Tuesday, September 10, 2019

යක්ෂ ආත්ම වලට මැදි වූ මහේෂිගේ කතාව

ආදරය සහ වෛරය එකින් එකට පරස්පරය... තමන්ගේ කැමත්තට අනුව තමන්ගේ සිතට සතුට ප්‍රීතිය සැනසීම ලැබීම උදෙසා කෙනෙකුට තවත් අයෙකුට ආදරය කල හැක .....වෛරය ද එසේමය..එයින්ද කෙනෙකුට දුකක් වේදනාවක් ඇතිකොට තවත් අයෙකුට සතුටක් ලැබිය හැක... ඉහත කාරණා දෙකින් බොහෝ විට අප කැමති කාරණය වන්නේ පලමුවැන්නය..ඒ එය නිවරදි නිසා සහ ආදරය කරුනාවට අපි බොහෝ සෙයින් කැමති නිසාය... 
ඒත් එවන් වූ ආදරයක් කරුණාවක්  ලැබීමට අවශ්‍ය විටකදි එය සිතූ ලෙස නොලැබුණා නම් බලාපොරොත්තු වූ අයගෙන් එය  මගහැරුනේනම්. ආදරය , සෙනෙහස වෙනුවට ඒ අය දුකක් වේදනාවක් ඇතිකලේනම්.. එවෙනි හේතුවක් මුල්කොටගෙන දෙවෙනි කාරණෙහි යෙදී ඉන්නෙක් වැරදිද..? නැත්නම් නිවැරිදිද...? 
ලෝකය එසේය. අප කැමති වූවත් නැතත් පෙර බව වලදී අප කෙනෙකුට අවැඩක් අසාදාරණයක් හිoසාවක් අකටයුත්තක් කලේනම් එය අප පසුපස හඹා එයි.. සමහර විට සoසාර ගණන් විය හැක.. එදා වුන අසාදාරණයට විරුද්දව මරණෙන් පසු වුවද ඔවුන් ට නැගීසිටිය හැක..  එය අද විය හැක, අනාගතයේ දවසක විය හැක, බොහූ විට ඒ එදා ඔහුට හෝ ඇයටවූ  අසාධාරණය දැකපු දෙවි කෙනෙකුගේද සහාය අනුබලය ඇතුවය. දේවතා මණ්ඩල, තරු පන්ති..ඉර-හඳ ..සාක්ෂි  ලෙස දරාගෙන.. කල කී දේ හොඳ වුවත් නරක වුවත් අවශ්‍යය  පරිසරයේම සත්වයා උපදීයි..ඒ කර්මාණුරූපවයි..
ඉතින් අප අතීත්යේ කල ඒ සියලු කර්ම.. බොහෝ කල් සිට අපව ලුහුබැඳ පැමිණ වර්තමානය තුලද අනාගතය තුලද අප එන තෙක් මග බලා සිටියි…….



මම නිශාන්ත මාරසිoහ, ලෝකය තුල තියෙන සත්‍ය සොයා ගැනීම උදෙසා මා කුඩා කල සිට බොහෝ සේ වෙහෙසුනෙමි. භාවනාව,  යෝග ක්‍රම සහ තවත් බොහෝ අප්‍රකට භාවනා ක්‍රම,සමාධි ක්‍රම,සිද්ධි, කුන්ඩලණී, ජ්‍යෝතිෂය , වාස්තු විද්‍යාව ,දේව තල, සහ තව බොහෝ අමනුෂ්‍යය තල සොයා ගියෙමි.. බොහෝ පීඩාකාරී සහ වෙහෙසකර.. කාල පරිච්චේද පසු කරමින් බිහිසුනු අත්දැකීම් වලට මුහුණ දෙමින් මා එය ලුහුබඳිමින් ගියෙමි. දැන් මා විශ්වය තුල සුබ ශක්ති කියා ආයතනයක් ඔබට පෙනෙන ලෙසද, ඔබට නොපෙනෙන අයට පෙනෙන ලෙසද පිහිටවා ඉතින් එතන සිට සoසාරයේ බියකරු බව සහ එයින් මිදීමට හෝ බොහෝ කාලයක් ඔබටත් ඔබේ ලබැඳියන්ටත් පීඩාවක් නොමැතිව සතුටින් ජීවත් වීම පිනිසද , ඔබවත් සියල්ලන්වත් යහපතට හරවා තැබීමට වැයම් කරමින් සිටිමි. ඉන් අත්දැකීම් කීපයක් ඔබට ලියන්නට සිතුනි..ඒ නොපෙනෙන ලොව සහ ඉන් වෙන් කල නොහැකි ජොයොතිශය සහ වාස්තු විද්යාව ගැනයි. 
