක්විය හැකියි.



 කටක ලග්නයෙන් උපන් ඔබ...සාර්ථක ලෙස ඔබට පැවරෙන සියලුම වැඩ කටයුතු කරගෙන යනව. ඔබේ දැණුම , බුද්ධිය, ශක්තිය, නිවැරිදි බව ඔබේ සෑම කටයුත්තකදීම ප්‍රකාශ වෙනව.රැකියාව, ව්‍යාපාර සියළු කටයුතු සාර්ථකව කරගෙන යා හැකියි. අද්‍යාපන කටයුතු තුලිනුත් සාර්ථකත්වය ලැබිය හැකි සතියක්.. බොහෝ දේ ජය ගත හැකියි. ගමනෙදි බිමනේදී ප්‍රවේසම් වන්න. සතිය තවත් සතුටින් සැනසීමෙන් ගෙවීමටනම් , අනිවාර්‍යෙන් නැති බැරි අයට, කුමණ අයුරක  උදව්වක් උපකාරයක් කරන්න.. ශිව දෙවියන්ට පූජාවක් දී පෙර බවවලදී කල කල වැරැද්දක් ඇත්නම් සමාව ලබා ගන්න.


ඔබ සිoහ ලග්නයෙන් උපන් කෙනෙකු නම්... ඔබට ශක්තිය බලය ජවය නිර්මාණශීලී බව වැඩියෙන් ලැබෙන සතියක්, බොහෝ දේ ඔබට කිරීමට හැකිවන සතියක්, ඒත් ඔබ තීරණ තීන්දු ගැනීමේදී බුද්ධිමත්ද විය යුතුයි. වාසියක්  හෝ යම් දෙයක් ලබා ගැනීමේ අරමුණෙන් ඔබ කරන යම් දෙයක් නිසා කෙනෙකුට අසාධාරණයක් විය හැකියි සහ ඔබ පසුතැවිල්ලකට ලක් විය හැකියි. බුද්ධිය හරි ආකාරව මතු නොවන බවක් පේන්නෙ. බලය, ශක්තිය ජවය තියෙන තැන කොහොමත් බුද්ධිය එලියට එනව අඩුයි. ඒ ගැන සිතන්න. නිවැරිදිවම තීන්දු තීරණ ගන්න 



 කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුලදීත් බොහෝ විට යම් අඩුපාඩු අඟ හිඟ කම් ඇති වෙන සතියක්. අන් අය ඔබ තුල විශ්වාසයක් නොතබන අන අයගෙ සහයෝගය හරි හටි නොලැබෙන , ලෙඩ රෝග ,සල්‍යකර්ම, අනතුරු ඇතිවිය හැකි සතියක්, සති අග වන විට යම් පමණකට සිතට සැනසීමක් ලැබෙන සතියක්.


 තුලා ලග්නයෙන් උපන් ඔබ ව්‍යාපාර කටයුතු වලට වෙනදාට වඩා යොමු වන සතියක් , යම් යම් අලුත් දේවල් පටන් ගත හැකි සහ අන් අයට උපදෙස් දිය හැකි සතියක් අන් අයට ඔබේ උපදෙස් අත්දැකීම් අවවාද තුලින් සාර්ථක විය හැකි සතියක් , රැකියා ස්ථාන වල උසස් වීම් ලැබිය හැකි සතියක්. සතියේ මුල හෝ අගට වඩා සති මැද කාලය තුල ඔබේ හිතට සතුට තියෙයි. ක්ෂණික ජයක් නොලැබුණාට ඇත්තටම හොඳ ආරම්බයක් ලැබිය හැකි සතියක්, යම් දෙයක් ගැන අරමුණු හදාගන්න, සැලසුම් හදාගන්න, සහ ඒ ගමන ආරම්බ කරන්න ඉතාමත් හොඳ සතියක්


වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ උගත් දේ අනුව ලැබෙන්නට සුදුසු ස්ථාන වලට පැමිණෙනව, ඔබට ලැබිය යුතු දේ ලැබෙනව, අන් අයගෙන් ලැබෙන සහයෝගය, උදව් උපකාරත් ඔබට ලැබෙනව. සියලු පහසුකම්, අවස්ථා, ලැබුණත් ඔබ තරමක් දුරට උදාසීන බවක් තමයි පෙනෙන්නෙ. යම් රෝගී තත්වයක්, කම්මැලි කමක් , නොසැලකිල්ලක් වැනි දෙයක් නිසා.. ඔබේ ඉලක්ක ඔබෙන් ඈත් විය හැකියි.. සහ අනෙකාට ඔබෙන් ලැබිය යුතු සහ යෝගය සේවාව නොලැබෙන්නට පුලුවන්.. ඉතින් ශක්තිමත් වෙන්න වෙනදාට වඩා උනන්දුවෙන් වැඩ කටයුතු වල නිරත වෙන්න. විදේශ ගමන් තුලින් පාඩු ලැබිය හැකියි.


