Monday, August 26, 2019

ලස්සන ජීවිතයකට - ඔබේ නිවස සහ වාස්තු

මිනිසා.. ජීවිතය පුරාවට සැප සම්පත්, දැණුම, අධ්‍යාපනය, ආරක්ෂාව සොයා නිරතුරුවම වෙහෙසෙති.  සමාජය පිලිගත් අයෙකු ලෙස ජීවත්වීම, අන් අයගේ සිත් තුල තමා වැදගතෙකුයයි හැඟීමක් ඇතිවන ලෙසට ජීවත් වීම.  ප්‍රසිද්ධ අයෙකු බවට පත්ව ජීවත්වීම වීම.. බොහෝ අයගේ සිහිනයයි. එදා වේල කාල කාටවත් කරදරයක් නැතිව ජීවත් වීම තවත් සමහරුන්ගේ සිහිනයයි. නිරෝගීව ජීවත් වීම සමඟියෙන් ජීවත්වීම ආරක්ෂා සහිතව සතුරු කරදර ලෙඩදුක් නොමැතිව ජීවත් වීම මේ හැමෝගෙම සිහිනයයි. තරාතිරම කෙසේ  වුවද සියල්ලන්ම තමන්ගේම නිවසක, වාසස්ථානයක ජීවත් වීමට පෙරුම් පුරති. අපේම කියල තැනක වැටිල ඉන්න තිබුණනම්.., බොහෝ අය එසේ කියනවා මට ඇසී ඇත, ඇතම් අයට නිවාස ඉඩකඩම් පරම්පරාවෙන් හෝ දායාදයෙන් හිමිවෙති. තවත් අය මිලදි ගනිති, අවුරුදු ගානක් දුක් මහසි වී වැඩ කර තමාට එකතු වූ අරමුදලකින් ගෙවල් දොරවල් සාදා ගන්න වෙහෙසෙමින් උත්සහ දරණ අයද සිටිති. සාදාගත් නිවස තුල සතුටක් ප්‍රීතියක් සැනසීමක් නැතිව, හදි හූනියම් වලට මැදිව අසතුටට , අසමඟියට පත්ව ජීවත් වන්නන්ද ඇත. සියල්ලෙන් ගැලවී නිවස විකුණන්න උත්සහ දැරුවද විකුණන්නට නොහැකිව පසුතැවිල්ලෙන් ජීවත්     වන්නෝද සිටිති. කෙලෙස කොහොම සිටියත් සිදුවී ඇති සියල්ල සාධාරණය . ඔබ කලින් බව වල හෝ මේ බවයේ කල පව්.. දැන් ඔබට පලදෙමින් තිබේ..
*** ලිපිය තව කියවන්න Read More  ක්ලික් කරන්න ***


මේ ලිපිය ඔබට වාස්තු සහ ජ්ය්‍යොතිශය ඉගැන්වීමට නොව. ඉහත කී කාරණා වලින් මිදීමට ඔබට හැකියාවක් ඇතැයි කියා ඔබව දැණුවත් කිරීමට ගෙනෙන පනිවිඩයක් ලෙස සලකන්න.  ඔබේ පෙර බව වල පාප කර්ම යටපත් කිරීමේ ක්‍රමයක් වාස්තු, ජ්යෝතිශය සහ ශාන්ති කර්ම ක්‍රම තුල ඇත. ධ්‍යාන, කුන්ඩලණී ශක්ති සහ නොයෙකුත් සමාධි තල වල පිහිටන්නන්ගේ අනුග්‍රහය මත ඔබට දේව ශාප භූත දෝශ සහ තව බොහෝ එවැනි දේ වලින් මිදිය හැක, ශාස්ත්‍ර වරම් ගත් අයගෙන් ඔවුන් වෙත අරෝපණය වන්නන්ගේ අනුග්‍රහය මත තවත් යම් යම් දෝෂ දුරු කරගත හැක. 
නිවසක් ඉදිකිරීම සඳහා භූමියක් තේරීමේදී තමගේ නමට ගැලපෙන ගමක් තෝරා ගැනීමේ ක්‍රමයක් අතීතයේදී පාවිච්චි වූ අතර ක්‍රමයෙන් අද ගතකරන කාර්ය බහුල ජීවත්වීමත් සමඟ එකී පරණ ක්‍රම අපෙන් ඈත් වී ඇත. අද බොහෝ විට කරණුයේ තමාට හිමි වූ ඉඩමක හෝ තමා සතු මුදලට ගත හැකි ඉඩමක නිවසක් සාදා ගැනීමයි. භූමිය තෝරා ගැනීමේදී එහි හැඩය ගැන සැලකිලිමත් විය යුතුය. එයනම් තවම ජනතාව අතර පවති.. 
