Posts

Showing posts from August, 2019

සතියේ ලග්න පලාපල 26-08-2019 සිට 01-09-2019 දක්වා.

Image
  මේෂ ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තුව සිටි යම් අදහසක් කාරණාවක් සඵල වෙන, ඉෂ්ඨ වෙන කාලයක්. වෙනදාට වැඩිය නිවස තුල යම් පමණකට සාමය සතුට පිරි සතියක්, නෑදෑ සමීපතයන් සමඟ විනෝදෙන් සිටින සතියක් සහ වෙනදාට වඩා පවුලේ වැඩ කටයුතු වලට යොමුවන සහ සහභාගී වන, ඒ වැඩ කටයුතු බොහෝ දුරට සාර්ථක වෙන සතියක්, උදරාබාද, ස්වශන ආභාද හට ගත හැකියි .එයට නිවැරිදි ප්‍රතිකාර ලබා ගන්න. සති ආරම්බයට වඩා සති මැද, සති අග දවස් සුබයි, ආදරය, ප්‍රේමය සම්බන්ද ප්‍රශ්ණ වලට මැදිහත්ව දැනට සිටින අය තම ජීවිතයේ වටිනාකම වටහා ගෙන ජීවත් විය යුතුයි, කලකිරීම්, ගැටලු, ප්‍රතික්ෂේප වීම් මතු විය හැකියි. වෘශභ ලග්නයෙන් උපන් ඔබ ඔබට බොහෝ විශ්වාසවන්තව සිටි අයෙකුගේ වචනයට රැවටිය හැකියි. විදේශ ගතවෙන්න සිතා සිටිනවානම් හෝ සේවය කරන ස්ථානයේ ස්ථාන මාරුවක් ඉල්ලා සිටිනවානම් තවමත් එය ඉශ්ඨ වෙන්න පුලුවන් කාලයක්. වෙනදාට වඩා පවුලේ අන අයත් සමඟ වැඩ කටයුතු කරන්නට සිදුවන සතියක්. පවුලේ යම් ආරවුලක් තිබුණේනම් සති අග වන විට එය විසඳී යනව. මිශ්‍ර පල ගෙන දෙන සතියක්, හෘද රෝග හටගත හැකියි. මිථුන ලග්නයෙන් උපන් ඔබ , පසු ගිය කාල සීමාව තුල ඔබේ හිතේ තිබුණු අවි...

ලස්සන ජීවිතයකට - ඔබේ නිවස සහ වාස්තු

Image
මිනිසා.. ජීවිතය පුරාවට සැප සම්පත්, දැණුම, අධ්‍යාපනය, ආරක්ෂාව සොයා නිරතුරුවම වෙහෙසෙති.  සමාජය පිලිගත් අයෙකු ලෙස ජීවත්වීම, අන් අයගේ සිත් තුල තමා වැදගතෙකුයයි හැඟීමක් ඇතිවන ලෙසට ජීවත් වීම.  ප්‍රසිද්ධ අයෙකු බවට පත්ව ජීවත්වීම වීම.. බොහෝ අයගේ සිහිනයයි. එදා වේල කාල කාටවත් කරදරයක් නැතිව ජීවත් වීම තවත් සමහරුන්ගේ සිහිනයයි. නිරෝගීව ජීවත් වීම සමඟියෙන් ජීවත්වීම ආරක්ෂා සහිතව සතුරු කරදර ලෙඩදුක් නොමැතිව ජීවත් වීම මේ හැමෝගෙම සිහිනයයි. තරාතිරම කෙසේ  වුවද සියල්ලන්ම තමන්ගේම නිවසක, වාසස්ථානයක ජීවත් වීමට පෙරුම් පුරති. අපේම කියල තැනක වැටිල ඉන්න තිබුණනම්.., බොහෝ අය එසේ කියනවා මට ඇසී ඇත, ඇතම් අයට නිවාස ඉඩකඩම් පරම්පරාවෙන් හෝ දායාදයෙන් හිමිවෙති. තවත් අය මිලදි ගනිති, අවුරුදු ගානක් දුක් මහසි වී වැඩ කර තමාට එකතු වූ අරමුදලකින් ගෙවල් දොරවල් සාදා ගන්න වෙහෙසෙමින් උත්සහ දරණ අයද සිටිති. සාදාගත් නිවස තුල සතුටක් ප්‍රීතියක් සැනසීමක් නැතිව, හදි හූනියම් වලට මැදිව අසතුටට , අසමඟියට පත්ව ජීවත් වන්නන්ද ඇත. සියල්ලෙන් ගැලවී නිවස විකුණන්න උත්සහ දැරුවද විකුණන්නට නොහැකිව පසුතැවිල්ලෙන් ජීවත්     වන්නෝද ...