දැනට ටික කලකට පෙර සිදුවූ යම් සිද්ධියක් මා ඔබට කියමි. ඒ මෙයින් යම් අවබෝදයක් ලැබෙතැයි සහ දැනට ඔබටද මෙවන් තත්වයක් තිබේදැයි ඔබට දැන ගැනීම සන්දහායි….  බොහෝ විට කෙනෙකු මා සොයා එනුයේ තවත් කෙනෙකුගෙන් මා ගැන ලැබුණු ආරoචියකට අනුවය..දිනක් රාත්‍රියේ මාගේ දුර කතනය නාදවිය

“මහත්තය මට මහත්තයගෙ දුරකථන අoකය දුන්නෙ මගේ හිතවතෙක්.. මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද..?
“පුලුවන් කියන්න…”
“අනේ මහත්තය… අපේ දුව පොඩ්ඩක් බයවෙලා..හවස,.. එයා ගොඩක් වෙනස්..අපිට බයයි , එක එක ඒව කියවනව..හොඳටත් ඉන්නව.. ලෙඩ ළමය මහත්තය අපි බයයි.....අපිට එන්න පුලුවන්ද මහත්තයව හමුවෙන්න දැන්..? ඇමතුම ලැබෙද්දි රාත්‍රී 9.30 ට විතර ඇති,
“හොන්දයි ඔබ එන්නකො දරුවත් අරන්…..
රාත්‍රී 11.20ට පමණ ඔවුන් පැමිණිය මා  මුණගැහෙන්න , මහේශි කියන මේ කතාවට සම්බන්ධ දැරියත්.. ඇගේ මව පියා සහ සහෝදරයත් ඇයගෙ මාමත් ඇවිත් තිබුන.”
“හොඳයි දැන් කියන්න්න මොකක්ද කාරණය..? 
මා දරුවගෙ මවගෙන් ඇසුව.
“අනේ මහත්තය අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නව…., පුතා දෙවෙනිය ….මේ බාල දුව.. මෙයාට ෆිට් එක හැදෙනව…, එවෙලෙට මෙයාට සෙම වැක්කෙරෙනව…, දත්මිටි කනව… හැසිරීමත් වෙනස්….,තරහ යනව ඉතින් ඉස්කෝලේ යවන්නත් බයයි…, කොයි වෙලේ හැදෙයිද දන්නේ නැති නිසා... ගෙදර තියල යන්නත් බයයි…, අපිට වැඩට යන්න විදියකුත් නැහැ… මේ ලඟකදි ඉඳන් ෆිට් එක හැදෙන එක වැඩියි.. අපි කරන්න තියෙන හැමදේම කලා, මොනවදෝ මෙයාට පේනවලු මහත්තය…., ඉතින් ඩොක්ටර් මෙයාගෙ ඇස් වලට දාන්න බෙහෙතකුත් දෙනව ඒත් පේනවලු.., ෆිට් එකටත් බෙහෙත් බොනව ඒත් ඒකත් හැදෙනව….,ගියෙ නැති තැනක් නැහැ…., වියදම් කලා සැහෙන්න…., යන්ත්‍ර ගොඩක් දැම්ම මේ දැනුත් යත්‍රයක් දාල තියෙන්නෙ…., ඒත් හරියන්නෙ නැහැ…, මේ අපි ආවෙ මහත්තය ගැන ආරoචි වෙලා... අනේ මගේ දරුවව හොඳ කරල දෙන්න මහත්තය…,   
මම දරුව දිහා බැලුව, අඩි 5යි අන්ගල් 2ක් පමණ උස ඇති, සුදු කෙට්ටු දියණියක්.. කතාව ඔබට කීමට පහසුව පිනිස මා ඇයව, මහේශි ලෙස හන්දුන්වන්නම් මෙතැන් සිට.දරුව මා දිහා බලන් ඉන්නව හරි බයෙන්.
