Monday, August 26, 2019

හදවතක රැඳි මතක සටහන්



කොළඹ හිටපු අපේ තාත්තයි අම්මයි දෙන්නම ගමේ යන්න ඕනෙ හින්ද කලිම්ම එකපාරම පැන්සොං ගියා හැට හයේ සැත්තෑම්බර මාසෙදී...
ඒවගෙ අය තාමත් ඉන්නවනෙ .
මිලියනයක් විතර පඩි හා වරප්‍රසාද අතෑරල.....
මොනයම්ම දෙයක්වත් බලාපොරොත්තු නොවී ලංකාවට එන්නෙ ඕනෙ තරං ......
ඒකට තාත්තලට ආසාවක් ඇතිවෙන්න ඇති . ඒකට හේතුවූ කරුණු කිහිපයකුත් අපට කීව...
ඒව එක එක .....
වෙන වෙනම ....
පෝස්ටුවල ලියන්න තරම්ම අපූරු ඒවා....
**** ලිපිය තව කියවන්න read more  ක්ලික් කරන්න***



මං වුනත් ආයිනං කීයක් දෙනව කීවත් රස්සාවලට නං යන්න බෑ කියලනෙ ගෙදර ආවෙ ....
නැත්තං මගම තමා මැරෙන්න වෙන්නෙ . .....මේ නිදහස සල්ලි වගෙද ......
ජීවිතේ කියන්නෙ සල්ලි හම්බුකරන මැසිමක් කියාල හිතන අය දැං දැං වැඩිවේගෙන යනවා තමා...
ඒත් තමුන් කැමති දේ කරගංට....
තමුන්ටම කියාල .....
ජීවිතේකුත් ඕනෙ කියාලයි මට හිතෙන්නේ ....
විස්රාම වයස විතරයි නිදහසේ ඉන්න තියෙන්නෙ කියල හිතෙන්න ඇති ඒගොල්ලංටත් ........මටත් වඩා.
මහ සල්ලිකාරයො නොවුනත් ඒ කාලෙ අපට ඕනෙ දෙයක් තිබුන .
නිකම්ම නොවේ...ඒක ඇතිකොරාගෙන තිබුන ...අපේ තාත්තා ..
කවුරුහරි අපේ ගෙදර ආවොත් උන්දැ කපෝති වෙනව .....
තේ බීල .....
බත් කාල .....
මයියොක්ක පඳුරක්..... තැඹිලි වල්ලක් ....
අඹ ... 
රඹුටන් ...
වැල් දොඩං ....
පේර ....
බෙලි ....වාගෙ අටෝරාසියක් ..
වාහනේටත් දාගෙන මිසක් යන්න හම්බුවෙන්නෙ නෑ .
තාත්තා අපිට කියාපු එක දෙයක් තමා.. ....පුතේ ...මං නැතිකාලෙක තේරෙයි...
ඒක නං එහෙමම තමා.....ඒ පරපුරත් එක්කම .. ....ඒව ගියා...
මොනව තිබුනත්....නැතත් ...
ඒගොල්ලො එක්ක බැලුවම අපි ඉන්නෙ ...කොරවෙලා....ඒක තමා ඇත්තම ඇත්ත ...
ජීවිතයේදී දෙවියො ...දේවතාවියො ...හමුවන බව දැනෙන්නේ නෑ බොහෝ දෙනාට...
ඒව දැනගන්නකොට පෙරහැර ගිහිල්ල හුඟාක් කල් ....අපේ කතාවට එමුකෝ....
ගමේ අනික් යාළුවන්ටත් අඩුවක් තිබුනෙ නෑ . අපට වාගෙම තමා...අඩු වැඩි වශයෙන් .....
ඒත් පෙරහැරක්.... දෙවොල් මඩුවක්....
වාගෙ දේකට ගිහිල්ල මහ රෑ එනකොට....
කොල්ලංට ඉතීං හොර කුරුම්බ කන්නත් ඕනෙ .බඩගින්නකට හෝ මේ ලෝකෙ ඇති වැඩකට නොවෙයි ....හුදෙක් ජොලියට...ජොමිට්‍රියට....
වෙනේකක් තියා අපේම යාළුවෙක්ගේ ගෙදරිං .......
මහ රෑ .......
එයත් එක්කම එකතුවෙලා......
හොර කුරුම්බ කඩලත් තියෙනව කීවම.....
වෙන මොන කතාද......
මිනිහෙක් ගෙදර ගහකට නැග්ගුව නං ගෙදර කුරුම්බ ඕනෙ පදං. පොල් විකුනන්නෙ කරත්ත ගනං...
ඒත් ඕකට තමා කියන්නෙ...
කොළු කාලෙ ....
හරියටම කීවොත්...
ඉලංදාරි කාලෙ......කියන්නෙ .
මං නං හරි බයයි ඔය වැඩේට නං .හදිස්සියෙ මාට්ටු වුනොත් නං ඉඳල වැඩක් නෑ මයි .
පොඩි අයියලා එක දවසක් ඔහොම කරලා ....
ගෙදර මිනිස්සු එලෝගෙන ඇවිල්ල .....
පණ එපා කියල දුවල....
පැය එකාහමාරක් විතර මහරෑ බෝක්කුවක් යට ලැගල හිටලලු....
ගෙදර ආවෙ...
පහුවදා අපට ඉල නෑ හිනාවෙලා ම..
