Sunday, September 1, 2019

සිoහල නම හැදුන හැටි

සිoහල නම හැදුන හැටි
ඉන්දියන් සාගරයෙන් වටවූ රමණීය දිවයින එදා සිoහලේ නමින් නම් විය.  සිoහලේ නැමති රටේ අග නුවර ලoකා පුර නුවරයි.පැරණි ජන සමාජය තුල වයසක ආච්චි අම්මාලගේ ජන වහරේ එන කියමනක් ඇත. එනම් යම් කිසි ගමේ තරුණයෙක් කොහේ හරි ගොස් ටික කලක් නැවතී සිට නැවත ගමට පැමිණ පසු ඒ අය අහන්නේ කොල්ලෝ උබ සිoහලේ  ගොස් ආවාද..? කියායි.එදා අප රටට සිoහලේ යනුවෙන් සඳහන් වූ බව මෙම කියමන් වලින් සනාත වනු ඇත. සිoහල යනු කුරුඳු වලට කියන ආර්යුවේද වෛද්‍ය ශබ්ද කෝෂයේ ඇති නමකි. කුරුඳු වැවෙන රට එම අර්ථය දෙමින්  සිoහලේ නමින් නම් වෙන්න ඇත. සිoහලේ  නම්වූ රටේ වෙසෙන සියල්ලෝම  සිoහලයින් වෙති. සිoහලයේ උපත තවත් හේතුවක් මත උනායයි දැක්විය හැක.
*** ලිපියේ ඉතිරි කොටස කියවන්න Read more ක්ලික් කරන්න ***



යක්ෂ, රාක්ෂ, දේව, නාග යනුවෙන් හඳුන්වන ලබන ගෝත්‍ර හතරක හෙලයන් පිරිසක්මේ රටේ පුරාණයේ වාසය කර ඇත. සිව් හැල යන අර්ථය සිහල සින්හල වූ බවක් තවත් ක්‍රමයකට පෙන්නුම් කර දිය හැක.
මීට වසර ගණනාවකට පෙර මෙම දූපත ඉන්දියාවට යාබදව පිහිටා තිබුණ බව විද්‍යාඥයින්ගේ පවා පිලිගැනීමකි.ඉන්දියාවත් ලoකාවත් සන්ස්කෘතික ලක්ෂණ අතින් සමාන බවක් පෙන්නුම් කරයි. එදා සූර්ය වoශය සහ චන්ද්‍ර වoශය සුර හා අසුර නමින් ජනයා කොටස් කරගෙන ඇත. සුර-අසුර යුද්ධයක් ගැන සඳහන් වන්නේද ගෝත්‍ර අතින් වෙනස් කම් ඇති දෙපිරිසක් අතර අද මෙන් එදත් ගැටුම් ඇතිවී තිබීමට හේතු ඇතිවූ බවට පිලිගත හැක. වර්ණ භේදය , ගෝත්‍ර වාදය, ජාති භේද, කුල භේද අනුව පිරිස වෙන් වෙන්ව ජීවත්වූ හැටි පෙන්නුම් කිරීමකි.මෙම කොටස් දෙක තවත් සන්කීර්ණ වෙමින් යක්ෂ, රාක්ෂ ,දේව, නාග ආදී වශයෙන් ගෝත්‍ර අනුව වෙන්වී ඇත, යක්ෂ රාක්ෂ කොටස් දෙක අසුර හෙවත් චන්ද්‍ර වoශයට අයත් විය. සඳු වන්දනාවේ යෙදීම ඇදහීම හේතුවෙන් චන්ද්‍ර වoශය ඇතිවිය.අනික් පිරිස සූර්ය වන්දනාව කරමින් හිරු දෙවි ඇදහීම නිසා සුර හෙවත් ක්ෂත්‍රියන්ට සූර්ය වන්ශය අයත් විය දේව වාoශිකයෝ ඔවුන් වෙති.
අපේ ඉතිහාසයේ යතාර්ථය ගැන බලන කල රාම කුමාරයා ගැන අසා ඇත.රාම කුමරු දේව වාoශිකයකි.එවකට සිoහලයේ රජුවූ රාවනා රජු අසුර වoශයට අයත් යක්ෂ ගෝත්‍රිකයකි.වෛද්‍ය කර්මය., යන්ත්‍ර මන්ත්‍ර ඉන්ද්‍රජාල ආදී ගුප්ත විද්යාවන්හී ඉහලම ධියුනුවක් ලබා තිබුණු බවත් පැරැණි ශාස්ත්‍රීය පොත පතින් පෙන්නුම් කල හක. මනාලිය හඬා වැලපෙද්දී බලහත්කාරයෙන් මනාලයා විසින් කැන්දාගෙන ඒම යක්ෂ ගෝත්‍රයට අයත් විවාහ චාරිත්‍රයකි…….. ඉතිරි කොටස ලබන සතියට
ජ්‍යෝතීර්වේදී, යන්ත්‍ර, මන්ත්‍ර හා ශබ්ද විද්‍යාධාරී- සාම  විනිසුරු බෙල්පාමුල්ලේ එහ්.පී. සිරිසේන 0772973467

No comments:

Post a Comment