හදවතක රැඳි මතක සටහන්

Image
කොළඹ හිටපු අපේ තාත්තයි අම්මයි දෙන්නම ගමේ යන්න ඕනෙ හින්ද කලිම්ම එකපාරම පැන්සොං ගියා හැට හයේ සැත්තෑම්බර මාසෙදී... ඒවගෙ අය තාමත් ඉන්නවනෙ . මිලියනයක් විතර පඩි හා වරප්‍රසාද අතෑරල..... මොනයම්ම දෙයක්වත් බලාපොරොත්තු නොවී ලංකාවට එන්නෙ ඕනෙ තරං ...... ඒකට තාත්තලට ආසාවක් ඇතිවෙන්න ඇති . ඒකට හේතුවූ කරුණු කිහිපයකුත් අපට කීව... ඒව එක එක ..... වෙන වෙනම .... පෝස්ටුවල ලියන්න තරම්ම අපූරු ඒවා.... **** ලිපිය තව කියවන්න read more  ක්ලික් කරන්න***

කොන්දේ අමාරුවෙන් පීඩා විඳින ඔබට

Image
*  පහල read more  ඔබා ලිපිය ඉතුරු ටික කියවන්න

ඔබේ නිරෝගී සුවය සඳහා..අස්ථි රෝග පිළිබදව

Image
ඔබේ නිරෝගී සුවය සඳහා..   අස්ථි රෝග පිළිබද කතා කිරීමේ දී අස්ථි කැඩීම්, බිදීම්, පැනීම් සහ සන්ධි රෝග කොදු ඇට පෙළේ රෝග (ආතරයිටීස්,ඔස්ටියෝපොරෝසිස්) යන රෝග ද ඇතුලත් වෙනව . කොදු ඇට පෙළේ රෝග ගත් විට කශේරුකාස්ථි කොදු ඇට පෙළ ඇදවීම, කොදු ඇට දිරායාම, ඈත්වීම, ස්නායු තෙරපීම, ග්‍රීවාස්ථි එනම් බෙල්ලේ අස්ථි යන රෝග මෙම ගණ ය ට  අයත් වෙනව.. දේශීය වෛද්‍ය ක්‍රමයට මෙම රෝග තත්වයන් සුව කළ හැකි බව අස්ථී රෝග පිළිබද විශේෂ වෛද්‍ය එම්. ඒ මදනායක මහත්මා පවසනව. එවැනි දේශීය මෙන්ම විදේශීය රෝගීන් විශාල සංඛ්‍යාවක් එතුමාගෙන් ප්‍රතිකාර ලබා ගෙන මේ වන විට සුවය ලබා තිබෙනව. ඉතින් ඉහත රෝග පිළිබදව වෙන වෙනම විස්තරාත්මක ලිපි පෙලක් ඉදිරියේදී හිරු රැස සඟරාව තුලින් ඔබ වෙත ගෙන ඒමට  අප බලාපොරොත්තු වෙනව. ඒ ඔබේ ජීවිතයට මහත් උපකාරයක් වේවි... රැඳී සිටින්න හිරු රැසත් සමඟ.                 එම්. ඒ මදනායක   අස්ථී රෝග පිළිබද විශේෂ වෛද්‍ය  අංක 59, බොරාල පාර වැලිගම.   0769733820