“ඇයි පුතේ ඔයා බය වෙලා වගේ ඉන්නෙ…, මොනාද ඔයා දැක්කෙ?”
“මම හවස මල්ලිත් එක්ක සෙල්ලම් කර කර හිටිය…. [ මල්ලි යනුවෙන් ඇය හන්දුන්වන්නේ මාමා ගෙ පුතාව] එක පාරටම තාප්පෙ ලඟ තියෙන අඹ ගහ ලඟදි තාප්පෙන් එක්කෙනෙක් එබිල ඉස්සරහට ඇවිත් මල්ලිව අල්ලගන්න ගියා…මම කැගැහුවමයි එයා අයින් වුනේ.. නැත්තන් මල්ලිව අල්ලන් යනව….හ්ම්ම්..නැත්තන් මල්ලිව අල්ල ගන්නව”
දරුව අඬන්න ගත්ත.
 “හොඳයි එයා මොකක්ද ඇඳන් හිටියෙ..?”
 “චීත්තයක්... නැහැ සරමක්..මේ..මේ.. සරමක්..
“කොන්ඩෙ දිග කෙනෙක් නේද...?” 
“ඔව් කොන්ඩෙ දිගයි.. නැහැ කොටයි..
“හරි දැන් පුතා ඔයා එයා එක්ක තරහින්ද ඉන්නෙ..?”
“ඔව් මල්ලිව අල්ල ගන්න ගිය නිසා..”
“දැන් මම ඒ පෙනිච්ච කෙනාව ගෙනාවොත්…, ඔයා එයාට බනිනනවද..?   ඔයා බනින්න ඕන.”
මට අවශ්‍ය වුනා දරුවගෙ බය ඇරල ගෙදර යවන්න  බොහෝ රෑ බෝවී තිබුණ නිසා.
“අනේ මට බයයි.”
“බය වෙන්නඑපා…. මම ඉන්නව මේ  අයිය ඉන්නව තාත්ත.. අපි ඔක්කෝම ඉන්නවනෙ, හරි අයියයි තාත්තයි ගදපැත්ගතන් ඉන්න “   
 මම මගේ කාර්යාලගේ විවෘත කරල එතනින් එලිය පේන විදිහට දරුවව ඒ පැත්තට හරවල හිටෙව්ව. ඇත්තටම ඒ දවස් වල ඒ පැත්තට විදුලි අලෝකය තිබුණෙ නැහැ. දරුව බය නිසා ඉටිපන්දම් කීපයක් පත්තුකරා.. මට පේනවා දැන් කීප දෙනෙක්ම මේ දරුව බය කරපු අය අතර ඉන්නව.
“හොඳයි පුතා ඔයා එලිය බලන්න .. දැන් මේ දරුවව බය කරපු කෙනා එන්න. මට ඔබත් එක්ක කතා කරන්න ඕන..දැන් එන්න...” මම දැහැන් ගත වූයෙමි.
“අ..අ..අ...අර.. අර අන්න ඉන්නව. ආව ආව අර ඉන්නෙ..”
දරුවා  කෑ ගහනවා 
“කෝ..?
“අතන ඉන්නව..”
“බනින්න පුතේ ඔයා බනින්න ;”
“උඹට මම මගේ මල්ලීව ගෙනියන්න දෙන්නෙ නැහැ…උඹට ඕන දේවල් කරන්න මම ඉඩ තියන්නෙ නැහැ ,අපේ අම්මව ලෙඩ කරන්න ඉඩ තියන්නෙත් නැහැ.මම ඉඩ දෙන්නෙ නැහැ උඹට ඒවාට.”
“හරි පුතේ දැන් ඇති.. කෝ ඔය ඉන්න කෙනා දැන් යන්න..... ඉන්න කෙනා යන්න”.
“හරි දැන් ඔයා බැන්නනෙ දැන් ඇති..
 කෝ මේ දරුවව අම්ම ලඟට ගන්න , මට පේනව ඔයාල ඔය ඉන්න ඉඩමෙ.. ඔයාලගෙ ගේයි.. පිටිපස්සෙ තියන තව ගේකයි අතර අමනුෂ්‍ය බලවේගයක් ඉන්නව, එහා පැත්තෙ ගෙදර ඇතුලෙ රෝස පාට බිත්ති තියෙන ලොකු ලී අල්මාරියක් තියෙන බිමට රතු පාට පොලිශ් ගාපු කාමරයක් තියනවද  ?එහෙ කවුද ඉන්නෙ?
