Monday, September 2, 2019

සතියේ ලග්න පලාපල 2019- 09- 02 සිට 08 දක්වා.



මේෂ ලග්නයෙන් උපන් ඔබ දිගින් දිගටම ඔබේ බලය ජවය බුද්ධිය නිර්මාණශීලී බව තුල වැඩකටයුතු කරගෙන යනව.. ඔබේ කාරණා අභිමතාර්ත ඉශ්ඨවෙන සහ ජය ගත හැකි සතියක් බොහෝ දුරට එය ජයගත හැකියි.. නමුත් ඔබතුලින් නිවැරිදි සාධාරණ දේ සිදු නොවන බවකුත් යම් පමණකට පෙනෙනව. ඔබේන් සහෝදර සෝදරියන් හෝ එවැනි හිතවත් අය ඈත්විය හැකි කාලයක්, අන් අය සමඟ වැඩ කටයුතු කරගෙන යාමේදී යම් පමණකට ගැටළු මතු විය හැකියි. විශේෂයෙන් විරුද්ධ පාක්ෂවයෙ අය සමඟ. දුර දිග නොබලාකරන වැඩ කටයුතු නිසා අන් අයගේ අප්‍රසාදයට, සහ ශාප වලට ලක් විය හැකියි. 


වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සතිය තුල විදේශ ගමන් බලාපොරොත්තුව සිටියානම් ඒ වැඩකටයුතු සාර්ථක වෙනව, ගමන් බිමන් සහ දුර බැහැරට ගිහින් හෝ තැනින් තැන ගොස් කරන ව්‍යාපාර සහ රැකියා කටයුතු සාර්ථක වෙනව. පවුල් ජීවිතය තුලත් යම් සාර්ථකභාවයක් පේනව, නිවාස ඉදිකිරීම් සහ මිලදී ගැනීම් වලට සුබ කාලයක්, පවුලේ අයත් සමඟ ආගමික කටයුතුවල යෙදීමෙන් දෙවියන් දේවතාවන් වැඳ පුදාගෙන යහපත් දේ ප්‍රාර්ථනා කිරීමෙන් අභිමතාර්ත ඉශ්ඨ කර ගත හැකියි. ස්නායූ ආබාද දීර්ග කාලීනව සුවනොවන නිදන්ගත් රෝග හට ගත හැකියි..  ශිව දෙවියන්ට වැඳ කලින් බව වල කල යම් පාපයක් ඇත්නම් සමාව අයද සිටින්න.
*** ලිපියෙ ඉතුරු ටිකත් කියවන්න Read More ක්ලික් කරන්න ***





මිථුන ලග්නයෙන් උපන් ඔබ මේ කාලය තුල යම් පමණකට ඔබෙන් කල යුතු කාරණා කටයුතු මගහැරෙන බවක් පේන්නෙ.. නමුත් යම් පමණකට එය මේ සතියේ මුල සහ මැද යන කාල වලදී වෙනස්ව යනව. ඔබේ මවගෙන් හෝ ඔබ ගැන ඒ ලෙස දන්න හිතවත් අයෙකුගෙන් අවවාදයක් ලැබුනොත් එය පිලිගන්න. ඔබේ හැකියාවන් ,දැනුම- බුද්ධිය තුලින් වැඩක් අරගෙන වැඩකටයුතු වල නිරතවෙන්න උත්සහ දරන්න. මොකද ඔබෙන්, ඔබට අවශ්‍ය දේ- ඔබට ඉදිරියට උවමනා වන දේ- ගැන ඔබේ හිතට එන්නෙ නැති බවක් සහ ඔබෙන් එය මග හැරෙන බවක් පේන්නෙ.. පාසැල් යන අධ්‍යාපනය ලබන දරුවන්ව වැඩිහිටියන් විසින් ඒ සඳහා බල කිරීම් තුලින් හෝ යොමු කරන්න. සෙම් රෝග ස්වසන ආබාද හට ගත හැකියි.

 කටක ලග්නයෙන් උපන් ඔබ..නිර්මාණශීලී බව බුද්ධිය දැණුම ශක්තිය ජවය සහ යහපත් බව ගුණවත් බව ඔබ ලඟ මේ දේවල් කොපමණ තරමකට තිබේද එපමණ පමණට ඔබට වැඩ කටයුතු කරන්නට- සාර්ථක වන්නට- පුලුවන් ඉතා හොඳ සතියක්..ඒ දේවල් සාර්ථක කර ගන්නට, කලින් බව වල කල පින්ද මතුවී දෙවි දේවතාවන්ගේ පිහිට ලැබෙන සතියක්. ඉඩකඩම් යාන වාහන මිලදී ගැනීමට- ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන අයට හොඳයි.. ණයට යමක් දෙනවානම් හිතන්න නැවත එය ගැනීමට අපහසු වන්නට පුලුවන්. ඒ වගේම ඔබේ වැඩකටයුතු වලට අදාල නැතැයි ඔබ හිතන අයගෙන් යම් බාදාවල් ආ හැකියි. ඒ පරණ පවක්.. ශිව දෙවියන් වැඳ පුදා ගෙන එයට සමාව ගත යුතුයි.


