පෙර භවවල කල පව් පලදී ආදර සිත් බිඳෙන හැටි
ප්‍රේමය.., ආදරය.. ඇත්තටම කෙලවර විය යුත්තේ විවාහයෙකිනි.., එය සම්ප්‍රදායයි.., සමාජ සම්මතයයි..,ඉන් එහාට ගිය.. ආදරයක්.., ප්‍රේමයක්.. සමාජය සම්මත නොකරයි.., බොහෝ විට ඒ විවාහක අය අතර පවතින මෙවැනි සම්බන්දතාවයන්ය, එහෙත් ඒ සම්මතය මත නොසිට ආදරය කරන්නෝ ඇත. එවැනි සම්බන්දතාවයන් තුල තිබෙන්නේ ආදරයක්ද..? නැත්නම් රාගයක්ද? ඔවුන් තම විවාහ ජීවිතය තුල අනෙකාගෙන් නොලද යමක් එවැනි අසම්මත ප්‍රේම සම්බන්දතාවය පවත්වන අනෙකාගෙන් බලාපොරොත්තු වෙයි.. මෙය කෙතරම් දුරට සාදාරණද , ඔවුන්ගෙන් ඒ ගැන විමසුවොත් කියන්න කාරණා බොහෝ තිබිය හැක., ඉතින් මෙවැනි අයගේ ජීවිත වලට නීතියෙන් බැඳුනු.. සැබෑම ස්වාමියා හෝ බිරිඳ.. ඔහුට හෝ ඇයට රැවටෙනවාද.. මෙහෙම වෙන්නේ ඇයි..?
*** ලිපියෙ ඉතුරු ටිකත් කියවන්න Read More ක්ලික් කරන්න ***
ප්‍රේමයක හෝ ආදරයක අවසානයක් විවාහය වෙයි,එමෙන්ම යම් යෝජනාවක් මතද විවාහයක් සිදුවිය හැක, කොහොම සිදූවූවත් ඔබේ ජන්ම පත්‍රය තුල ඔබ ගෙවන විවාහ දිවිය ලියවී ඇත. ඔබේ ආදරය ලියවී ඇත, ඔබ ලබන ආදරය ලියවී ඇත, ආදර සම්බන්දතා මත විවාහ ගිවිස ගන්නෝ බොහෝ විට කේන්දර ගැලපීම් නොකරයි.. ඒ එහි යම් දෝෂයක් ඇතොත් එක් වීමට නොහැකි වේයයි සිතායි, යෝජනා තුලින් විවාහ ගිවිස ගන්නෝ බොහෝ විට ජන්ම පත්‍ර පරික්ෂා නොකර පොරොන්දම් පමණක් ගලපයි, සමහරවිට ඒ ඔවුන් වෙත ලැබෙන යෝජනා පත්‍ර සoඛ්‍යාව වැඩි නිසා.., වැඩි වාර ගනණක් පරික්ෂා කර බැලීමට ඇති අකැමැත්ත නිසා විය හැක, ඉතින් ඔවුන් බොහෝ විට ගැලපීම් බලන්නේ පුද්ගලයාගේ රැකියාව තරාතිරම මතය,
පොරොන්දම් සියල්ල ගැලපී විවාහය අසාර්තක වූ අය මා දැක ඇත,පොරොන්දම් නොබලා විවාහ වී සාර්තක දිවිපෙවතක් ගෙවන සමහර අයද මා දැක ඇත, විවාහවී අවුරුදු ගානක් ගතව ඇතත් දරුවන් නැති යුවලවල් මා මුණගැසීමට පැමිණ ඇත, තම සැමියා හෝ භාර්යාව තව අයකු සමග සම්බන්දතා පවත්වනේද කියා බැලීමටත් මා මුණගැහෙන්න සමහරු පැමිණෙති, විවාහ දිවිය තුල ප්‍රශ්ණ ගැටලු දරා ගත නොහැකිව දික්කසාද වීමේ අරමුණින් තමාට කරදරයක් නැතුව අනෙකාගෙන් වෙන් විය හැකිදැයි බැලීමට සමහර අය මා මුණගැසීමට පැමිණෙති, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලැබෙයිද කියා විස්තර ඇසිමටත් සමහර අය එයි, කෙතරම් රූමත්ව සිටියත් කෙතරම් මිල මුදල් තිබුනත් තවමත් විවාහ නොවූ අය ද තමාට විවාහයක් හිමිදැයි බැලීමට මා හමුවීමට පැමිණෙයි, එක් විවාහයක් හෝ කීපයක් අසාර්ථකව නිමා කල තව සමහරුද තමාට තව අවස්තාවක් තිබේදැයි බැලීමට පැමිණ ඇත… මේ සියල්ල විවාහ ගැටලුයි.. මීට අමතර තවත් නොකී කාරණා ඇත . යහනේදී සමහර ස්ත්‍රීන්ට තවකෙකු තමා ග්‍රහණය කරගන්නවා යයි දැනීම, කිසිම හේතුවක් නැතුව සැමියාව, බිරිඳව අනෙකාට නොරිස්සීම.. ආදී තව බොහෝ කරුණු ඇත, මුලින්ම කිවයුතු කාරණයක් ඇත, පොරොන්දම් පමණක් ගලපා.. එය කෙතරම් ගැලපුනත්.. ඒ තුලින් පමණක් තීරණය නොගන්න,
ජයෝතිෂය ඔබට ඉගැන්වීමට නොව ඔබ දන්නා දෙයින් එහා යම් අවබෝධයක් ඔබට ලබදීමට මෙවැනි කෙටි ලිපියක් ලියන්නට සිතුනි.. ඒ විවාහ දිවිය තුල ඔබට බලපාන කර්ම විපාකය ගැනයි, ඉතින් මුලින්ම ඔබගේ කේන්දරය තුලින් .,ඔබ කෙබඳු අයෙක්දැයි බැලිය යුතුයි ..ඔබේ ආදරය කෙබඳුදැයි බැලිය යුතුයි...ඔබට කෙනෙකුගෙන් ලැබීමට හිමි ආදරය කෙබඳුදදැයි බැලිය යුතුයි, එය ඔබේ කේන්දරය තුල ඔබේ සතුට ප්‍රිතිය සැනසීම උදෙසා ලැබෙන්නක්ද..?, ඔබ කලින් බව වල කළ යම් පවක් පලදීම සඳහා යම් දුකක් වේදනාවක් පීඩාවක් විඳීමට, යෙදෙන්නක්දැයි බැලිය යුතුයි, ඔබේ පෙර බව වලදී ඔබෙන් සිදු වු පාපයන්.., අකටයුත්තන් නිසා ඔබගේ විවාහයට… අවසර ඇති දේව ශාප ,දේව දෝෂ.. දේව උදහස , සහ යක්ෂ අමනුශ්‍ය භූත දෝෂ තිබේදැයි බැලිය යුතුය, අවසර නැති එවැන්නක් තිබේදැයි ද බැලිය යුතුය, ඇතැම් විට වර්තමානයේ සිදුවන අහඹු සිදුවීමක් තුලින්ද එවැනි ශාප, දෝෂ ඇති විය හැක, ඒ ඔබේ චර්යාව මත හෝ කෙනෙකු විසින් කළ හදි හූනියම් කැවිලි, නූල් පැන්නිලි, වශී ගුරුකම් හා වාස්තු දෝෂ.. වැන්නක් නිසා විය හැකි කාරණාවකි. මා අවසර නැති කියා පැවසුවේ එයයි.. එයද ජ්යෝතිශය තුලින් සොයා ගත හැක.