ගෙදරට ආරංචිවුනොත් ගස් දහයක කුරුම්බ කඩෝල .....
තාත්තල අපිව කුරුම්බ වතුරෙන් එතනදිම නාවනව . .....
දන්නවනේ ඒගොල්ලංගෙ හැටි.. ....
ආයි දෙකක් නෑ...හොදි ඕන්නෑ කීවලු.....
බඩුම තමා....
ආයි දෙකක් නෑ . මැරෙනකං කුරුම්බ පෝල මිසක් පස්ස බලන්නෙ නෑ ....
බොහොම කලාතුරකිං වුනත් මාත් හොර කුරුම්බ බීල තියෙනව .....
බිමට කැඩුවොත් නං සුංම තමා .සද්දෙ ඇහුනොත් කපෝති. .....ටෝච් අරං පොලු අරං එන්නෙ...
අද වාගෙ නෙවේ....ගෙවල්වල ලයිසොං තුවක්කු ගජ රාමට තිබුන ඒ කාලෙ...
ගහේ උඩ නැගල ....
නැට්ට කරකෝල ...
බිමට දාන ගෙඩිය.... 
අතිං අල්ලන්න ඕනෙ .
නැත්තං ඩොං ගාල සද්දෙ ආපු ගමං ....බඩු තමා..
පුදුම ජොලියක්නෙ ඒකෙ තීන්නෙ ...
සමහර දාට පිහි නෑ....
පොල් ගහේ ගහල ...
කුරුම්බෙ තැරිය ගලෝල ..
කෝටුවකිං ඇනල ....
හිලක් හදාගෙනයි නේ බොන්නේ..
ඔය කිවුවට අපේ තාත්තල කොල්ලො කාලෙ හොර කුරුම්බ කැප්ටන්ල ....
ඒ කියන්නෙ ප්‍රොපෙෂනල් හොර කුරුම්බයෝ ලු...
ඒ කාලෙ ...
නවසිය විසිගනංවල මුල ....
කොයිංද කලිසං එව්ව...
සරමට උඩින් දාගන්න ...සීයගෙ පරන කළු කෝට් බෑයක් තිබුනලු..
ඒකෙ සාක්කුවක මුවාත් තියාපු කැති තලයක් දාගෙනලු යන්නේ...
සීය මැරෙනකොට තාත්තට අවුරුදු හතක්ද දහයක්ද කිව්ව මට හරියටම ගනිච්චියක් නැතුවා...
ඔක්කොටම ගස් යන්න පුලුවං වුනත් ගහට යවන්නෙ අපේ තාත්තව හරි ....
.......නිස් බාප්පව හරි විතරයිලු .
පත කුරුම්බ වල්ලක් දනහිසේ තියාගෙන.... ගහෙන් බාන්න පුලුවං ඒ දෙන්නට විතරලු .
අපේ තාත්තා ඔට්ටු තියල කුරුම්බ ගෙඩි දහයක් බොනවලු ඒ කාලෙ .
මේගොල්ලො රංචුව වත්තකට ගියොත් ඉතිං වෙන දේ හිතාගත්තැකි නේ .
දවසක්....යාළුවො කස්ටියම එක්ක.....
ගඟලඟ ...
ඒ කිව්වෙ...
ගල්ලැහැ පං විල් තිබුනු හරියෙ.....
කුඹුරක කුඹුරු කොටනකොට........
ඒ ලඟ ඉඩං අයිතිකාරයො....
මේ කරදරෙන් බේරෙන්නම බැරිතැන....
ලොකු කපු මහත්තයෙක් ගෙනැල්ල යාතිකා කරල.... පොල් ගස් ගොප් බැන්දලු .
ඒ කියන්නෙ දෙවියන්ට වෙන් කිරිල්ලක් ..
ඒ කාලෙ ( 1925 ) ඕවට මිනිස්සු හරිම බයයිලු . පණ ඇති කෙනෙක් ඕකකිං ගෙඩියක් කඩනව බොරු ලූ.....
ඒ ගස් ගොබ්බඳින්නෙ හොරෙං කුරුම්බ කන මිනිස්සුංට අතීසාරෙ හැදෙන්න....අතපය කොරවෙන්න කියාලලු....
කට්ටිය පොල්ගස් ගොබ්බැඳල ගියාලු...
අපේ තාත්තලත්....
කුඹුරෙන් ගොඩ ඇවිල්ල....
දෙවියන්ට පිං දීල ...
අපි හැමදාම හොර කුරුම්බ බොන වත්තක්නේ....
අපට නං මොකෝවත්ම වෙන්නෙපා කියල ...
වෙනද වගේම කුරුම්බ කාල .....කුරුම්බ කෝම්බ ගස් වටේට තියලම ආවලු .
ඊලඟ දවසෙ උදේ අයිතිකාර ආච්චි ඒව දැකල .....
හොරු කවුද කියල හොයාගන්න බැරි වුනත්....
මුද්‍රිත පද.......
ඔක්කොම .....
ගමටම ඇහෙන්න...
දෙසා බෑවලු .
ඒක එහෙම තමා කවදත් ....
අපේ හැටියට බලපුවාම දැං දරුවො කොච්චර හොඳද
හොර පොල් වාගෙම තමා ....පරම්පවෙන් පරම්පරාවට සමහර වෙසමුණි ගති අඩුවෙනවා...

Gamini rupasinghe
(Assistant Director at Education Department)

No comments:

Post a Comment