Monday, September 9, 2019

සතියේ ලග්න පලාපල 2019-09-09 සිට 15 දක්වා


සිකුරු නීච කන්‍යාවට ඒම ඔබට කොහොමද...?

සිකුරු 2019 සැප්තැම්බර් මස 10 වෙනිද අලුයම 2.10 ට කන්‍යාවට එනව.  එයාට නීච රාශියකට, 11 වෙනිද අලුයම 4.35ට බුදත් සිoහ රාශියෙන් කන්‍යා රාශියට එනව ඒ බුදගෙ උච්ච රාශිය, දවසකට පමණ කලින් එම රාශියට ආ සිකුරු එහි නීච වෙමින් සිටිනව. සිකුරට මිත්‍ර වූ බුද තම උච්ච රාශියට පැමින ඇති බැවින්, සිකුරු පත්ව ඇති මේ නීච භාවය නීචභoගයක් බවට පත් වෙනව. ඉතින් සැප්තැම්බර්  29 වෙනිද දහවල් 12.29ට බුද කන්‍යාවෙන් තුලාවට යනව. නැවත සිකුරු නීචව කන්‍යා තුල රැඳී සිටිනව. දින 6ක් පමන එසේ සිට ඔක්තෝබර් 4 දින අලුයම  4.42 ට සිකුරුත් තුලාවට යනව.ඔබට බුද්ධිය නුවන පහල වීමට හැකියි. අගහිඟකම් යම් තාක් දුරට අඩුවිය හැකියි.. ඒත් ඔබට විශේයි කියා බොහෝ දේ ලැබේයයි සිතිය නොහැක, ඔබට ධන නිධාන පහල වේයයි සිතීමට සහ මෙයින් දැකීමට නොහැක. ඒ සිකුරු යම් පීඩාවකට පත්ව සිටින නිසායි. 



මේෂ ලග්නය හිමි ඔබ පවුලේ හෝ ඔබට හිතවතය සමඟ කරන ගනුදෙනු වලදී හෝ ඔවුන් සමඟ එකව සිටියදී යම් ගැටළු මතුවිය හැකියි, මතබේද හැලහැප්පීම් ඇතිවී ඔබත් සමඟ විරසක විය හැකියි. ඔබ විවාහක පිරිමි අයෙක් නම් බොහෝ විට ඔබේ භාර්යාව සහ පුතෙකු සම මතභේද ඇතිවිය හැකියි. සහ ඔවුන් ඔබෙන් ඈත් විය හැකියි. බොහෝ විට පවුල් ආරවුල් නිසා නීතියට පවා යන්නට සිදුවිය හැකියි. මිලමුදල් සම්බඳව කතා කලොත් යම් ආර්ථික අපහසුතා ඇතිවිය හැකි සතියක්.කේන්තිය කෝපය පාලනය කරමින් ජීවත් වන්න මේ සතිය තුල යම් සහනයක් ලැබෙයි ඔබට.


වෘශභ ලග්නයෙන් උපන් ඔබට යම් පමණකට සුලු සුලු ලාභ , වාසි ලබිය හැකි සතියක්. වැඩ කටයුතු කිරීමේදී වෙනදාට වඩා බුද්ධිමත්ව කිරීමට සහ පිලිවෙලට කිරීමට උත්සහ දරන සතියක්. ඔබ විවාහක අයෙක්නම් ඔබේ දුව පුතාගෙන් වෙනදාට වඩා ආදරය කරුණාව ලැබෙන සතියක්. ඔබේ නිවස භූමිය ගත්තොත් ප්‍රශ්න ඇතිවන්න පුලුවන්. වැට මායිම් වැනි දේ හෝ මෙවැනි කුමක් හෝ ගැටලුවක් ඇතිවිය හැකියි. ස්නායූ ආබාද හට ගත හැකියි. විදේශ ගමන් යන්නට සිතන අයට සහ එක් එක් තැන් වලට ගිහින් කරන ව්‍යාපාර වලට සුබ සතියක්.