“මහත්තය ඒ අපේ මල්ලිගෙ ගේ..ඒ කාමරේ ඉන්නෙ නම් අපේ තාත්ත..
“ඒ කාමරේ බලවේගයක් ඉන්නව, ඔයාගෙ ගේත් වැරදියි වාස්තු දෝෂ ගොඩක් තියෙන්ව..ඒ අයගෙ ගේ පැත්තට වෙන්න මොකක්ද ඒ තියෙන්නෙ නාන කාමරයද...  “ඔව් මහත්ත්ය නාන කාමරය... ආ එතනත් එයා ඉන්නව”
“මහත්තය එතනදිත් දුව බය වෙනව...
“මට පේන විදිහට ඔය අය අවුරුදු ගාණක් ඉලක්කන් එක්කම ඉඳල.. ගෙවල් දොරවල්, යාන වාහන, මේවත් එක්කම පිනක් දහමක් කරලම නැහැ,  ඈ…. පන්සලකට ගිහින් නැහැ ,දානයක් දීල නැහැ, කිසි පිනක් දහමක් කරල නැහැනෙ... මගේ පිළිවෙත මේකයි..දැන් ඔය අය මාව හොයාගෙන ආව ,  ප්‍රශ්ණයක් තියෙනව…, අමනුෂ්‍ය බලපෑමක්…, මට බලන්න ඕන කවුද ඉන්නෙ කියල,.. ඇයි ඒ අය ඉන්නෙ කියල , මොකක්ද හේතුව කියල, කවුද හරි, කවුද වැරදි කියල, තේරුණාද..? මම කරන වැඩෙන් එයාලටත් යහපතක් වෙන්න ඕන.. ඔයාලත් යහපතක් වෙන්න ඕන.. ඒකයි මම කරන්නෙ,ඉතින් ඔයාල ඇවතුම් පැවතුම් වෙනස් කරගෙන මම මේ කියන විදිහට පන්සල් ගිහින්, බෝදි පූජාවල්, අනික් පූජාවල්.. කියන විදිහටම කරල ආයෙත් එන්න ඕන මාව හමු වෙන්න. පුලුවන්ද...
“පුලුවන් මහත්තය” 
ඔවුන් යනවිට රාත්‍රී 1ත් පසුවී තිබුණ, ඔවුන් තරඟකාරී ජීවිත වලට හුරු වූ අය.. කාගෙවත් මැදිහත් වීමකින්වත් පිනක්ට දමකට යොමු වී තිබුණෙ නැහැ. ඉතින් මම දන්නව එයාලට මේ බෝදි පූජාව උනත් කරන්න අමාරු දෙයක්. සතියක් ගෙවිල ගියා. ඒ සතිය ඇතුලතදි කීප වරක් ඔවුන් මාත් සමග දුරකථනයෙන් කතා කලා..ඒ මා ඔවුන්ට කරන්න කියූ පූජාවල් සම්බන්ධ සමහර දේවල් දැනගන්න..මා කියූ කටයුතු කර ඔවුන් නැවත මා මුණගැසීමට දවසක් යොදාගෙන පැමිණිය. ඒ සතියකට පසුව.  “හොන්දයි සතියක විතර කාලයක් තිස්සෙ.. මේ පවුලෙ හැමදෙනාම වගේ එකතු වෙලා.. බොහොම සoවරව හැකි පමණින් සීලයක පිහිටල.. පන්සල් ගියා..බෝධිපූජා තිබ්බ, පින් රැස් කර ගත්ත නේද, ගෙදර පිරිත් සජාජ්යනා කලා.. ඈ.. ගොඩක් දේවල් කලා..“කවුද මේ නෝන... [ඔවුන් සමග තව කාන්තාවක් පැමිණ තිබුණ]
“මහත්තය මේ එහා ගෙදර අක්ක කෙනෙක්.. උදව්වට එනව අපිට..
“ඒක තමයි.. මේ නෝන හරි යහපත් කෙනෙක්නෙ බණ භාවනා කරන..ඔබ භාවනා කරන කෙනෙක් නේද..? ඔබේ නිවස හොඳට තිබිල…..,ඒත් ඒකෙ වෙනසක් කරල මේ ලඟකදි.. වැඩ වරද්දගනනෙ.. ඈ.. වෙනසක් කලාද ලඟකදි..?”
