ජීවිතය දැකිය හැකි ජ්‍යෝතිෂය
මතුවට එන හොඳ හෝ නරක ගැන කලින් යම් දෙයක් දැනගැනීමට අවශ්‍යනම් ඒ සඳහා ඔබට ජ්‍යොතිෂය තරම් දෙයක් තවත් නැති තරම්ය. ඒ හා බැඳුනු වාස්තු විද්‍යාවත් ඒ තරමටම වැදගත් යයි කිව හැක. ඔබ ගිහින් ඉදිරියේ ඉඳගත් පසු ඔබට පෙරමගදී හමු වූ දේ පවා කියා නැති වූ දේ ගැනද කියා එය ඇති තැන පවා කියන නිමිති ශාස්ත්‍රයද මින් අයින් කල නොහැක. මේ අතර තව බොහෝ ආකාරයේ ශාස්ත්‍ර ක්‍රම ඇත. කලකට පෙර උගුරේ යමක් සිර වුනු අයට උගුර සෝදන්නට වතුර දී එම සිරවූ දෙය ඉවතට ගන්නා මහත්මයෙක් මා දැන හැඳින සිටියෙමි. නිවස පසු පස තිබුණු පහන් පැල වෙත ගෙන ගොස් යම් දේවතාවන් වහන්සේ නමකට ගාථාවන් කීපයක් කියා ඔහු ඒ කාර්ය කරනවා මා දුටිමි. එවකට මාගේ පුතාට වසර ගණනක සිට සුව නොවෙන උගුරේ පැටලවිල්ලක් කැස්සක් තිබුණි. ඔහු උගුරෙන් දත් මදින බුරුසුවක කෙන්දක් අරන් පෙන්විය, මා පුදුමයට පත්විය. මාගේ අත්ලෙහි ඇනුන වීදුරු කැබැල්ලක් වරෙක සුලු ශල්‍යකර්මයකින් ඉවත් කලද, පසුවත් එය එලෙසම එතන තිබුණු බවක් මට දැණුනි. දින හතක වගේ කාලයකදී මේ මහතා දුන් තෙල් පුලුන් කැබැල්ලක් පොඟවා එතන අලවා තිබීමෙන් වීදුරු කැබැල්ල එතනින් මතු විය. අද ඔහු මිය ගොස්ය. ඒ ශාස්ත්‍රය එතනින් නිමා විය. ඔහුගේ කාර්‍යාලය ලඟින් යනවිට අදටත් මා නිහඬව ඔහුට පින් අනුමෝදන් කරමි. ඔහුව මුණගැසීමට පැමිණ සිටින මිනිසුන් අද එහි නැත. ඔහු සිටි ගොඩනැගිල්ල අද නවීකරණය වී හෝටලයක් බවට පත්ව ඇත. යම් යම් ආරෝපන, ආරූඩ , වරම්, වැනි දේව- යක්ෂ මන්ඩල සමඟ එක්ව කරන කටයුතු තුලින්ද ධ්‍යාන, සිද්ධි බල, කුණ්ඩලනී වැනි තමන් විසින් උපදවා ගත් ශක්තීන් තුලින් ද හස්ත රේඛා අ0ග ලක්ෂන බඳු තව බොහෝ ශාස්ත්‍ර තුලින්ද කරන කියන දේ කිසි සේත් සුලුපටු නොවේ. ඉතින් ඔබගේ ඉදිරිය බැලීමට ඔබට සහනය ලබා ගැනීමට කොතෙක් නම් ශාස්ත්‍ර ක්‍රම ඇත් දැයි බලන්න.