මිථුන ලග්නයෙන් උපන් ඔබගෙ ප්‍රාර්ථනා බලාපොරොත්තු යම් පමණකට ඉටුවන සතියක්. අධ්‍යාපන කටයුතු, ව්‍යාපාපාර කටයුතු හෝ රාජකාරී ස්ථානයේ ඔබට පැවරී ඇති කාර්යන් වෙනදාට වඩා පැහැදිලිව, බුද්ධිමත්ව, ලස්සනට, කල්පනාකාරීව කරන්නට පුලුවන් කාලයක්. නිවස පිලිසකර කිරීම අලුත් ගෘහ උපකරන මිලදී ගැනීමට, නිවසට පහසුකම්  ලබා ගැනීමට තව කොටසක් එකතු කර ගැනීමට මේ කාලය හොඳයි. හැබැයි නිවැරිදිව වාස්තු විද්‍යානුකූලව කරගත යුතුයි. ආයතනයේ හෝ ව්‍යාපර ස්ථානය තුල දෙවන පෙල අය ඔබත් සමඟ අමනාපයක් ඇති විය හැකියි. යම් වාසි අවස්ථා ඇතිවන සතියක්. ඒත් මම කලින් සතිවලත් කිව්ව මේ යන කාලසීමාවෙදි ඔබ ඔබවෙනුවෙන් කරන්නට ඕන දේවල් ඔබට මගහැරෙනව කියල. ඒ ගැන මතක තබාගෙන වැඩකටයුතු කරන්න. විවාහ ජීවිතයක් ගත කරන කෙනෙකුනම්. ඒ තුල ප්‍රශ්න ඇතිවිය හැකියි,. සහ විවාහ ගිවිගන්න සිතා සිටින කෙනෙක්නම් මේ කාලය ඔබ මගහැරිය යුතුයි. මේ ඒ සඳහා සුබ කාලයක් නොවෙන නිසා. 



කටක ලග්නයෙන් උපන් ඔබට මේ සතියත් සුබයි. ඔබේ වැඩකටයුතු ඔබට අවශ්‍ය වන විදිහට කරගෙන යනව. ඒ සඳහා අවශ්‍ය වන දැනුම ශක්තිය ඔබට තියෙනව ඔබට නායකත්වය මූලිකත්වය ලබා ගෙන වැඩකටයුතු සාර්ථකව කරන්නට පුලුවන් වන සතියක්.ඔබට සහෝදර සහෝදරියන්ගෙන් හෝ එවැනි හිතවත් අයගෙන් උදව් උපකාර නිවැරිදි උපදෙස් ලැබෙන සතියක්., අධ්‍යාපන කටයුතු, සාර්ථක වෙන ව්‍යාපාර ඉලක්ක ජයගත හැකි සාර්ථක සතියක්. මතක තියාගන්න දුර්වල... සමහර විට නැති බැරි... අය ඔබට සතුරන් හෝ බාදාවන් ඇතිකරන ඔබේ වැඩ කටයුතු වලට විරෝදතාවයක් ඇතිකරන අය  විය හැකියි. ඔබෙන් යමක් වාන්චනිකව ඔවුන් ගත හැකියි. ප්‍රවේශමෙන් උදව් කරන්න.

ඔබ සිoහ ලග්නයෙන් උපන් අයෙක් නම් ඔබේ වැඩ කටයුතු මේ සතියෙත් සාර්ථකයි. ඔබේ ජවය , බලය, ශක්තිය, දැණුම, නිර්මාණ්ශීලී බව. මේ දේවල් එක්ක කරගෙන ගිය වැඩ කටයුතු යම් පමනකට තබදයක් නැතිව, කලබලයක් නැතිව බෙදා වෙන් කරගෙන සැලසුම් සහගතව කරගෙන යන බවක් තමයි පේන්නට තියෙන්නෙ. අලුත් වැඩ කටයුතු ආරම්බ කිරීමට සැලසුම් කිරීමට, ඉතාමත් සුබයි. රැකියාව, ව්‍යාපාර, අධ්‍යාපන කටයුතු, සමාජ සේවා කටයුතු කොයි දේටත් සුබ කාලයක් , මිල මුදල් දැනුම ලැබෙන සහ අවoකව.. වැඩකටයුතු කරගෙන යන සතියක්. ඔබේ නිවසේ භූමි දෝෂ බහිරව දෝෂ මතුවන කාලයක්. වාහන අනතුරු සිදුවිය හැකියි. නඩු හබ වලට පැටලිය හැකියි.දරුවන් පිලිබඳ යම් වෙහෙසක් මහන්සියක් දැරීමට සිදුවෙන සතියක් සහ ඔවුන්ගේ යම් අසාර්ථකත්වයක් පිලිබඳව කලකිරීම් ඇති වෙන සතියක්.