රාහු කාලය සහ සුබ මොහොත අගෝස්තු 21 සිට 26 දක්වා

Image

ලග්න පලාපල 19-08-2019 සිට 26-08-2019 දක්වා

Image
මේෂ ලග්නයෙන් උපන් ඔබට යම් යම් ආදායම් ක්‍රම, රැකියාව, ව්‍යාපාර තුලින් , ලාබ  සහ වාසි ලැබිය හැකි සතියක්. ඔබට පුතෙකු සිටිනවනම් ඔහුගෙන් උපකාර සහ ඔහුගේ කරුණාවට සහ ඔහු ඔබ ගැන සිතන ඔබට ආදරෙන් සිටින සතියක්. ඒ වගේම ඔබේ මව් පාක්ෂවයෙන් ඔබට මාමා කෙනෙකු  හෝ එවැනි නෑදෑ කමක් ඇති අයෙකුගෙන්  කෙනෙකුගෙන් උදව් උපකාර ලැබිය හැකි සතියක්, විශේශයෙන්ම ගේ, දොර ඉඩම් කඩම් සම්බන්ධව, මේ සතිය ඔබට යම් තාක් දුරට සතුටින් සිටිය හැකි සතියක්, ඒත් හර්ද රෝග ස්වශන ආබාධ සහ ආහාර ජීරණ පද්ධතියෙහි රෝග, මහා බඩ වැල ආශ්‍රිත රෝග විශේශයෙන් ඔබ කාන්තාවක්නම් ගර්භාශගත රෝග හට ගත හැකියි.   වෘශභ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුලදීත්  රාජකාරිය සේවය කරන ස්ථානයෙන් බොහෝ දුරට ස්ථාන මාරුවක් ලැබෙන සතියක්, ඔබ ඒ සඳහා ඉල්ලුම් කර තිබූ අයෙක් නම් බොහෝ දුරට ඒ කාරණා ව ඉශ්ඨ සිද්ධ වෙන සතියක්, ඔබ විදේශ ගතවෙන්න සිතා සිටි කෙනෙකුනම් ඒ කාරණයත් ඉශ්ඨ වෙන සතියක්, සතිය පුරාවටම  නිවස තුල අන් අයත් සමඟ  සමගියෙන් ජීවත් වෙන්න උත්සහ කරන්න , නිවස තුල ආරවුල් මත භේද රන්ඩු සරුවල් ඇති විය හැකියි. සති අග වන විට ඔබ යම්  ආර්ථික අපහසුථා...

කර්මය සහ භාවනාව

Image
කර්මය සහ භාවනාව මොහොතක් පාසා කර්ම රැස් කර කර ජීවත්වන සත්වයන් කල කී දේ අනුව නැවත නැවත සසරෙහි  ඉපදෙති, ඒ තම කර්මයන්ට සාදාරන වන ලෝක තුලය, දිව්‍ය බ්‍රහ්ම, අපා, මේ කවුරුත් දන්නා අසා ඇති තැන්ය. බුදු දහම තුල නොයෙකුත් තල ගැන විශාල විග්‍රහයන් ඇත, එහෙත් බොහෝ අය දන්නේ අපාය සහ දෙව් ලොව ගැනය.. බ්‍රහ්ම ලෝක ගැනය. සැම දෙනෙකුම වාගේ මේ සම්බන්ඳව අඩු වැඩි වශයෙන් දනී. ඉතින් මෙලොව පරලොව දෙලොවම සැනසීම උදා කර ගැනීමට බොහෝ ගිහි පිරිස් අද  පින් දහම් කරති. දාන මාන දෙති, සිල්වත්ව ජීවත් වීමට උත්සහ කරති. සමහරුන් බන භාවනාද කරති. අති උතුම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන වෙසක් පොහෝ දින තව දින කීපයකින් උදාවන නිසා භාවනාව ගැන යමක් ඔබට කීමට මට සිතුනි, ඒ මාගෙන් බොහෝ පිරිස් මේ ගැන විමසන නිසායි.  ඔවුන් ගෙන් බොහෝ අය යම් යම් තැන් වලට ගිහින් නොයෙකුත් ක්‍රම වලට භාවනාව උපදෙස් ඇතිව ප්‍රගුන කල අයය. බොහෝ තැන් වලට ගිහින් ගුරු හරුකම් ලබා ගත් අයය. සමහර අයට භාවනාව නවත්වන්න කියා ඒ තැන් වලින්ම  උපදෙස් ලැබී ඇත. ඒ සමහරවිට ඔවුන්ගේ යම් දෝෂයක් රෝගයක් ගුරුවරයා දුටු නිසා විය හැක. සමහර අය නේවාසිකව වෙන රටවල...