“ඔවු මහත්තය.. ලඟදි වෙනස් කලා..”
“ ඒක තමයි වැඩ වරද්දගෙන..”
“මහත්තය මට ඒක නිවැරදි කරල දෙන්න.. මම මේ නoගිල කිව්වම මහත්තය ගැන ආශාවට බලන්න ආවෙ.
“හොන්දයි.. ඔබතුමිය මේ අයට මේ වැඩකටයුතු කරගෙන යන්න උදව් කරන්න.. තේරුණාද .. ඔයා උදවු කරන්න.”
“.හොඳයි මහත්තය [පසුව මේ කාන්තාවගෙන් බොහෝ උපකාර ලැබුණ මේ අයට මේ වැඩේ කරගෙන යන්න]
“ගොඩක් හොන්දයි.. හරියට පූජාවල් කෙරිල තියෙනව... දැන් ඔය දරුව ඉදිරියට එන්න හිටගන්න මෙතනින්.. ඇස් වහ ගන්න..
මා  දැහැන්ගතවී අවශ්‍ය දේ  කළෙමි. වෙලාව සෙමින් ගෙවී යයි.. විනාඩි කීපයක් ගතවුණි.
“කවුද මේ ඉන්නෙ..?... මට කතා කරන්න ඕන.”
සෙමින් සෙමින් දරුවා ඉදිරියට නැමෙන්නට විය.. දෑත් ඇඟිලි වකුටුවනවා වැනි ස්වරූපයක් විනි.. දනහිස් නැමී බොහොම විකෘති ස්වරූපයක් දිස් වුනි. දිගු කොන්ඩය ඉදිරියට වැටී මුහුණ සම්පූර්ණයෙන් එයින් වැසී ගොස් තිබුණි, දරුව ඉදිරියට නැමී වැටී යයි කියා සිතා මා ඇයගෙ සහෝදරයව ඇය ඉදිරියෙනුත්, පියාව පසුපසිනුත් සිටුවා තැබුවෙමි. ඉදිරියට වකුටු වී සිටින දැරියගෙ කොන්ඩය පසුපසට ඈත්කොට ඇගේ මුහුන දෙස මා බැලුවෙමි.. ඇගේ දෑස් ලොකු වී තිබුණි.. මුඛය විවුර්තවී එයින් සෙම ගලමින් තිබුණි. එතකොටම  දරුවා ඉදිරියට පාත්වී බිම ඇදවැටී දඟලන්නට විය.. අතපය දරදන්ඩු වී තිබුණි. සහෝදරය අගේ ශරීරය උඩ සිටිමින් ඇගේ අත් අල්ලගෙන  පියා ඇගේ කකුල් දෙක අල්ලගෙන ඒ තරම් ශක්තියක්.. අල්ලා සිටිය නොහැකි වන ලෙස  අසාමාන්ය චලනයක්.
“අනේ .. මට  බැහැ මහත්තය බලාගෙන ඉන්න.. ඔය දැන් ෆිට් එක හැදුනෙ...අනේ මට බැහැ බලන් ඉන්න..”
අම්ම විලාප දි දී හඬමින් සිටී. 
දැන් ඇය මා ඉදිරියෙ බිම දඟලනව.. මා මුණගැසීමට පැමිණ සිටි  කීපදෙනෙක් ඇයව අල්ලගෙන. එක්කෙනෙක් සෙම පිහිදනව, අනික් අය ඇඟිලි දිගහරිනව.. දැන් ඔවුන් කලින් මා හට කියූ ෆිට් එක හැදිල ඒ දරුවට.. ඉතින් මා නැවත දැහැන් ගතවී ඇයට යම් දෙයක් කලෙමි , ඇගේ ඉරියව් වෙනස් විය, ඉරියව් තුනක් දිස් විය.. දෙවෙනි ඉරියව්ව බොහෝ වෙනස් එහිදි ඈ ඇගේ පියයුරු අල්ලා ඉදිරියට අදිනව.. පසුව එයත් නැතිවී සුලු වෙලාවකින් තවත් ඉරියව්වක් , ඒකෙදි කට වෙනස් දිව එලියෙ සෙම ගොඩක් දානව..
“හොඳයි දැන් මේ අය මේ පිරිත කියාගෙන යන්න නවත්තන්නෙ නැතුව.. 