මා හමුවන්නට පැමිණෙන්නන්ටනම්.. මා අත්පත් කරගත් සමාධි සහ සිද්ධි තල මත සිට තව බොහෝ කාරණා පැමිණෙන්නන් හට මා කියනු ඇත., යම් ග්‍රහ දෝෂයක් ඔබේ ආදරය විවාහය සම්බන්දව තිබේදැයි බැලිය යුතුය, අතීතයේ ඔබ කළ සියලු කර්ම නිසා මතුවට ඔබට සිදුවිය හැකි විපාකයන් ඔබේ ජන්ම පත්‍රය තුල සඳහන්ව ඇත.. එය ඔබට පලදෙන කාල වකවානු ඒ තුලින් සොයා ගතහැක, ඔබේ පෙරබව වල පාපයක්.., ඒ නිසා හටගත් දේව ශාපයක්…, දේව උදහසක්…, යක්ෂ.., භූත.. හෝ එවැනි යම් අවසරයලත් අමනුශ්‍යයකුගෙන් හටගත් යම් බලපෑමක්, ග්‍රහ පිහිටීම නිසා ඇතිවුන ප්‍රශ්නයක්..මේ සියල්ල ඔබේ පෙර කර්මයයි…ඔබේ කර්මයෙන් පිට සිදුවන යමක් ඉතා අඩු ප්‍රතිශතයකින් ඇතැම් විට ඔබේ දිවිය තුල සිදුවෙමින් පවතින්නට පුලුවන්.. එයද ඔබේ ජන්ම පත්‍රයෙන් සොයා ගත හැකියි
ඉතින් ඔබ විවාහය සම්බන්ද කේන්දර ගැලපීමකදී පොරොන්දම් ගැලපීම පමණක් මත නොසිට.., ග්‍රහ ගැලපීම් මත.. කිව හැකි, ඔබට දැන ගත හැකි.. ඉහත කාරණා සහ මා පහතින් සඳහන් කරන තවත් එවැනි කාරණා ගැන අවදාරණය යොමු කරන්න .,ඔබට එය වැදගත් දැයි බලන්න.., මේ කාරණා දැන ගැනීම ඔබට ප්‍රයෝජනවත් දැයි සිතන්න, මොකද මා හමුවීමට පැමිණෙන්නන් අතර පසුව මේ ගැන දැන දුක් වූවන් බොහෝමයක් සිටියි.., ඔබේ විවාහය.., ආදරය ඔබට දුකක් ගෙන ඒම පිනිසද.. සතුටක් ගෙන ඒම පිනිස සිදුවන්නක් දැයි ඔබට මේ තුලින් දැනගැනීමට හැකිවේ., ඉතින් එය ඔබට දුකක් ගෙනෙන්නේ නම්.. ඔබට ඉන් ගැලවිය හැකිද..? එවන් ශාප දෝෂ වලින් මිදිය හැකිද…?, ඒ කර්ම යටපත් කල හැකිද..? ඔබ විමසන්න.. ඔබේ දෛවාඥ්ඥයගෙන්…., ඔබ විවාහ වී සිටියද.. ප්‍රේම සම්බන්දතාවයක් තුල සිටියද..සැබැවින්ම මෙයට පිලිතුරු.. ජයෝතිශය සහ වාස්තු විද්‍යාව තුල ඇත. ඉන් වෙන් කල නොහැකි අමනුශ්‍ය දෝශයන් සම්බන්දව ගැටලු නිරාකරණය කරන්නන්ද ඇතැම් විට ඔබට හමුවිය හැක..


ඉතින් ඔබේ ජන්ම පත්‍රය සිතියමක්.. ඔබ එහි යම් මාර්ගයක යන බවක් සිතන්න.. ඔබට එම මාර්ගයේ ඉදිරියේ අනතුරක් ඇති බව යමෙක් පැවසුවොත්.. ඔබ මාර්ගය වෙනස් කරනු ඇත.. ඉතින් කේන්දරය මත සඳහන් ඔබේ කර්මයත්.. ඔබේ වෑයමෙන්, කැපවීමෙන් පොරොන්දු මත ප්‍රතිපත්ති මත .. වෙනස් කරගත හැක, කර්ම යටපත් කරගත හැක, දෝෂ දුරු කරගත හැක, දේව ශාප වලට සමාව ගත හැක, ජයෝතිශයෙන්.., වාස්තු විද්‍යාවෙන්.., සමාධි, සිද්ධි, ධ්‍යාන, කුන්ඩලනී වැනි උපදවා ගත් ශක්තීන්ගෙන් එය සොයා ගෙන විසඳිය හැක.. ඔබ එවැන්නෙක් සොයා යන්න.. මේ හා සම්බන්ද කරුණු කාරණා ගැබ්වුනු තවත් සත්‍යය කතාවකින් නැවත හමු වෙමු.., ඔබට යහපතක් වෙත්වා….! නිශාන්ත මාරසිoහ
සුබ ශක්ති ජ්‍යෝතිෂ වාස්තු විද්‍යා සහ ශක්ති ගවේශණ මධ්‍යස්ථානය 0771591675
Comments
Post a Comment