මා අද ඔබට ගෙනෙන මේ ලිපියේ එන කතා අතර, මගහැරුණ සහ අතර මගදී නතර වූ කතාත් ඇත. මෙය ඔබට ගෙන ඒමට හේතුව ජ්‍යෝතිෂය තුලින් පෙනෙන දුර ඔබට පෙන්වීමටය. එයින් පෙනෙන කර්මයේ පල දීම ඔබට පෙන්වීමටය. එමෙන්ම උපදවා ශක්තීන් තුලින් ලොව දෙස බැලීම සහ එයින් පෙනෙන ඉදිරිය ගැන යම් අදහසක් ඔබට ලබා දීමටය. “මව්බිම’ පුවත් පතෙහි “පලාපල” කොටසෙහි පලවූ ලිපියකින් මා ගැන දැන ගෙන කොට්ටාවෙ පිහිටි “සුබ ශක්ති ජ්‍යොතිෂ / වාස්තු විද්‍යා සහ ශක්ති ගවේෂණ මධ්‍යස්ථානයට” දිනක් මා මුණගැසිමට යුවලක් පැමිණීය. මුලින්ම කාන්තාවගේ කේන්දර සටහන මා අතට පත්විය. කලින් බවයක කල පාපයක් නිසා ඇයට රෝග පීඩා වැළඳී ඇති බවත් රෝගය සම්බන්ධව ඉදිරියේදී ශල්‍යකර්ම කීපයක්ම කිරීමට සිදුවන බවත් මා ඔවුන්ට පැවසීය. ශල්‍යකර්මයක් සඳහා මේ වෙනකොටත් දින වෙන් කරගෙන ඇති බවත් මා කියූ හැමදේම සත්‍ය බවත් ඇය පැවසීය. ඇති වූ විශ්වාසය මත මහත්මයාගේ කේන්දරයද බලන්න සිතුණු බව පවසා එයද මා වෙත පිළිගැන්විය . ගුරුවරයෙක් හෝ විදුලපතිවරයෙකු විය යුතුයයි මා ඔහුට පැවසීය.
“ ඔව් මම තාක්ෂණික විදුහලක උප විදුහල්පතිවරයෙක්.”
“ලොකු දැනීමක් තියෙන්ව ඔබට යම් යම් දේ ගැන.”
“ඔව් මට පේටන් බලපත්‍ර කීපයකුත් තියෙනව.”
“වයසට වඩා වගකීමකින් ඉන්න පුද්ගලයෙකු වගෙයි ඔබ පේන්නෙ, වැදහත් කාරණය මේකයි, මහත්තයට රෝගයක් තියෙනව.”
“මොකක්ද?”
“පිලිකාවක්.”
“එහෙමනම් මොනවත් දැනෙන්නෙ නැහැ මට."
“කොහෙද තියෙන්නෙ.?” “තුනටියට ආසන්නව, යටිබඩ ප්‍රදේශයේ.”
“හ්ම්ම්.. මම ඉන්නෙ විද්‍යාව තාක්ෂණය එක්ක. නෝනගෙ බලකිරීමට මේ ආවෙ. නෝන ගැනනම් ඔබතුමා කියපුව සේරම හරි. අපි හිහින් එන්නම්. ගාල්ලට යාගන්නත් ඕනෙනෙ.”
හරියටම මසකට පසුව ඔවුන්ගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණි.
“මහත්තය අපි ගාල්ලෙන් ආව කට්ටියක්.”
“මම දන්නව කියන්න. අර අපේ උපවිදුලපති මහත්තයගෙ නෝනනෙ මේ.”
“ඔව් ඔව්. අනේ බලන්නකො.”
“ඇයි ඇයි?,”
“මටයි වෙන්න තිබුණෙ, එයාට වෙච්ච දේ බලන්නකො.”
“මොකක්ද වුනේ.?”