ලග්න පලාපල 2019-8-12 සිට 2019-8-18 දක්වා

Image
මේෂ ලග්නයෙන් උපන් ඔබ විවාහක අයෙකුනම් ඔබේ දුව පුතා  සහ පියා ගැන වැඩිදුරට හිතන, අවදානය යොමු කරන සතියක් , අවිවාහක අයෙකුනම් සහෝදර සහෝදරියන් ගැන වෙනදාට වඩා වැඩියෙන් සිතන සතියක්, ඔබේ ශරීර සෞඛ්‍ය  ගැන කතා කලොත්, උදරය ආශ්‍රිත රෝග , ආහාර ජීරණ පද්ධතිය සම්බන්ධ රෝග සහ හර්දය ආශ්‍රිත රෝග වැලඳිය හැකියි. ඔබ පරිස්සම් විය යුතුයි, සතුරු කරදර,විරෝදතා ඇතිවිය හැකියි, සති අග වන විට ඔබෙන් උදව් උපකාර ලැබූ කාන්තාවක් විරසක වෙන බවක් දකින්නට තියෙනව.සති අග වෙද්දි ඔබේ ආර්ථික ගැටළු විසඳී යනව. ඔබට ලැබෙන්නට තියෙන දෙයක් ඇත්නම් ලැබෙනව, සහ යහපත් සිතුවිලි සහ අරමුණු ඔබේ සිත තුල හටගන්නව..   වෘශභ ලග්නයෙන් උපන් ඔබට රාජකාරිය, සේවය කරන ස්ථානයෙන් බොහෝ දුරට ස්ථාන මාරුවක් ලැබෙන සතියක්. ඔබ ඒ සඳහා ඉල්ලුම් කර තිබූ අයෙක් නම් බොහෝ දුරට ඒ කාරණාව ඉශ්ඨ සිද්ධ වෙන සතියක්, ඔබ විදේශ ගතවෙන්න සිතා සිටි කෙනෙකුනම් ඒ කාරනයත් ඉශ්ඨ වෙන සතියක්, සතියේ මුල් දින කීපය තුල , සෙම් රෝග සහ ශ්වසන ආබාධ හට ගත හැකියි, ජලය පරි හරණයේදි ප්‍රවේශම් වෙන්න.. ගoඟා, මුහුදු, දිය ඇලි හෝ මෙවැනි තැන් ආශ්‍රිතයේ නොගැවසෙන්න, මේ...