නිවසක් ගොඩනැගීමට නුසුදුසු භූමි වශයෙන් එකල පූජා භූමි, සොහොන් පිටි, තුන්මන්හoදි අසල නම් කලද අති විශාල පහසුකම් වලින් යුතු නිවෙස් කොතෙකුත් ඒ ස්ථාන වල සාදා තිබෙනවා අද දකින්නට ඇත. පර්චස් පහක හෝ සමහරවිට ඊට වඩා අඩු බිම් කඩක ප්‍රේත පාද , මනුෂ්‍ය පාද, දේව පාද ගැන නොසිත සෑදූ ලස්සන සැප පහසුකම් පිරි නිවෙස් අප දැක ඇත. බ්‍රහ්ම පාදය ගැනනම් බොහෝ පිරිසක් අදටත් උනන්දු වන අතර ඇතැම් ගෙවල් වල එය නොපෑගෙන ලෙස කුඩා බoකුවක්, මල් පෝච්චියක්, කලයක්, උස පිත්තල පහනක් මේ වාගේ නොයෙක් දේ තබා, නැති දොසුත් ලoකරගෙන තිබෙනවා මා පරීක්ෂා කරන්න ගිය සමහර නිවෙස් තුල මා දැක ඇත. ඉතින් එම නිවෙස් තුල ජීවත් වන අය සතුටින් හා නිරෝගී බාවයෙන් යුතුව ජීවත් වනවාද?. බොහෝ විට නැත. සතුටින් ජීවත් වනවා නම්. එය වාස්තු දෝෂ නොවන විදිහට වාස්තු විද්‍යා උපදේශකයකුගෙන්  ගත් උපදෙස් මත සෑදූවකි. ඇත්තටම ඔබට වාස්තු ගැන යමක් දැන ගැනීමට ඔබ කියවන ලිපි, ඔබ නරඹන වැඩසටහන් උපයෝගී කරගන්න ඒත් ඔබේ නිවස නිර්මාණය කිරීමේදී වාස්තු උපදේශකයෙකුගෙ, ජ්‍යෝතිෂ මහත්මයෙකුගෙ උපදෙස් ලබා ගන්න.. ඔවුන් ඔබේ කර්මය වෙනස් කරන අය වන අතර ඔබට භාහිරින් නොපෙනුනත් ඔවුන් සතුව යම් ශක්තියක් ඇත. සොයා ගත් සුලු සුලු දැනුම් මත ඔබම නිවසෙහි නිර්මාණය හෝ වෙනස් කිරීම් නොකර සිටීමට වගබලාගන්න. මට මුණගැසුන මා පරීක්ෂා කල බොහෝ නිවෙස් තමන්ම නිර්මාණය කර වැඩ වරද්ද ගත්ත අයගේය, ඔබේ කර්මය වෙනස් කිරීම පහසු නැත ඇතැම් විට එය වෙනස් කරන්නාටද එහි බලපෑම් එනු ඇත.. ඔබේ උපදේශකය ඔබේ කර්මය සමඟ, පොරබදියි, අමනුශ්‍යන් සමග සටන් වදියි. “මුන් කල පාපය නිසා අපි මෙහෙම මුන්ව තියල තියෙනව ඇයි උඹ ඒක වෙනස් කරන්නෙ..” එසේ ඔහුගෙන් අහන්න අය ඇත, ඉතින් හිතවත් පාඨකයිනි ඒ සඳහා ඔහු සුදුස්සෙක් නොවුනොත් ඔහුටත් යම් බලපෑම් එනු ඇත.. මේ ගැන සැලකිලිමත්වන්න. 
නිවසක් නිර්මාණයේදී ඔබ මුල් කරගෙන ඔබේ රියනට මිම්ම ගෙන සෑදීමේ ක්‍රමයක් ඇත එසේ කරනවානම් ඔබ යම් වැදගත් නිලයක්, බලයක් අගයක් තියෙන අයෙක් විය යුතුයයි මගේ අදහසයි. එය ඔබේ වයස ඔබේ නිලය, බලය ගැන සිතා සැදිය යුතුයි.. අනික් ක්‍රමය සියල්ලන්ටම යහපත  සෙත සැලසෙන ලෙස සාදන ක්‍රමයයි.. ඔබ කැමති මෙයින් එක් ක්‍රමයකට ඔබට නිවසක් සාදා ගත හැක.. සිටින නිවස වෙනස් කරගැනීමටද හැක. 