“එදා ඔහෙ ඉඳන් එද්දිත් කිය කිය ආවෙ, මට ඕව නැහැ කියල. බලන්නකො උන ගැණුන , ඇවිදින්න බැරි වුනා, තුනටිය දෙපැත්ත රිදෙනවයි කිවුව, අද චෙක් කලා, පිළිකාවක්ලු. දැන් ඇඳේ ඉන්නෙ. ජීවිතේත් විශ්වාස නැහැලු. අනේ මහත්තය උදව් කරන්නකො”
සතියකට පසුව යලි ඇමතුමක් ලබා දුන් ඇය පැවසුවේ එදින අපේක්ෂා රෝහලේ පැය කීපයක ශල්‍යකර්මයකට මහත්තයා මුහුණදෙන බවත් මා මුණගැසීමට එන්න දන්නෙ නැති නිසා, කුමක් හෝ ඔහු වෙනුවෙන් කරන ලෙසටත්ය. එයින් පසු ඔවුන් මා ඇමතුවේ නැත. මා ඔවුන්ට මේ දේවල් පැවසූවේ ඔහුගේ කේන්දර සටහනට අනුවය, යම් හෝ පමණකට සෙතක් ශාන්තියක් ලබා ගැනීමට ඔහුට තිබුණ අවස්ථාව ජොයෝතිෂය ගැන ඔහු තැබූ අවිශ්වාසය සහ ඔහු විසින් තාක්ෂණය සහ ජ්‍යෝතිෂය අතර ගොඩනගාගෙන තිබූ තර්ක හේතුවෙන් ඔහුට මගහැරී ගොස් තිබුණි. උවමනාවට වඩා අභිමානයක් ඔහුට ඔහු ගැන තිබූ නිසා ඉන් යම් ප්‍රමාණයකට හෝ ගැලවීමට ඔහුට නොහැකි විය.
“මව්බිම” පුවත්පතෙහිම පලවූ ලිපියක් කියවා මා වෙත දිනක් තරුණියක් පැමිණියේ මාමා යයි කියූ කෙනෙකුද සමඟය. අධ්‍යාපණය පිලිබඳ දක්ෂථාවයක් ඇති කෙනෙකු බවත්, නායකත්වයක් හිමි වුවත් මනසෙහි පවතින යම් අඩුපාඩුවක් දුර්වල කමක් නිසා කරන කියන වැඩ කටයුතු අසාර්ථක බවත් මා පැවසීය.
“ඔව් මට උපාධියක් නම් තියෙනව.”
උසස් ආයතනයක රැකියාව කරණ බවත් ඇය පැවසීය, අවුරුදු 32ක් පමණ වූ ඇයට ගර්භාශයේ ගෙඩි හට ගන්න බවත් විවාහ ජීවිතය අසාර්ථක වන බවත්, එයට හේතුව පෙර බව වලදි මවට බොහෝ හිරි හැර, දුක් පීඩා දී ඇති නිසා බව සහ ඇයට මවක් විය නොහැකිවන ලෙස මේ නිසාම දේව ශාපයක් ඇති බවත් මා ඇයට පැවසීය. මියගිය මවගේ මවගෙන් පීඩාවක් ඇති බවත් පළමුවෙන් ඒ බලවේගය අයින් කර පසුව විවාහ දෝෂ හා ගර්භාශයේ දෝශ අයින් කල යුතු බවත් මා ඇයට පැවසීය. ඒ සඳහා අවශ්‍ය පූජාවල් කර ප්‍රේතයෙක්ව සිටින ආච්චිට පින් පමුණුවා නැවත පැමිණෙන ලෙසට මා ඇයට උපදෙස් ලබා දී පිටත් කර හැරියෙමි. සියල්ල අසා සිට පිටත්ව ගිය ඇය සතියකින් පමණ මාව දුරකථනයෙන් ඇමතීය.
“මහත්තය මම අර මාම එක්ක ආවෙ.”
“ඔව් මම දන්නව…”
“මහත්තය කියන්නෙ මට අරකිට පින් දෙන්න කියලද.?.. මම ඕකිට පින් දෙන්නෙ නැහැ. ඕකි ඉන්නකනුත් මාත් එක්ක තරහයි, ඕකිට මම පින් දෙන්නෙ නැහැ.”
මා කිසිත් කීමට පෙර ඇය දුරකතන විසන්දි කලේය. ඇයගේ කතා විලාශය සහ ආච්චිත් සමඟ තිබෙන වෛරය ගැන මා සිතේ අප්‍රසාදයක් ඇති විය. ඇය සිටින නිවසත් මට මතක විදිහට ආච්චීගෙන් ලැබුණු දෙයකි. මේ මස මැද හරියේ දිනක මා රූපවාහිනී පුවත් නරඹිමින් සිටින අවස්ථාවක ඈ යලිත් මට දුරකතන ඇමතුකින් කතා කලේය.