ඔබ සිoහ ලග්නයෙන් උපන් කෙනෙකු නම්...මේ සතියත් ඔබට සුබයි. ඔබේ ශක්තිය, දැනුම, බුද්ධිය, නිර්මාණශීලීත්වය මත යම් යම් දේ රැකියාව තුලත් ව්‍යාපාර තුලත් ඔබ සිටින සමාජය තුලත් ජයගත හැකිවන සතියක්.නිවාස ගේදොර යාන වාහන වලට යම් කිසි වියදමක් දැරීමට සිදුවිය හැකියි, ඉඩම් වල ආරවුල් හට ගත හැකියි, නඩු හබ වලට පැටලිය හැකියි,බාදාවන් හැටියට පෙනෙන්නේනම් එවැනි දේවල්. වෙනදාට වඩා ආගමට දහමට යොමුවන සතියක් සහ දේව වන්දනා ශාන්ති කර්ම සහ ගුප්ත කටයුතු වලින් එවැනි දේ තුලින් පල ප්‍රයෝජන ගත හැකි සතියක්. 


කන්‍යා ලග්නයෙන් උපන් ඔබ හිතට යම් තාක් දුරකට සහනයක් ලැබෙන සතියක්, කරන වැඩ කටයුතු වලත් යම් සාර්ථකත්වක් දකින්න පුලුවන්..ටික කලක ඉඳන් එතරම් සුබ නැති බවක් තම යි මා ඔබට පැවසුවෙ. කන්‍යා ලග්නය සැප්තම්බර් 9 වනදායින් පසුව යම් තාක් දුරකට වෙනස් වෙනව,මේ ඒකාකාරී ස්වභාවය.. ඉතින් සොර සතුරු උපද්‍රව වලට ලක් විය හැකියි. මිල මුදල් නැති නාස්ති විය හැකියි.. ඔබේ ශරීර සෞඛ්‍ය තත්වය තුලත් යම් යම් හිස සම්බඳ රෝග, ලේ වල දෝෂ, මුත්‍රා රෝග, ශල්‍ය කර්ම වලටද ලක් විය හැකියි, සහ සතුරන්ද ඇතිවිය හැකියි, රණ්ඩු සරුවල් හෝ එවැනි දේ වලට මැදිහත් වීමට සහ ඉන් පරාජය ලැබීමටත්තියෙන බවක් පේනව.

තුලා ලග්නයෙන් උපන් ඔබට...යම් යම් දේ ලැබෙන කාලයක්. පැරණි ගෘහ භාන්ඩ රත්තරන් මුතු මැනික් වගේ දේවල් ලැබෙන්න සහ එවැනි ව්‍යාපාර වලින් ලාබ ලැබිය හැකි සතියක්. ආගමට දහමට නැඹුරු වෙන්න සහ ජීවිතය කුමැක්දැයි ඔබට දැනෙන, සසර ගැන යම් අවබෝදයක් ලබන්න පුලුවන් පැරණි පිනක් මතු වන කාලයක්. එක් එක් මට්ටමේ තරාතිරමේ උදවියගෙන් උදව් උපකාර සහයෝගය ලැබිය හැකි සතියක්. විදේශ ගමන් තුලින් සoචාරය කරමින් යෙදෙන ව්‍යාපාර වලින් ලාබ ලැබිය හැකියි. 

 වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ මේ සතිය තුලත් ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව, ධෛරිය, ශක්තිය සහ වාසනාව තියෙනව. අවශ්‍ය අයගෙ උදව් උපකාර සහයෝගයත් ඒ සඳහා නොඅඩුව ලැබෙනව. ඒත් ඔබ තුල යම් උදාසීන කමක් තියෙනව කියල කලින් සති දෙකෙත් ඔබට කිව්ව.. ආගම දහමට ඔබේ සිත තුල පෙරට වඩා නැඹුරුතාවයක් ඇති වෙනව. දෙවි දේවතාවන්ගේ ඇල්ම බැල්ම ඔබ වෙත ලැබෙනව. සති අග දවස් දෙක තුල ඔබ පූජනීය ස්ථානයකට ගොස් බෝධි පූජා පවත්වා.. විෂ්ණු දෙවියන්ට පත්තිනි මෑණියන්ට  පූජාවල් පවත්වා යහපත උදාකර දෙන ලෙස ඉල්ලා සිටින්න .. දෙවියන්ගේ උපකාර ඔබට ලැබෙයි.



