Monday, August 26, 2019

සතියේ ලග්න පලාපල 26-08-2019 සිට 01-09-2019 දක්වා.


 මේෂ ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තුව සිටි යම් අදහසක් කාරණාවක් සඵල වෙන, ඉෂ්ඨ වෙන කාලයක්. වෙනදාට වැඩිය නිවස තුල යම් පමණකට සාමය සතුට පිරි සතියක්, නෑදෑ සමීපතයන් සමඟ විනෝදෙන් සිටින සතියක් සහ වෙනදාට වඩා පවුලේ වැඩ කටයුතු වලට යොමුවන සහ සහභාගී වන, ඒ වැඩ කටයුතු බොහෝ දුරට සාර්ථක වෙන සතියක්, උදරාබාද, ස්වශන ආභාද හට ගත හැකියි .එයට නිවැරිදි ප්‍රතිකාර ලබා ගන්න. සති ආරම්බයට වඩා සති මැද, සති අග දවස් සුබයි, ආදරය, ප්‍රේමය සම්බන්ද ප්‍රශ්ණ වලට මැදිහත්ව දැනට සිටින අය තම ජීවිතයේ වටිනාකම වටහා ගෙන ජීවත් විය යුතුයි, කලකිරීම්, ගැටලු, ප්‍රතික්ෂේප වීම් මතු විය හැකියි.

වෘශභ ලග්නයෙන් උපන් ඔබ ඔබට බොහෝ විශ්වාසවන්තව සිටි අයෙකුගේ වචනයට රැවටිය හැකියි. විදේශ ගතවෙන්න සිතා සිටිනවානම් හෝ සේවය කරන ස්ථානයේ ස්ථාන මාරුවක් ඉල්ලා සිටිනවානම් තවමත් එය ඉශ්ඨ වෙන්න පුලුවන් කාලයක්. වෙනදාට වඩා පවුලේ අන අයත් සමඟ වැඩ කටයුතු කරන්නට සිදුවන සතියක්. පවුලේ යම් ආරවුලක් තිබුණේනම් සති අග වන විට එය විසඳී යනව. මිශ්‍ර පල ගෙන දෙන සතියක්, හෘද රෝග හටගත හැකියි.

මිථුන ලග්නයෙන් උපන් ඔබ , පසු ගිය කාල සීමාව තුල ඔබේ හිතේ තිබුණු අවිනිශ්චිතබාවය, දෙගිඩියාව මදක් දුරට නැති වී යනව. දෙමාපියන්, සහෝදර සහෝදරියන් සමඟ එක්ව සතුටට ප්‍රීතියට පත් වන්නට පුලුවන් සතියක් සහ නෑදෑ ගමන් බිමන් වලට සහභාගී වෙන සතියක්. උදරාබාධ හට ගත හැකියි, නිවසින් බැහැරව සහ ගමන් ගිය අවස්තා වලදී ගන්න ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්න
                   *** ලග්න පලාපල තව කියවන්න Read More  ක්ලික් කරන්න ***

කටක ලග්නයෙන් උපන් ඔබ...
ඔබේ දැනුම , බුද්ධිය, නිර්මාණශීලී බව සහ ශක්තිය තුල බොහෝ දේ නිවැරිදිවම කල හැකිවන සතියක්, ඔබේ රැකියාවේ වේවා, ව්‍යාපාරයේ වේවා, අද්‍යාපන කටයුතු වල වේවා විශේෂ ජයග්‍රහණ ලැබිය හැකි සතියක්. නව නිර්මාණ කලහැකි සතියක්. සතිය අපතේ යවන්නනම් එපා.. බොහෝ දේ දිනිය හැකි, ජයග්‍රහනය කල හැකි, අනෙකා වෙනුවෙන් යමක් කල හැකි, දායාද කල හැකි සතියක්, පහත් යයි ඔබට සිතෙන අයත් සමඟ එක්ව කටයුතු නොකර සිටින්න. යම් පමනක බාධාවක්  එවැනි අයගෙන් ඇති විය හැකියි. ඒත් එයත් ඔබට ජයගත හැකියි. සුබ සතියක්