කන්‍යා ලග්නයෙන් උපන් ඔබ කාලයක ඉඳන් තිබුණ පීඩා කාරී තත්වයෙන් ඔන්න මිදෙන සහනයක් ලබෙන  කාලයක්. වෙනදාට වඩා ඔබ බුද්ධිමත්ව වැඩකටයුතු කරන සතියක්. යම් යම් වාසි. ලබෙන සහ ඔබ යම් ආර්ථික අපහසුතාවයක සිටියනම් එය විසඳෙන කාලයක්. සහෝදරයන්ගෙන් යහපත සඳහා උපදෙස් ලැබීමට හැකියි සහ එය භූමිය සම්බඳවනම් ඒ උපදෙස් ගැන ඔබ තව වරක් හිතන්න ඕන, ඔබේ භූමියේ ලිඳක් වතුර වලක් වැනි දෙයක් තියෙනවානම්. එය ගැන කල්පනාකාරී වෙන්න. කලකිරීම් සහගත තත්වය යම්තාක් දුරකට ඔබේ සිතේ තිබුනත් යම් පමණකට අඩුපාඩු අගහිඟකම් විසඳී බුද්ධිමත්ව ඔබ හිතන සහ සහනය ලැබෙන සතියක්

තුලා ලග්නයෙන් උපන් ඔබ වෙනදාට වඩා ආගම දහමට නැඹුරු වෙන සතියක්. ඔබට යම් පමණකට ආර්ථික අපහසුතා වලට මුහුන දෙන්න සිදු වන, ඔබ මානසික පීඩාවන්ට ලක්විය හැකි සතියක්. ඔබට ඔබේ මුදල් වියදම් වෙන සතියක්. ඔබ විවාහක අයෙක් නම් බොහෝ විට භාර්යාව පුතා වෙනුවෙන් වියදමක් දැරීමට, නඩු හබ වලට පැටලීමට හෝ, වන්දු මුදලක් වැනි දෙයක් ගෙවීමට සිදුවෙන සතියක්. ඔබට තරහ කේන්තියන ස්වභාවයකුත් ඇති විය හැකියි. ඉවසීමෙන් වැඩකටයුතු කරගෙන යා යුතු සතියක්.

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ ඔබේ වැඩකටයුතු තවදුරටත් සාර්ථකව කරගෙන යනව. ඔබට එය තව තවත් බුද්ධිමත්ව සැලසුම් සහගතව කරගෙන යන්නට පුලුවන් වෙන කාලයක්. ඔබට යම් යම් වාසි, ලාබ, ලැබෙන සතියක්. ඔබේ දැනුම බුද්ධිය තව තවත් වර්ධනය වෙන..කරන කියන කොයි දේත් සාර්ථකව කර ගත හැකි සතියක්. තිබූ මන්දගාමී, කම්මැලි වැඩ කටයුතු පස්සට දැමූ ගතියත් ඉදිරි සති කීපය තුල යම් පමණකට වෙනස්ව යනව. සතිය සුබයි. ගමේදී බිමනේදී පරිස්සම් විය යුතුයි. 


ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති 12 ගමන්කරන සහ කේතු ශනි සoයෝගය ඔබේ ලග්නය තුල සිටින්නෙ. ඒ නිසා ඔබ පීඩාවෙන් ඉන්න කාලයක් බවයි මා දිගින් දිගටම පහු ගිය කාලය තුල පැවසූවෙ. ඉතින් ඒ තත්වයත් එහෙම තියෙද්දි යම් පමණකට සහනයක් ලැබෙන සතියක්. ආථිර්ක අපහසුතා යම් පමණකට විසඳෙන ජීවිතය ගෙන යාමට වැඩ කටයුතු කරගෙන යාමට බුද්ධිය නුවන පහලවෙන. ඒ සඳහා අධාර උපකාර උපදෙස් ලැබිය හැකි සතියක්. සිතේ ශක්තිය ජවය හයිය තියෙන සතියක්. ඉක්මන් විය හැකි ක්ෂණික තීර්ණ ගන්න. අනෙකා කුමක් හෝ කලොත් ඊට ප්‍රතිවිරුද්දව ඉතාමත් ඉක්මනින් ක්‍රියා මාර්ග ගන්න සතියක් සිරගත වන්නට නඩු හබ වලට පැටලෙන්නට පුලුවන්. 

