Sunday, September 1, 2019

හදවතක රැඳි මතක සටහන් - ටෙලිග්‍රෑම්

ඉස්සර ටැලිපෝං එකක් තිබුනෙ ...

පොලීසියෙ.....
තැපැල් කංතෝරුවෙ....
ආණ්ඩුවෙ ඔපීසියක...

එහෙම තමා ..

කෝච්චි පාර අයිනෙ ටැලිපෝං කනු තිබුන ...

ගුස් කෝච්චිය කියල අපි කියන ගල් අඟුරු ඇංජිං රේල්ලුවෙ යනගමං....

නූල්වගෙ කම්බි විස්සක් විතර තියෙන ....
සුදුපාට බෝතල් වාගෙ ඒව..
හරස් ලීවල හයිකරල තිවුන...
*** ලිපියේ ඉතිරි කොටස කියවන්න Read more ක්ලික් කරන්න ***



කෝච්චිය යනකොට...
මේව පහුවෙන්න කොච්චර වෙලා යනවද.. .
කියල බලන්නෙ... තාත්තගෙ ඔරලෝසුවෙ තප්පර කටුවෙං ...
අපිට ඒක නියම සෙල්ලමක්..

ටැලිකරැං...රැලිගිරැං වගේ නම් මහ ගොඩකින් නංකොරාපු ....

ටෙලිග්‍රම් එකේ අගේ තියෙන්නෙ රස්සාවට ගිහිල්ල හදිස්සි නිවාඩුවක් ගන්න කොටයි .....

අසනීපයි නිවාඩු පතමි..
සික්..ගරාන්ට් ..ලීවු..

ඉස්සර පියුංමාම ...

ටැලිකරැං එකක් ගෙනැල්ල...

ඉඳි කඩුල්ල ලඟ බයිසිකලේ නවත්තල...

ටිලිං .. ටිලීංංංංංං.....

බැල්ලෙක ගහපු ගමං... ගෙදර මිනිස්සුංගෙ දෙලෝ රත්වෙනව ..

කුස්සියෙ ඉඳපු ගමංම...

රෙද්දක් පටලෝගෙන...

කොණ්ඩෙ බැඳ බැඳ...

ගෑනු දුවනව ..

එකත් එකටම නෑදෑයෙකුගෙ අසනීපයක්
හෝ ....
මරණයක්ම තමා....

බොහෝවිට ඒකෙ තියෙන්නේ ...

හතරටද ....හයටද නවාපු කොලයක් අලෝල තමා තියෙන්නේ ......ගැහි ගැහි තමා ඒක ගලවන්නේ ....

හයියෝ දෙයියනේ ......
කියාගත්තම ....

ගමේ ලඟ නෑයො රොත්තක්ම...
ඒ දිහාවෙ යන්න ලෑස්ති වෙනව ...

මුල්ම කාලෙ ඕව ඇවිල්ල තියෙන්නෙ තනිකරම ඉඟිරිස් වලිං.

එකදාස් නවසිය තිස් ගන්ංවල.....
අපේ අම්මලගෙ ගමේ පංසලේ බණට ....
ඈතින් වඩම්මන්න හිටපු හාමුදුරුවංගෙන් රැලිගිරෑං එකක් ආවලු

~අනේබල් ටු කම් ~
ද මොකද්ද කියාල ..

ඉතිං ඒ බණ බාරගත්තු හාමුදුරුවො වෙනුවට....

අනේබල් හාමුදුරුවො බණට වඩිනව කියල....

බණමඩුවෙ පැස්ටෝල් මැච් පත්තුකරං ....

බලාහිටල එපාවෙලා ගෙදර ගියාලු ....

අම්මල පොඩිකාලෙ .

මං හරිම ආසයි තැපැල් කංතෝරුවෙ මාමල ඔය ටැලිකරැං යවන බාසාව අහන්න ..

චාලි හැරී ....වගෙ වචන ගොඩක් කියල පස්සෙ හරි වචනෙ කියන්නෙ ඒ වචනවල මුල් අකුරු ලියාගන්න යි .

පස්සෙ අකුරු එකතුකරල වචනෙ හදල කියෝනව ...මාර ගතියක් තියෙනව බස බස ගාල ඒ වචන දාල කතාකරනකොට ....

කියන්න අමතකවුනා ඒ දවස්වල කෙලිම්ම ඇමතුම් ගන්න බෑ ...

ටැලිකරැං ආවහම ඒව එකතුකරල ....

එක මහත්තැං කෙනෙක්..