“අනේ මහත්තය මතකද දන්නෙ නැහැ මාව, මහත්තයට පින් සිද්දවෙන්න ඕන. ඔය කරන ඒව හිටන් වැඩි දියුණු වෙන්න ඕන. අනේ මට උදව් කරන්න. මම ආව දැන් අවුරුද්දකට විතර උඩදි මාම කෙනෙක් එක්ක.”
“මට තව දවස් දෙකකින් ගන්න. රෑ 7ට විතර.”
“හොඳයි.”
ඈ එදින රාත්‍රී 7ට මා ඇමතීය
“මහත්තය මම මේ ළඟදි කතා කලේ. අනේ මට හැමෝම බොරු කලා, හැමෝම, මහත්තය විතරයි ඇත්ත කිවුවෙ. මහත්තය කිවුව විවාහය අසාර්ථකයි කියල, ගර්භාශයේ ගෙඩි එනව කියල, ඒව ඔක්කෝම හරි, අනේ මට ඔපරේශන් එකට එන්න කියුව. මාව බේරගන්නකො මහත්තය. ඔහෙ ඉඳන් මොනා හරි කරන්න, මට එන්නත් බැහැ දුරයි, මාම බනිනව යන්න බැහැ කියල, මට මහත්තය හම්බ වෙන්න දිනයක් දෙන්නකො ලඟ දිනයක්,”
“නෝන කලින් මට කෝල් එකක් අරන් කිව්වනෙ ආච්චිට පින් දෙන්න බැහැ කියල. ඕකිට , ඕකිට කියල බැණ බැණ.”
“මහත්තය එයාගෙ හැටියට මම….”
“ඉතින් ඔයාට ඒක ඔයා කැමති විදිහකට කරගන්න තිබුණනෙ. මට කියල පෝන් එක තිබ්බෙ මොකටද.?”
“අනේ මහත්තය මට සමාවෙන්න. මම ඔහෙ ඇවිල්ල නතර වෙලා ඉඳල හරි එන්නම් මට දිනයක් දෙන්න.”
මා කලින් කේන්දර සටහන බලා කියූ දෙයක් දැන් සත්‍යක් බවට පත්ව ඇත. නමුත් ඇගේ තිබෙණ උගත් කම නිසා සහ ආච්චිට පින් දෙන්නට තරම් කාරුණික සිතක් ඇයට නොවූ නිසා ඇයට ගැලවෙන්නට නොහැකි විය. ඇය විනාශය කරා යමින් සිටී.
තවත් දිනක මා මුණ ගැසීමට අවුරුදු 18ක පුතෙකු මව පියා සමඟ පැමිණ තිබුණි , වාරය ආ පසු කේන්දරය ඉදිරිපත් කල ඔහුට ඔහු ගැන කියන්නට මා හට සිතුනේ නැත. ඒ ඔහු ගැන දුකක් මා සිත තුල ඇතිවූ නිසායි.
‘අපි මේ කේන්දරේ එක පැත්තක් ගැන කතා කරමු. ඔයාට ඉන්න හිටින්න ලොකු සැප සම්පත් වලින් පිරුන නිවාස, මෙහෙකරුවො සේවකයො ඉන්නව, යාන වාහන ,...”
“එපා මහත්තය ඕක හැමෝම කියනව. මොකක්ද අනිත් පැත්ත .. ඒක කියන්න. ඒකයි අපිට දැන ගන්න ඕන.”
‘කමක් නැද්ද?.” “කමක් නැහැ.”
“මේ දරුවට ලෙඩක් තියෙනව.”
“හ්ම්ම්.. මොකක්ද.”
“පිළිකාවක්.”
“කොහෙද.”
“පපුවෙ, හර්ද වස්තුවෙ, ලොකු බිබිලි වගේ මොනව හරි දෙයක් වගේ මට පේන්නෙ.”