මකර ලග්නයෙන් උපන් ඔබට මා කලින් කිව්ව වගේ ශරීර තුල යම් ලෙඩරෝග පීඩා, අසනීප තත්වයන් නම් තවම තිබිය හැකියි සහ තව ටික කලක් යනකන් ඉදිරියටත් ඒව පවතිය හැකියි. ඒ වුනත් මෙතෙක් කල් තිබුණාට වඩා යම් පමණකට සහනයක් ලබා දෙන සතියක්, අඩුපාඩු අපහසුතා තිබුණත් යම් පමනකට ඒවයෙන් මිදී සහනයක් ලැබීමට තරම් මිල මුදල් , වාසි, ලාබ සුලුවෙන් හෝ ලැබෙන සතියක්. වෙනදාට වඩා කටයුතු කාරණා වල යෙදීමේදී නුවන බුද්ධිය පාවිච්චි කරන සතියක්. ලේ වල දෝෂ අනතුරු සිදුවිය හැකියි.යාන වාහන විකිනීම, දේපොල ඉඩ කඩම් විකිනීම් සාර්ථක වෙන අතර එවැනි කොමිස් මුදල් ලැබෙන ව්‍යාපාර තුලින් ලාබ ලබිය හැකියි. ඒ නිසා එවැනි කටයුතු වල නිරතව සිටින අය වෙනදාට වඩා මහන්සි වී සැලසුම් කර අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබා ගන්න

කුම්බ ලග්නයෙන් උපන් ඔබේ පවුල්ජීවිතය තුල ආරවුල් මතභේද බෙදීම් , වෙන්වීම් ඇති විය හැකි සහ එවැනිදේට පිලියම් වශයෙන් ඔබ වෙනත් අයෙකුගෙ ආදරයක් බලාපොරොත්තු වුනොත් එයිනුත් ඔබට වැරදෙන කාලයක්. නැත්නම් එවැනි දෙයක් නිසා ගෙදර පවුල් ජීවිතයට බලපෑමක් එනව. ඔබේ ආර්ථික තත්වයද එතරම් සුබ නැහැ. ඔබේ මුදල් හදල් වියදම් වෙන හෝ ඔබ බලාපොරොත්තු වූ තරමට මුදල් හදල් නොලැබීම, අවශ්‍ය විටදි බුද්ධිය පහල නොවී වැඩ කටයුතු කිරීම තුලින් පාඩු සිදුවෙන සතියක්.

මීන ලග්නයෙන් උපන් ඔබට සිටින ජීවත් වෙන ප්‍රදේශය නිවස එපා වෙන්නට හෝ ඇතැහර වෙනත් තැනකට යන්නට සිතෙන කාලයක්. ඒත් ඔබට සතුටු වන්නට පුලුවන් ඔබේ සතුරන් දුර්වල වෙන සහ බෙදී යන එයින් යම් පිරිසක් මගහැරීයන කාලයක් . ඒ නිසා ඔබේ සතුරන් නිසා ඇතිවුනු පීඩාවන්ගෙන් යම් පමණකට සහනයක් ලැබෙන සතියක්.ඒත් තවත් ප්‍රවේශම් වෙන්න. කිසිවෙක් සමඟ ප්‍රශ්න මතභේද, තර්ක ගොඩනගා ගැනීමෙන් ඔබ වැලකීම සිටිය යුතුයි.පවුල් ජීවිතය තුල තිබුනු ආර්ථික අපහසුතා යම් පමණකට විසඳී යන බවක් තමයි පෙනී යන්නෙ.
නිශාන්ත මාරසිoහ (සුබ ශක්ති ජ්‍යෝතිෂ - වාස්තු විද්‍යා සහ ශක්ති ගවේශන මධ්‍යස්ථානය 0771591675)




No comments:

Post a Comment