ධනු ලග්නයෙන් උපන් ඔබ යම් කිසි කනස්සල්ලකින් කණගාටුවකින් සිටින බවක් තමයි පේන්නට තියෙන්නෙ, බොහෝ විට ඒ දරුවෙක් මුණුබුරෙක් නිසාත් විය හැකියි. ඔබ ගැබිනි මවක් නම් ඔබ ඔබේ කුසතුල සිටින දරුවාව ප්‍රවේසම් කර ගත යුතුයි. කාන්තාවන්ට ගර්භාශය තුල යම් රෝග තත්ව ඇති විය හැකි කාලයක්, බොහෝ විට ඒ ගෙඩි වැනි දෙයක් විය හැකියි. නඩු හබ වලට පැටලී සිටිනවනම් ඔබට ඉන් දිනන්නට අසීරුයි.සතිය මුල් දින තුනේදී ඔබ ඔබ වඳින පුදන ආගමික ස්ථානයකට යන්න.. ඉන් ඔබට යම් පමණකට සහනයක් ලැබේවි.


 මකර ලග්නයෙන් උපන් ඔබට ශරීර සවුඛ්‍ය යහපත් බවක් නම් පේන්නෙ නැහැ, ශරීරයේ යම් ස්ථාන වල රෝග පීඩා හටගත හැකි සතියක්, සල්‍යකර්ම වලට භාජනය විය හැකි සතියක් ඔබ නිවසේ පහනක් පත්තු කරගෙන යන කෙනෙකුනම්. මොනතරම් කලකිරීම් ඇති වුනත් එය නොනවත්වා කරගෙන යන්න. ඉන් ඔබට යම් පමණකට සහනයක් ලැබේවි.

 කුම්බ ලග්නයෙන් උපන් ඔබ යම් යම් දේ ලැබෙන සහ ඉපයීම් තිබෙණ සතියක්, ආදරය, ප්‍රේමය බලාපොරොත්තුව සිටිනවානම් , ඔබ මුලාවිය හැකියි රැවටිය හැකියි, කල්පනා නොකර අනිත් අය සමඟ කරන සියලු ගනුදෙනු වලදී ප්‍රවේශම් වන්න, පවුල විවාහ ජීවිතය තුල ආරවුල් මතභේද හට ගත හැකියි. පහන් තියෙන අයට, ශස්ත්‍ර කිය අයට ගුප්ත කටයුතු කරන අයට සහ ඒවයෙන් සහනය සොයන අයට යහපත් ප්‍රතිපල ලැබෙන සතියක්

 මීන ලග්නයෙන් උපන් ඔබ අපේක්ෂිත දේවල් ලැබෙණ සතියක්,ආගම දහමට ලැදිව යහපත් ක්‍රියාවන් වල යෙදීම තුලින් ඔබට මිය ගිය ඤාතීන්ගෙන් පවා උදව් උපකාර ලැබිය හැකියි. වෙන පලාත් වල පදින්චියට යන්න සහ සිටින තැනින් අයින් වෙලා යන්න පදින්චිය වෙනස් කරන්න සිතෙන සතියක්. අසල් වැසියන්ගෙන් කරදර බාදා ඇතිවිය හැකියි. නමුත් මා කියූ පිලිවෙත් තුල සිටීමෙන් ආරක්ෂා විය හැකියි.

 ඔබට අපේ සේවාවන් ලබා ගැනීමට අවශ්‍යනම් දුරකථනයෙන් කතා කරන්න අපිත් සමඟ, එහෙනම් නැවත හමු වෙමු. සියලු දේනාටම යහපතක් වෙතවා.

Comments

Popular posts from this blog

හූනන් ඇග වැටීමේ පලාපල‍ ...

කලු කුමර දෝෂය - kalu kumara