ඔබේ ඉඩමෙ හැඩය සහ බෑවුම ගැන ඔබ සැලකිලිමත් වන්න විශමාකාර සහ ත්‍රිකෝන හැඩ නැති චතුරශ්‍රාකාර ඉඩමක් නම් සහ බෑවුම උතුරට හෝ ඊශානට නම් එය වඩා සුදුසුයි..  ඔබේ නිවස කොතන පිහිටුවත් එයට ප්‍රධාන දිශා හතරක් සහ අනු දිශා හතරක් ඇත. නිවසෙහි මුහුණත පිහිටි දිශාව අනුව අවශ්‍යවන්නේ ප්‍රධාන දොරවල් දෙකක්ද තුනක්ද කියාත් ඔබ යම් බලතල සමාජ සම්බන්ධතා ඇති අයෙක්නම් දොරවල් හතරක්ද යන්නත් ඔබේ වාස්තු උපදේශකගෙන් අසා දැන ගන්න. දොරවල් ස්ථානගත කිරීමේදී නිවැරිදි පාද වල ස්ථාන ගත කල යුතුයි. පසු කාලීනව නිවෙස් වලට අලුත් කොටස් එකතු කිරීමෙන්, නිවැරිදි පාද වලට තබා ඇති දොරවල් වෙනස් වී අසුබ පල ලැබේ. මෙය අද බහුලව සිදු වන්නකි. එම වෙනස් කිරීම් මත බ්‍රහ්ම පාදය තිබෙන තැනත් වෙනස් වන අතර නව ඉදිකිරීම කරන දිශාව අනුව තව අසුබ දේ සිදු විය හැක. නිවසක දොරවල් ස්ථානගත වී ඇති ස්ථාන අනුව ඒ නිවසෙ සිටින්නන්ට සුබ හෝ අසුබ දේ සිදුවන නිසා ඔබ ඒ ගැන අවදානයෙන් නිවැරිදි ස්ථාන වලම ස්ථාන ගත කරගන්න.
ඔබගේ වැසිකිලි වල සෑදීමේදී එය කැපිය හැකි දිශා දෙකක් ඇත ඒ ගැනත් ඔබ අසා දන ගත යුතුයි. එය ස්ථානගත කල හැකි දිශා දෙකින් පලමු දිශාවට දැමීමට නොහැකිනම් පමණයි දෙවැනි දිශාවට ගත යුත්තෙ. දෙවෙනි දිශාව දැමීමේදීත් යම් දෝෂ හට ගනී. අනික ඔබ ලිඳක් කපනවා නම් එය ස්ථාන ගත කිරීමටත් නිවැරිදි දිශාවක් සහ පාදයක් ඇත. එසේ නොමැති උනොත් පීඩා ඇති වෙයි, සුදුසු නොවන ස්ථාන දෙකක ලිඳ සහ වැසිකිලි වල තිබීමෙන් ගෙල වැළලාගෙන මැරුණු කිහිප දෙනෙකුගේ නිවෙස් මා පරික්ෂා කර ඇත, ඔබට ලිඳ අවශ්‍ය නැතිනම් ඔබේ හිතුමතේට එය වැසිය නොහැක.  අවශ්‍ය ආකාරයට වත් පිලිවෙත් මැද එය පුද පූජා දී කල යුතුයි. නැතිනම් එයිනුත් ඔබේ නිවැසියන්ට හා ඔබට ජීවිත කාලය පුරාවටම පීඩාවක් විඳීමට සිදුවේ. ජ්‍යෙතිශය හා වාස්තු තුල සම්බන්ධතාවයක් එකින් එකට ඇත. ඔබේ නිවසයි ඔබේ ග්‍රහ පිහිටීමයි අතර එසේනම් සම්බන්ධතාවයක් තිබේ.
මා මුණගැහෙන්න කේන්දර අරන් එන අයට” ඔබ නිවසෙහි ලිඳක් තිබී වැසුවා නේද..? ඔබේ ඉඩමේ පල් වූ වතුර ඇති ලිඳක් තියෙනවනේද..? මා ඒ අහන්නෙ කේන්දරයෙන් ඒ දේවල් පේන නිසයි. මේ මෑතකදී කේන්දර පරීක්ෂා කරගන්න මා වෙත පැමිණි අයෙක්ගෙන් මා ඒ ගැන විමසූ අවස්ථාවක්.
“ඔබේ නිවසේ ඔබේ පුතා වහන්න දෙන්නෙ නැති හැමවෙලේම බැම්ම මත වාඩිවී සිටින ලිඳක් තිබෙනවාද ?.