බණ්ඩාරගමින් පානදුරේට අර චාලි හැරී බාසාවෙන් අකුරෙං අකුර කියෝනව... .....

එතනින් කොළඹට .....

කොළඹින් බදුල්ලට ...

බදුල්ලෙන් බඩල්කුඹුරට ......

අන්න එතනිං රැලිගිරෑං කොලේ ලියාල.....

පියුං මහත්තය අතේ බයිසිකලෙං.. ගෙදරට අරිනව ...

මේ දැම්මෙ උදාහරනයක් විතරයි ......

එහෙම යද්දි සද්දෙ මාරුවෙලා..... වෙන කුණුහබ්බ නොයන්නයි ....අර චාලි හැරී වගෙ වචන කියල ඒවයෙ මුල් අකුරු ගන්නෙ ..

සින්ග්ලිෂ් වගෙ ක්‍රමයකින් වෙන්න ඇති සිංහල ඒව යවන්න ඇත්තෙ ..

මැලේරියාවට ඒ පැත්තෙ කිව්වෙ කැලෑ උණ ....ඉතිං ගැහුවලු ටැලිකරැං එකක්

අම්මට කැලෑ උණ .....කියල

ඉන්ගිරිසි අකුරුවලින් ආපු සද්දෙ සිංහලට දාල අංතිම තැනිං ආවලු ගෙදරට රැලිගිරෑං එක ...

AMMATA KELE UNA

අම්මට කෙළඋනා ....කියාල ..

අඬ අඬා වෑං කබලක් හයර කොරාගෙන කට්ටිය එහේ යනකොට ලෙඩාගෙ මැලේරියාව...කැලෑ උණ... හොඳවෙලා..
කස්ටිය විසිල් ගගහ ඉන්නවලු ....

ඉතිරි හරිය හිතාගන්නකෝ..

විනෝද සමයෙ කට්ටිය එකදවසක් ....
තැපැල් කංතෝරුවෙ .....
ටැලිකරැං ගහන වැඩසටහනක් ....

පෝස්ට් ඔෆීස් දෙකේම සද්දෙ අපට ඇහෙනව...

අර චාලි හැරී බාසාවෙන් කියනව........හෑල්ල ....

ඒ අතරෙ ඒ යාලුවො දෙන්නගෙ පුද්ගලික කතාවකුත් වචන දෙකතුන යනව .....

ටෙලිග්‍රම් එකටත් අරකතාවෙ වචන එකක් දෙකක් ලියාගෙන .....

.
අහගෙන ඉන්න අයට හිනාවෙලා ඉල නෑ ..

අන්තිමට එවපු කෙනාගෙ නම ....මටනං කවදාවත් අමතක වෙන්නෙම නෑ...

හොරවල කදී පීරිස්

අනික් පැත්තෙං අහනව .....
කරවල හොදී ද කියල ...

ඉස්සර පොලීසියෙ රාලහාමිලාටයි....පියුං මහත්තැංලාටයි ....දෙගොල්ලන්ටම තිවුනෙ ...

අත් දිග කෝට්ටෙකයි...කොට බාල්දි කලිසමයි....

පොලීසියෙ රාලහාමි මහත්තැංලත් සමාර වෙලාවට පාගන බයිසිකලෙං එනව ..

දුර පේන පාරක ඈතින් එනකොට අඳුනන්න අමාරුයි...

හැලි අරක්කු කාරයො බීල ...
පාලු රබර් මංඩිවල...
පාලු වෙල්වල අපූරුවට එනව....

කඩ මංඩිය ලංවෙනකොට හොඳට වෙරි....කුණුහබ්බ ඉවරයි ...සරමෙං බාගයක් අතේ...

වැනෙන වැනිල්ලට පාරෙ යන්නත් බෑ...වගෙ.

එක දවසක් ඈතිං පියුං මහත්තය පල්ලමේ හැටට හැටේ බයිසිකලේ ඈතිං එනව...

මෙන්න බොලේ .....බීපු මිනිහගෙ වෙරි හිඳිල අපූරුවට කඩේකට යනව මහත්තයෙක් වාගෙ ..

පස්සෙ කොල්ලො හූ කීව....

දිගවැඩිවුනා ..නවත්තමු නේද

හිමිකම අනුංගේමවන චායාරූප ඉන්ටෝනැට්ටෙං...

අවුරුදු ගානකට ඉස්සෙල්ල එකක්...

Gamini Ranasinghe
Assitant Director
Education department of sri lanka

No comments:

Post a Comment