රාහු කාලය සහ සුබ මොහොත

Image

ජීවිතය දැකිය හැකි ජ්‍යෝතිෂය

Image
මතුවට එන හොඳ හෝ නරක ගැන කලින් යම් දෙයක් දැනගැනීමට අවශ්‍යනම් ඒ සඳහා ඔබට ජ්‍යොතිෂය තරම් දෙයක් තවත් නැති තරම්ය. ඒ හා බැඳුනු වාස්තු විද්‍යාවත් ඒ තරමටම වැදගත් යයි කිව හැක. ඔබ ගිහින් ඉදිරියේ ඉඳගත් පසු ඔබට පෙරමගදී හමු වූ දේ පවා කියා නැති වූ දේ ගැනද කියා එය ඇති තැන පවා කියන නිමිති ශාස්ත්‍රයද මින් අයින් කල නොහැක. මේ අතර තව බොහෝ ආකාරයේ ශාස්ත්‍ර ක්‍රම ඇත. කලකට පෙර උගුරේ යමක් සිර වුනු අයට උගුර සෝදන්නට වතුර දී එම සිරවූ දෙය ඉවතට ගන්නා මහත්මයෙක් මා දැන හැඳින සිටියෙමි. නිවස පසු පස තිබුණු පහන් පැල වෙත ගෙන ගොස් යම් දේවතාවන් වහන්සේ නමකට ගාථාවන් කීපයක් කියා ඔහු ඒ කාර්ය කරනවා මා දුටිමි. එවකට මාගේ පුතාට වසර ගණනක සිට සුව නොවෙන උගුරේ පැටලවිල්ලක් කැස්සක් තිබුණි. ඔහු උගුරෙන් දත් මදින බුරුසුවක කෙන්දක් අරන් පෙන්විය, මා පුදුමයට පත්විය. මාගේ අත්ලෙහි ඇනුන වීදුරු කැබැල්ලක් වරෙක සුලු ශල්‍යකර්මයකින් ඉවත් කලද, පසුවත් එය එලෙසම එතන තිබුණු බවක් මට දැණුනි. දින හතක වගේ කාලයකදී මේ මහතා දුන් තෙල් පුලුන් කැබැල්ලක් පොඟවා එතන අලවා තිබීමෙන් වීදුරු කැබැල්ල එතනින් මතු විය. අද ඔහු මිය ගොස්ය. ඒ ශාස්ත්‍රය එතනින් නිමා විය. ඔහුගේ කා...

සාර්ථක ජීවිතයකට ඔබ ඔබව සොයා ගන්න

Image
ඔබ, ඔබේ ජීවිතය, ඔබ සිටින පරිසරය, ඔබත් සමඟ සිටින අනිත් අය, ඔබ ගෙවන ජීවන රටාව…...තව බොහෝ දේත් සමඟ මේ මේ කියූ සියල්ල ඔබ කලින් බව වල කල පව පින මත රැඳී සිදුව පවතින්නක්. ඇතැම් විට ඔබ බොහෝම සතුටින්, සැනසිල්ලෙන්, ප්‍රීතියෙන් ඉන්නවා වෙන්නට පුලුවන්. දුකින් කනසල්ලෙන් පසුතැවිල්ලෙන් ඉන්නඉන්නවා වෙන්නත් පුලුලුවන්. සමහර විටක ලෙඩක් රෝගයක් වැලඳී...ඒ නිසාම එක්තැන් වී, නැත්නම් කාත් කවුරුවත් නැතිව තනිවී…, මේ සියල්ලම කලින් බව වල කල පව පින අනුවම සිදුවන්නක්..සතුටින්, ප්‍රීතියෙන්, සැනසීමෙන් නම් කමක් නැත. දිගටම එය එලෙස පවත්වාගෙන යාමට ඔබ පින් දහම් කල යුතුය, කුසල් වැඩිය යුතුය.නමුත් ඔබ දුකින් නම්, ඔබ රෝගී වී නම්, ඔබේ විවාහය පවුල් ජීවිතය තුල ගැටළු නම්, ඔබේ රැකියාව... කොටින්ම ඔබේ ජීවිවිතය අසාර්ථකනම්.මෙයට ඔබ විසඳුමක් සෙවිය යුතුය.. ඇතැම් විට දැන් සොයමින් සිටිනවාත් විය හැක.  ඉතින් මෙයට විසඳුමක් තිබේවිද..?. මම ඔව් කිව්වොත් ඔබ සිතන්නේ කුමක්ද...  ඔබ කොහේ කොතනක කොහොම සිටියත් කර්මයෙන් නම් ඔබට සැඟවී සිටිය නොහැක. ඔබ කොතනක කොහේ කුමන අයුරකින් සිටියත් එය ඔබ පසු පස හඹාගෙන විත් ඔබ ඉදිරියේ සිටියි.. ඔබ කලයුත්තේ කුමක්...