“ඔවුන් පිරිත් සජ්යනා කරගෙන යයි.., සුලු මොහතකින් දරුවා යථාතත්වයට පත් විය...
මේ අවුරුදු 16ක දැරියකගේ සත්‍ය කතාවකි..
“හොන්දයි.. කිසි කෙනෙක් කලබල වෙන්න ඕන නැහැ…… බය වෙන්නත් එපා.. මම දන්නවා මෙතන සිදුවෙන දේ.. ඔයාල නැවත මම කියන විදිහට පන්සල් ගිහින්.. බෝධි පූජාවල් තියල අට විසි බුදුරජාණන් වහන්සේලාටත් පුජාවක් පවත්වල නැවත සතියකින් මාව මුණගැහෙන්න එන්න ඕන තේරුණාද..? පුලුවන්ද?
“පුලුවන් මහත්තය”                                                                                               ඔවුන් මා කියූ ලෙසටම සියලු පූජාවල් සහ අවශ්‍ය කටයුතු කරමින් සිටිය..මේ සතිය තුලත් ඔවුන් මා සමග වරින් වර දුරකථනයෙන් සම්බන්ධ වුනා. අසල්සිවැ කාන්තාවත් ඔවුන්ට මේ කටයුතු කිරීම සඳහා බොහෝ උපකාර කරමින් සිටිය... ඒකත් ඔවුන්ගෙ වාසනාවක්.. එහෙම අසල්වැසියෙක් ඉන්න එක..
මා එසේ කියුවෙ.. අසල් වෑසියන්.. නෑදෑයන්.. සමහර අයට මොනතරම්  විපත් කරලද..හූනියම්.බන්ධන..භූමිපාලු..පවුල් කඩාකප්පල් කරල විනාශ කරල දියුණුවක් නෑතිව විනාස වෙලායන්න ..මේ වගේ තව බොහෝ දේවල්.. මා මුණගෑසීමට එනව ඒ වගේ බොහෝ අය.. විසඳුම් සොයාගෙන..ඉදිරියේදී මා ඔබට ඒ වගේ සිදුවීම් ගැන කියන්නම්... 
ඉතින් සතිය ගෙවී ගියා..ඔවුන් මා මුණගෑසීමට නෑවත පෑමිණියා.. ඒ මම කියූ දේවල් හරියටම කරල... මොකද මේ ප්‍රශ්ණෙ නිසා.. ඔවුන් අවුරුදු ගානක්.. මහන්සිවෙලා.. දුක් වෙලා.. කාලය ගතකරල.. වියදම් කරල... ලක්ෂ ගණන්.
"හොඳයි.. ජීවිතය හරි පුදුමයි.. ඔයාල හිතනවාට වඩා වෙනස්..පින් පව්, හොඳ නරක,කුසල් අකුසල්..කලින් බව වල කල කී මේ දේවල් නිසා...කෙනෙක් අද සැපක් හරි දුකක් හරි විඳිමින් ඉන්නව...කලින් බව වල කලකී දේවල්ම පමණක් නෙවෙයි. දෑන් කරණ දේත්.. ඒ නිසා වෙන හොඳ නරක. ඒව සිදු වන කාල සීමාවල්…..,ඈයි ඒව වෙන්නෙ…..,ඒ වගෙන් ඔබට ගෑලවෙන්න පුලුවන්ද….., මේව කේන්දරෙන් පේනව..,
ඔබ ජීවත් වන ඔබ පදිoචි වෙලා සිටින නිවසිනුත් මේ ගෑන කියන්න පුලුවන්. ඉතින් මේ දෝෂ, ශාප, මේ වගේ දේවල් වලට තමයි.. ඔයාල ඔය අපල කියල කියන්නෙ.... ඒව යටපත් කරන්න පුලුවන් පිලියම්.. තියෙනව..සහ ඒව විසදන්න පුලුවන් ක්‍රම තියෙනව. හැබැයි ඔයාල ඉදිරියට යහපත් අය විය යුතුයි..ධර්මානුකූල විය යුතුයි.. ජීවිතය වෙනස් කරගත යුතුයි..ඒ සඳහා බොහෝ උත්සහ කලයුතුයි..  
   [ඉතිරිය ලබන සතියට ]                          

No comments:

Post a Comment