“හරි.. හර්ද වස්තතුවේ ගෙඩි තමයි, අපි මෙයාව ඉන්දියාවෙත් ගෙනිහිල්ල මේ ගෙනාවෙ, ඇයි මහත්තය එහෙම වෙන්නෙ.”
මම ඔහු කලින් බව වල් කර ඇති පාපයන්, සත්ව ඝාතනයන් සහ නිවන , මෝක්ෂය සොයා ගිය අයට කර ඇති බදාවල් ගැන කියා දුන්නා.
“මහත්තය විතරයි ලෙඩේ ගැන කිවුවෙ. අනේ අපි කලින් ආවනම්.”
මෙතරම් දෙයක් කියලවත් ඔවුන්ට එයින් යම් පමණකට හරි සහනයක් ලබා ගන්න ඒ දරුවව දේව ශාප වලින් මුදවන්න . ඔවුන් මා මුණගැසීමට නැවත පැමිණියේ නැහැ. සතියක් පමණ දුරකථනයෙන් සම්බඳ වූවත් එය එතනින් නතර වූවා. මේ සියලු සිදුවීම් වලදි ඔවුන් නිවැරිදි තැනට ආ නමුත් ඒ සඳහා අවශ්‍ය පිළියම් කිරීමට ඔවුන් අසමත් වුනා. ඒ සමහර විට ඔවුන්ගේ තර්කානුකූල බුද්ධියෙන් ජ්‍යොතිෂය නිවැරිදි බව ඔවුන්ට තේරෙන්නට ඉඩ නොදුන් නිසා විය හැකියි. නැත්නම් ජ්‍යොතිෂය , වාස්තු, නිමිති ශාස්ත්‍රය මා කලින් කියූ ශාස්ත්‍ර සහ අත් පත් කරගත් ශක්තීන් ගෙන් කෙරෙන දේ ගැන කිසිත් පරීක්ෂණයක් නොකල ඔවුන් දන්නා කෙනෙකුගේ උපදේශයක් නිසාත් විය හැකියි.
මෙවැනි තව බොහෝ අත්දැකීම් මා සතුව ඇතත් ලිපිය අවසන් කිරීමට කලින් පාඨක ඔබට අත්පත් කරගත් ශක්තීන් තුලින් දැකිය හැක්කන් කුමක්ද කියා යම් අවබෝධයක් ලබා දෙන්න මේ සිදුවීමත් ලියන්නට සිතුනා. සති තුනකට පමණ පෙර කාන්තාවක් මට දුරකථනයෙන් ඇමතීය. නමුත් මට ඇයට කතා කිරීමට අවස්ථාවක් දීමට නොහැකි විය, ඇය හතර පස් වතාවක් මා කියූ වෙලාවන්ට කතා කලද කුමන හෝ කාර්යක මා ඒ අවස්ථාවන් වල නියලී සිටි නිසා අවස්ථාවක් දීමට නොහැකි විය. දිනක් මා නිවසින් බැහැරව ගොස් නැවත නිවස වෙත එන විට ඇය මා ඇමතීය.
“හොඳයි නෝන තව පැය භාගයකින් කේන්දරේ අතේ තියාගෙන මට ගන්න.” මා නිවසට විත් වෙනත් අවශ්‍යථාවයන් තිබුණද ඇගේ ඇමතුම බලාපොරොත්තුවෙන් සිටියෙමි.
“මහත්ත්ය අර මට ගන්න කියුවෙ.”
“හොඳයි කේන්දරේ එක කොටුවේ ඉඳන් කියාගෙන යන්න.” ඇය කියාගෙන ගියා.
“නෝනට ආතරයිටිස් වගේ රෝගයක් හැදෙනව. ඇවිදින්න කරන්න බැරි වෙනව එක්තැන් වෙනව. දවසක මාව මුණගැහෙන්න එන්න.”
“අනේ මහත්තය මට හරි බයයි. දැනටමත් ඒ අපහසුතා තියෙනව, ඇවිදින්න කරන්න අමාරුයි. මට බයයි දැන් ඉතින්. මොකෝ මහත්තය දෙයක් කියුවොත් ඒක වෙනව.”