 “ඔව් මහත්තය”.
 “ඒක තමයි පුතාගෙ මාරකය. “
 “අපි ඒක වහන්න යනව එයා කැමති නැහැ.”
 “හ්ම්ම්..” 
“මහත්තය එයාගෙ කාමරේ ජනෙල් පියන් ඇරියම පේන්නෙ ලඟින් තියෙන ඒ ලිඳ. එයා නිදියනකොට ඔලුව දාන්නෙත් ඒ පැත්තට. මහත්තය කවදාවත් එහෙ ඇවිත් නැහැ.. කොහොමද ලිඳ ගැන දන්නෙ ?”
 “පරිස්සම් වෙන්න කොයි වෙලාවෙ හරි පුතා ඒකට වැටෙන්න පුලුවන්”
ඊලඟට ඔබට බොහෝ වැදගත්වන මුලුතැන් ගෙය,  එහි ලිප පත්තුවිය යුතු සහ වතුර නල සවිකල යුතු තැන්, ප්‍රධාන නිදන කාමරය, දරුවන්ගේ කාමර, පහන පත්තු කරන තැන, නාන කාමර.. ඔබට අවශ්‍යවන මේ සියලු තැන් ඒ සඳහා නියමිත වූ දිශාවන්ට ස්ථානගත කල යුතුය. ඔබේ නිවසේ දිශා නමයට අයත් මූල ධාතු සහ ඒවාට අයත් ගුණයන්,  ග්‍රහ පිහිටීම් ඇත. ඔබ කැමති උනත් නැතත් එක් එක් ධාතූන් එකිනෙකට විරුද්ධව හෝ එකිනෙකට උපකාරී වන ලෙසත්, එසේ කිසිත් ඇති නොවන ලෙසත්, ග්‍රහයින් ඔබේ කේන්දරවලට සුබ ලෙසට සිටියත් අසුබ ලෙසට සිටියත් යම් කිසි රටාවක , ක්‍රියාදාමයක සැම මොහොතකම ක්‍රියාකරමින් සිටියි. මෙවැනි කෙටි ලිපියකින් සාගරයක් බඳු ජ්‍යෝතිශ, ශාස්ත්‍රය සහ වාස්තු විද්‍යාව ගැන ඔබට පූර්ණ වැටහීමක් ලබාදීමට නොහැක. වරින් වර මෙවැනි කෙටි ලිපි මගින් ඔබට ඒ ගැන යම් දැනීමක් ලබාදීමට උත්සහ කරන්නම්.. ඉතින් ඔබේ නිවසට අයිති කොටස් මේසේ දැනගන්න
*ඔබේ රැකියාවට, ව්‍යාපාර දියුණුවට, ආදායමට බලපෑමක් ඇතිකල කොටසක් ඔබේ නිවසේ එක් දිශාවක ඇත.
*ඔබේ ප්‍රසිද්ධියට ජනප්‍රියතාවයට බලපෑමක් ඇතිකල හැකි කොටසක් ඔබේ නිවසේ එක් දිශාවක ඇත.
*ධනය, මිලමුදල් ලැබීම ලාභ ඉපයීමට බලපෑමක් ඇතිකල හැකි කොටසක් ඔබේ නිවසේ එක් දිශාවක ඇත.
*ඔබේ සමාජ සම්බන්ධතා , නෑදෑ හිතවත්කම්, යහපත් අයගේ ඇසුර ගෘහ මූලිකයගේ හෝ නිවසෙහි පිරිමි පාර්ශවයේ දියුණුව, නිරෝගීභාවය, විවාහ තුලින් අලුතින් පවුලට එක්වන පිරිමි උදවිය නිවසෙහි කාන්තාවන්ගේ විවාහ ප්‍රමාද වීම මේ හා සම්බන්ධ කාරණා වලට බලපෑම් කලහැකි කොටසක් ඔබේ නිවසේ එක් දිශාවක ඇත. 
*ලැබීම, අධ්‍යාපන ජයග්‍රහණ, අද්‍යාත්මක ශක්තිය, සාමය, හොඳ අසල්වැසියන්, දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ඔබට ලැබෙන කොටසක් ඔබේ නිවසේ එක් දිශාවක ඇත. 
*පවුල් ජීවිතය, ආදරය, නිවසෙහි ප්‍රධාන හා සෙසු කාන්තා පාර්ශවය, ධනය ඉතිරිය, කාන්තා රෝග, අඹුසැමියන් අතර සමඟිය අනියම් සම්බන්දතා.. මේ දේවල් වලට බලපෑම් ඇති කල හැකි  කොටසක් ඔබේ නිවසේ එක් දිශාවක ඇත.