ධනු ලග්නයෙන් උපන් ඔබ ඔබේ ලග්නය තුල කේතු සහ ශනී ග්‍රහ තුමා දිගින් දිගටම රැඳී සිටීම යම් තාක් දුරට ඔබට බාදාවක්ව තිබෙනව.ඔබේ කලින් බව වල කල පව් පලදෙන බවක් තමයි පේන්නෙ ඒ නිසා නිරෝගීභාවයේ අඩු කමක්, යම් යම් අහිමි වීම් සහ කලකිරීම් ඇතිවන කාලයක්. විවාහ ජීවිතය තුලත් නොගැලපීම්, හැරයාම් අසාර්ථක වීම් පෙන්වන සතියක්. අන් අයගේ උපකාර යම් තරමකට ලැබෙනව. ගුප්ත කටයුතු වලින් එවැනි ශාන්ති කර්ම වලින් පල ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකියි. එවැනි දේ තුලින් පාඩු , ලෙඩ රෝග සහ නැති දෝෂ හට ගත හැකියි. යම් යම් දේ ගැනීමට ගොස් සිරගත වීමටද හැකියි. 


මකර ලග්නයෙන් උපන් ඔබට   යම් රෝග පීඩා අනතුරු විය හැකි සතියක් සතිය පුරාවටම විමසිලිමත්ව සිටිය යුතුයි. ශරීරය පුරා නොයෙකුත් තැන් වල ලෙඩ රෝග හට ගත හැකියි. ස්නායූ දොෂද ඇතුලුව, ආගම දමට නැඹුරුව පින් කම් කිරීමෙන් දෙවියන් පිදීමෙන් යම් තාක් දුරකට සහනය ලබා ගත හැකියි. බෝධි පූජා තබා දෙවියන්ට මලගිය අයට පින් දීමෙන්, නැති බැරි අයට යමක් පරිත්‍යාග කිරීමෙන් මේ තතවයෙන් මිදිය හැක. ගමන් බිමන් යාමේදීත් ප්‍රවේශම් විය යුතුයි අනතුරු සිදු විය හැකියි.



කුම්බ ලග්නයෙන් උපන් ඔබ..ආදරය ප්‍රේමය වැනි කාරණාවලදී පරාජිතයෙකු විය හැකියි, අනෙකාට ඔබව රැවටිය හැකියි සහ ඔවුන් ඔබෙන් ඈත් විය හැකියි. පවුල තුලත් එකිනෙකා අතර නොරිස්සීම්, අනෙකාගේ අදහසට ගරු නොකිරීම, මතබේද, හැල හැප්පීම්, අනවසර බැඳීම් මේ වගේ දේවල් හට ගත් හැකියි. ආර්ථික ගැටළු වලට සති මැද හා අග වන විට යම් සහනයක් ලැබෙනව.. වරම්, ශාස්ත්‍ර, ශාන්ති කර්ම කරන අයට, ගුප්ත කටයුතු වලින් වැඩ කරන සහ කරගන්න අයට ඒවා තුලින් ජයග්‍රහන සහ ප්‍රයෝජණ ලබා ගත හැකියි.

මීන ලග්නයෙන් උපන් ඔබ , ඔබ සතුරන්ගෙන් ආරක්ෂා විය යුතුයි.මේ වෙලාවෙ හදිසි තීර්ණ ගෙන අවශ්‍ය නැති අය සිටියත් ඔවුන්ව සතුරන් කර ගැනීමට ඉක්මන් නොවිය යුතුයි. උන් හිටි තැන් වලින් පදින්චිය මාරු කරන්න සිතෙනවානම් ඒ ඔබ අරන් තියෙන තීරණ නිවැරිදියි. සැලකිය යුතු තැනක නොසිටියද ඔබේ සතුරා බලවත් විය හැකියි. රණ්ඩු සරුවල් ආරවුල් වලට මැදිහත් වීම සහ ඒවා ඇතිකර ගැනීමෙන් වැලකී සිටිය යුතුයි.. ඔබ පරාජය වන නිසායි මා එසේ කියන්නෙ, කවදා හෝ ඔබට ඔවුන් දිනිය හෝ පරාජය කල හැකියි.. මේ මොහොත මා කියූ දෙයින් වැලකී සිටින්න. සති අග වන විටදී.. අර්ථික ප්‍රශ්ණ විසඳී යනව, සහ දෙවියන් බුදුන් වැන්දීමෙන්, යහපත සැනසීම ලැබෙනව















 

No comments:

Post a Comment