ඔබ සිoහ ලග්නයෙන් උපන් කෙනෙකු නම්... 
ඔබේ ශක්තිය බලය නිර්මාණශීලී භාවය තුල කල දේවල් නිවැරිදිද යන්න බලන සහ ඒවා නිවැරිදි කරන්න උත්සහ දරන සතියක්. අනිවාරයෙන් ඔබ ඒව නිවැරිදි කරනව. ඔබේ බුද්ධිය සහ යහපත් සිතුවිලිත් සමඟ බොහෝ දේ ඔබ ජයගන්නව සහ බොහෝ විට එය නිවැරිදිද වෙනව. බලය , ශක්තිය, බුද්ධිය, නිර්භීතකම, ඉදිරිපත්වීමේ හැකියාව, නිර්මාණශීලීභාවය, නිවැරිදි බව මේ සැමදේම සමඟ ඔබට බොහෝ දේ කල හැකියි. ඔබ අසරණයයි සිතන යම් පාර්ෂ්වයක් ඇත්නම් ඒ අය ඔබ හිතන තරම් අසරණ නැති බැවින් ඔබ රැවටිය හැකියි. ඒ නිසා එවන් අයගේ උපදෙස් ගැන නොසිතා වැඩ කටයුතු කරගෙන යන්න.


 කන්‍යා ලග්නයෙන් උපන් ඔබ සති මැදදී යම් සහනයකට පත්ව යලිත් එය නැතිව යනව. අන් අයගේ උදව් උපකාර සහ ප්‍රසාදය නොලැබෙන සතියක්. විදේශ ගතවීමට සිතා සිටින අයෙක්නම් එය ඉටුවිය හැකියි. ඔබ යම් ලෙඩකින් රෝගයකින් පෙලෙන කෙනෙක්නම් කල් නොදමා එයට ප්‍රතිකාර ගත යුතුයි. අනතුරු, සල්‍යකර්ම, වැටීම් ,තැලීම්, සහ යම් නිදන් ගත රෝගයක් මතුවී එක්තැන් වීමක් වුවත් විය හැකියි. ඔබේ කේන්දර සටහනත් එක්ක තමයි එය නිවැරිදිවම කිව හැක්කෙ. කලකිරීම්, එපා වීම් ඇති විය හැකියි. අනිවාර්යෙන් ඔබ ඔබේ ජ්‍යෝතිෂ වේදී මහත්මා හෝ මහත්මිය හමුවී කේන්දය පරීක්ෂා කර ගන්න.


 තුලා ලග්නයෙන් උපන් ඔබට... ගොඩක් හොඳ සතියක්. වැඩකටයුතු සාර්ථක වෙන උගත් දෙයින් දැනුමෙන් බුද්ධියෙන් අන් අයගේ සහයෝගයත් ලබමින් ඉදිරියට යන සතියක්, ඔබ මුල් වී කරන කටයුතු අන් අයගේද දැනුම, බුද්ධිය, ශ්‍රමය, ලබාගෙන සාර්ථකව කරගන යා හැකි සහ අලුත් කටයුත්තක් ආරම්භ හැකි සතියක්. හවුල් ව්‍යාපාර වලටත් සුදුසුයි,සමිති සමාගම් සහ දේශපාලන වැඩ කටයුතු වල යෙදී ඉන්න අයට අන් අයගේ සහය සැබෑ ලෙස ලැබෙන කාලයක්. රැකියාවල උසස් වීම්, ව්‍යාපාරවල දියුනුවක් ලැබෙන කාලයක්.


වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ
ඔබටත් මේ සතිය ඉතා සුබයි නායකයෙකුට වඩා ඔබ තුල උප නායකයෙකුගේ ලක්ෂණ තමයි පේන්නෙ. තව කෙනෙක්ව ඉදිරියෙන් තියාගෙන දෙවැනි තැන ඉඳන් වැඩ කටයුතු වල නිරත වන්න තමයි උතසහ කරන්නෙ, මම කලින් සතියෙත් කිව්ව ඒකට හේතුව වෙන්නෙ, උදාසීන කමක්, කම්මැලි කමක් හෝ වැඩ කටයුතු පස්සට දැමීමට සිතෙන ගතියක් ඔබට දැනෙන්නට පුලුවන්. කෙසේ වෙතත් අන් අයගේ සහයෝගය ඇතුලු සියලුම පහසුලකම් ඔබට ලැබෙනව. යන්න පුලුවන් වෙන්නෙ ඔබට අවශ්‍ය වන දුරකට


ධනු ලග්නයෙන් උපන් ඔබ 
සතිය මුල සහ මැදට වඩා සති අග යම් සහනයක් ලැබෙන සතියක්. සති අග වන විටදී ඔබේ වැඩ කටයුතු වල ව්‍යාපාර තුල යම් සාර්ථක බාවයක් පෙන්වන සතියක්, නඩු හබ වලදී පැරදිය හැකියි සහ ඉඩකඩම් වල අයිතිය පිලිඹදව අලුතින් නඩු හබ වලට පැටලිය හැකියි, වාහන සහ දේපොල වෙලඳාම් කටයුතු වලින් ඔබට පාඩු සිදු විය හැකියි. කෙසේ වෙතත් යම් තාක් දුරට සහනයක් ලැබෙන සතියක්.


මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය එතරම් හොඳ මදි බවක් තමයි පේන්නෙ. සතිය මැදදී පවුල් ජීවිතය තුල සිදුවන යම් දෙයක් නිසා සතුටට පත් වෙන්න පුලුවන්, ඒත් සති අග වෙන විට ශරීර සෞඛ්‍ය තුල යම් රෝගී ස්වභාවයක් මතු වෙන්නට පුළුවන්. මූත්‍රා රෝග, හිසේ රෝග සහ හදිසි අනතුරු ශල්‍යකර්ම වලට භාජනය විය හැකියි. ප්‍රවේසමෙන් සිටින්න. විනෝද ගමන් බිමන් තුලින්ද අනතුරු විය හැකියි, ගඟවල් වල, මුහුදෙ සහ එවැනි ස්ථාන වල බැසීමෙන් ,නෑමෙන් වැලකී සිටින්න, ආගම දමට නැඹුරුව වතාවත් තුල ජීවත් වෙන්න එවිට ඔබට යහපතක් සිදු වේවි. 

කුම්බ ලග්නයෙන් උපන් ඔබ..ව්‍යාපාර සහ අනෙකෙකු සමඟ කරන යම් ගනුදෙනුවකදී රැවිටිය හැකියි. සති මැදදී යම් මානසික වියවුලක් හටගන්න අතර සති අග වනවිට එය නැතිවී යනව , වෙනදාට වඩා පවුලේ වැඩ කටයුතු වලට කාලය ගත කරන සතියක් පවුලේ ආරවුල් මතභේද හට ගතහැකි සතියක්. කෙසේ වෙතත් තරමක් දුරට සුබ සතියක්.


මීන ලග්නයෙන් උපන් ඔබ , යම් දෙයක් අපේක්ෂාවෙන් ඔබට හිතවත්ව සිටි අයෙක් ඔබෙන් ඈත්ව යන බවක් පේනව. සතුරන් ඇතිවිය හැකියි. ඔබේ යහපත්කම, ගුණවත් බව ගැන ඉර්ශියා කරන අය ඔබට බාදා කරන සතියක්, නෑදැයන්ගෙන්.. බාදාවන් ඇතිවිය හැකියි.. ආගම දහමට අනුව ජීවත් වන්න. ඔබේ නිවැරිදි බව ඔබෙන් උපකාර ලැබූ අසරණ යයි සිතන මිනුසුන් දකිනව.  ඔවුන්ගෙන් ඔබට සහයෝගය ලැබෙනව සහ අඩු තරමින් ඔවුන් හරි ඔබේ ගුණවත් බව දකිනව

නිශාන්ත මාරසිහ
(සුබ ශක්ති ජ්‍යෝතිෂ වාස්තු සහ ශක්ති ගවේශණ මධ්‍යස්ථානය )
* කොට්ටාව, සහ *මහනුවර 0771591675




No comments:

Post a Comment