“හ්ම්ම්..”
“ඇයි දන්නවද මම එහෙම කියුවෙ, මේ දවස් ටිකේම මම මහත්තයට කතා කලේ මගේ කේන්දරේ බලා ගන්න නෙවෙයි. ඒකට මම ඔබතුමාව මුණගැහෙන්න දැන් අවුරුදු තුනක් ඉඳන් එන්න උත්සාහ කරණව. මහත්තය මම මේ කියන්න යන කතාව අහන්නකො. මහත්තයව මම දන්නෙ මහත්තයත් එක්ක භාවනා කරපු මගේ යාලුවෙක්ගෙන්. මම දැනට අවුරුදු තුනකට කලින් මහත්තයට කතා කලා. එවෙලෙ මහත්තය අපේ ගෙදර ඔක්කෝම විස්තර කිවුව ඔහෙ ඉඳන්. ඒ කරල මහත්තය කිවුව මම ඔයාල ගැන නෙවෙයි අද කියන්නෙ එහා ගෙදර කට්ටිය ගැන කියල. ඒ ගෙදර ඉස්සරහ ජෑම් ගහක් තියෙනවද ඇහුව. අපි ඉතින් ඔව් කිවුව. මහත්තය ඇහුව ඒ ගෙදර තරුණ ගෑනු ළමයෙක් ඉන්නවද කියල. ඔව් කිවුව අපි. ඉස්සරහ තියෙන ජෑම් ගහේ අමනුෂ්‍යෙක් ඉන්නව ඒක ඒ ගොල්ලො කපන්න යන්නෙ. කපන්න එපා කියන්න කිවුව. කැපුවොත් අර ගෑණු ළමය මැරෙයි කියල. අපි ඉතින් කොහොමද මහත්තය ඕක කියන්නෙ, අනික ඒ ළමය එවෙලෙ බඳින්න සූදානම් වෙලා හිටියෙ. මහත්තය මේක කියල දැන් අවුරුදු තුනක් විතර ඇති. මේ ලඟදි ඒ අය ඒ ජෑම් ගහ කැපුව මහත්තය. ඒ ළමය සතියක් වත් හිටියෙ නැහැ මැරුණ. පව් ළමයි දෙන්නෙකුත් ඉන්නව. අපිට ඒක ඒගොල්ලන්ට කියන්න බැරි වුනා. කිවුවොත් ගණන් ගයිද කිය හිතල.
නැවත නැවත ඉපදෙමින් මිය යන සත්වයාට වර්තමානයේදී තම තමන් කල කී පව් සහ පින් පලදෙමින් තිබේ. ඉතින් පින් නම් කොතෙක් උවද කම් නැත. ඉන් ඔබට සැපයක් ලැබේ. නමුත් ඔබගේ පාපයන් නිසා ඔබ දුකට වේදනාවට පත්වේ.. අසරණයෙකු බවට පත්වේ..ලෙඩෙක් රෝගියෙකු බවට පත්වේ. අපේක්ෂාවන් ඉටු නොවන්නෙක් බවට පත්වේ. ඔබ මිනිසෙකු බැවින් ඔබට එයින් මිදීමට, කර්මය යටපත් කර ගැනීමට ජ්‍යොතිෂ්යේ සහ මා ඉහත කී බොහෝ ශාස්ත්‍රවල පිහිට සහ අත්පත් කර ගත් ශක්තීන් ඇත්තන්ගේ අනුග්‍රහය ලබා ගතහැක. ඉතින් එය සොයා යන්න ඔබට සහනයක් ලැබේවි, නිවැරිදි වෙන්න පුලුවන් වේවි. හමුවෙමු යලිත් සත්‍ය කතාවක් තුලින් ඔබ සැමට යහපතක්ම වෙත්වා...!
නිශාන්ත මාරසිහ
සුබ ශක්ති ජ්‍යෝතිෂ, වාස්තු හා ශක්ති ගවේශණ මධ්‍යස්ථානය
Comments
Post a Comment