*නිරෝගී බව , පවුලේ වයස්ගත උදවියගේ නිරෝගී බාවය දීර්ඝ ආයුශ මේ කාරණා වලට බලපෑම් ඇතිකල හැකි කොටසක් ඔබේ නිවසේ එක් දිශාවක ඇත.
*දරුවන් , ඔවුන්ගේ අධ්‍යාපනය, ඔවුන් නිවෙස් හැර යාම්, සහ ඔවුන්ගේ දියුණුව මේ හා සම්බන්ද කරුනු කාරණා වලට අදාල බලපෑම් ඇති කල හැකි කොටසක් ඔබේ නිවසේ එක් දිශාවක ඇත.
ඉතින් ඉහත මා සඳහන් කල කාරණා කීපයට අමතරව තව බොහෝ කාරණා වලට අදාල ස්ථාන නිවසක් තුල පිහිටවිය හැක. ඉහත කී කාරණා මා සිතනවා පොදුවෙ කාටත් යහපතක් වන කාරණා කියා. සියලු කොටස් ස්ථානගත විය යුත්තේ ඒ ඒ ශක්තීන් ලැබෙන දිශාවන්ට අනුවයි, ඒ ඒ පැති වලට ඇති මූලධාතු වලට අවහිරයක් නොවෙන ලෙසටය. එය ඔබේ වාස්තු උපදේශකගෙන් අසා දැනගෙන නිසියාකාරව නිවස නිර්මාණය කරගන්න. නැත්නම් ඔබේ යහපත සඳහා ඉදිකල හැකි ඔය කොටස් තුලින් ඊට ප්‍රතිවිරුද්ධ දේ සිදු වෙනු ඇත, උදාහරණයක් ලෙස කීවොත් දේව ආශිර්වාදය ලැබෙන දිශාවෙහි ඔබ මුළුතැන් ගෙය සාදා තිබුනොත් එය දෝෂ බොහෝමයකට මුල් වෙයි මොකද මුළුතැන් ගෙය තිබිය යුතු තැනටත් ඔබ වෙන කොටසක් ගෙනත් ඇති නිසායි. ඔබ එතනට වැසිකිලි වල ගෙනත් තිබුනොත්, දේව ආශිර්වාදය ලැබේවිද? ඒ ශක්තිය ඒ දෙසින් ඒවිද? ඇත්තටම එය වැලකී යනු ඇත. මෙවැනි කෙටි ලිපියකින් ඔබට වාස්තු ගැන ලොකු දැනීමක් දීමට අපහසුයි නමුත් මා සිතනවා ඔබට යම් දැනීමක් ලැබෙන්න ඇති. ඔබ කුලී නිවසක හෝ අඩක් හෝ සම්පූර්ණව නිමකල ඔබේ නිවසෙහි ඉහත කී ප්‍රශ්න ඇතිව පීඩාවෙන් සිටීනම් දුකින් රෝගාතුරව සිටීනම් අමනුෂ්‍ය පීඩාවකට ලක්ව සිටීනම්, ඔබේ සහකරු සහකාරිය ඔබව හැරගොස් ඇත්නම්, සියලු ජීවිත අසාර්තකනම් ඇත්තටම ඔබ නිවසේ මෙවන් වාස්තු දෝශ තිබිය හැක. ඒත් ඔබ කැමතිනම් එහි ඇති දෝෂ සියල්ල නිවැරිදි කල හැක.  ඔබ නිවැරිදි උපදේශකයෙක් සොයා යන්න. ඔබේ කර්මය යටපත් කිරීමට ඔබට, ඔබේ නිවසට යම්  අමනුෂ්‍ය බලපෑමක් ඇත්නම් එය නැවැත්වීමට ඔහුට හැකිනම් ඔබ වාසනාවන්තයි. ඔහු ඔබට විසඳුම් සලසා දේවි. ඔබේ ජීවිතය වෙනස් කරාවි, ඔබව යහපතට හරවා තබාවි.  තවත් දිනයක ඔබව මේ හා සම්බන්ධ  තව කාරණා ඇති ලිපියකින් හමු වෙමු. ඔබ සැමට යහපතක් වෙත්වා..
නිශාන්ත මාරසිoහ
(සුබ ශක්ති ජ්‍යෝතිෂ වාස්තු සහ ශක්ති ගවේශණ මධ්‍යස්ථානය )
* කොට්ටාව, සහ *මහනුවර 0771591675

No comments:

Post a Comment