Posts

Showing posts from September, 2019

යක්ෂ ආත්ම වලට මැදි වූ මහේෂිගේ කතාව

Image
ආදරය සහ වෛරය එකින් එකට පරස්පරය... තමන්ගේ කැමත්තට අනුව තමන්ගේ සිතට සතුට ප්‍රීතිය සැනසීම ලැබීම උදෙසා කෙනෙකුට තවත් අයෙකුට ආදරය කල හැක .....වෛරය ද එසේමය..එයින්ද කෙනෙකුට දුකක් වේදනාවක් ඇතිකොට තවත් අයෙකුට සතුටක් ලැබිය හැක... ඉහත කාරණා දෙකින් බොහෝ විට අප කැමති කාරණය වන්නේ පලමුවැන්නය..ඒ එය නිවරදි නිසා සහ ආදරය කරුනාවට අපි බොහෝ සෙයින් කැමති නිසාය...  ඒත් එවන් වූ  ආදරයක් කරුණාවක්  ලැබීමට අවශ්‍ය විටකදි එය සිතූ ලෙස නොලැබුණා නම් බලාපොරොත්තු වූ අයගෙන් එය  මගහැරුනේනම්. ආදරය , සෙනෙහස වෙනුවට ඒ අය දුකක් වේදනාවක් ඇතිකලේනම්.. එවෙනි හේතුවක් මුල්කොටගෙන දෙවෙනි කාරණෙහි යෙදී ඉන්නෙක් වැරදිද..? නැත්නම් නිවැරිදිද...?  ලෝකය එසේය. අප කැමති වූවත් නැතත් පෙර බව වලදී අප කෙනෙකුට අවැඩක් අසාදාරණයක් හිoසාවක් අකටයුත්තක් කලේනම් එය අප පසුපස හඹා එයි.. සමහර විට සoසාර ගණන් විය හැක.. එදා වුන අසාදාරණයට විරුද්දව මරණෙන් පසු වුවද ඔවුන් ට නැගීසිටිය හැක..  එය අද විය හැක, අනාගතයේ දවසක විය හැක, බොහූ විට ඒ එදා ඔහුට හෝ ඇයටවූ  අසාධාරණය දැකපු දෙවි කෙනෙකුගේද සහාය අනුබලය ඇතුවය. දේවතා මණ්ඩල, තරු පන්ති.....

කාන්තා ඔබේ නිරෝගීභාවයට - නාරි ගැටලු

Image
පසු ගිය සතියේ ලිපිය හා සම්බන්දයි 03. යෝනි විවරය  ආසාදන          ( Pruritus Vulvae) ලිංගේන්ද්‍රිය සහ ඉකිලි ප්‍රදේශයේ කැසීම සහ දැවිල්ල, බොහෝ කාන්තාවන් පීඩා විඳින තත්වයක්. නමුත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ ඉතාම කුඩා ප්‍රතිශතයක් පමණයි. සමහර කාන්තාවන් මෙම තත්වය දිගටම පැවතීම  නිසා දැඩි මානසික පීඩාවකට ගොදුරු වේ. ඇතැම්  විට එය විෂාදය දක්වා වුවද වර්ධනය විය හැකිය. දැන් අපි බලමු මෙවැනි රෝගී තත්වයක් ඇතිවෙන්නේ ඇයි කියල. මේ සඳහා බොහෝ හේතුත් තිබෙනවා. අසාත්මිකතා  ( Allergies ), විෂබීජ ආසාදන, චර්ම රෝග මෙන්ම පූර්ව පිළිකා තත්වයිනුත් මෙයට හේතු වෙනවා. නමුත් බහුලවම තිබෙන්නේ අසාත්මිකතා සහ ආසාදන තත්ත්වයි.

සතියේ ලග්න පලාපල 2019-09-09 සිට 15 දක්වා

Image
සිකුරු නීච කන්‍යාවට ඒම ඔබට කොහොමද...? සිකුරු 2019 සැ ප්තැම්බර් මස 10 වෙනිද අලුයම 2.10 ට කන්‍යාවට එනව.  ඒ  එයාට නීච රාශියකට, 11 වෙනිද අලුයම 4.35ට බුදත්  සිoහ  රාශියෙන් කන්‍යා රාශියට එනව ඒ බුදගෙ උච්ච රාශිය, දවසකට පමණ කලින් එම රාශියට ආ සිකුරු එහි නීච වෙමින් සිටිනව. සිකුරට මිත්‍ර වූ බුද තම උච්ච රාශියට පැමින ඇති බැවින්, සිකුරු පත්ව ඇති මේ නීච භාවය නීච භoගයක්  බවට පත් වෙනව. ඉතින්  සැ ප්තැම්බර්   29 වෙනිද දහවල් 12.29ට බුද කන්‍යාවෙන් තුලාවට යනව. නැවත සිකුරු නීචව කන්‍යා  තුල රැඳී සිටිනව. දින 6ක් පමන එසේ සිට ඔක්තෝබර් 4 දින අලුයම  4.42 ට සිකුරුත් තුලාවට යනව. ඔබට බුද්ධිය නුවන පහල වීමට හැකියි. අගහිඟකම් යම් තාක් දුරට අඩුවිය හැකියි.. ඒත් ඔබට විශේ ෂ යි කියා බොහෝ දේ ලැබේයයි සිතිය නොහැක, ඔබට ධන නිධාන පහල වේයයි සිතීමට සහ මෙයින් දැකීමට නොහැක.  ඒ සිකුරු යම් පීඩාවකට පත්ව සිටින නිසායි.  මේෂ ලග්නය හිමි ඔබ පවුලේ හෝ ඔබට හිතවතය සමඟ කරන ගනුදෙනු වලදී හෝ ඔවුන් සමඟ එකව සිටියදී යම් ගැටළු මතුවිය හැකියි, මතබේද හැලහැප්පීම් ඇතිවී ඔබත් සමඟ  විරසක...

සතියේ ලග්න පලාපල 2019- 09- 02 සිට 08 දක්වා.

Image
මේෂ ලග්නයෙන් උපන් ඔබ දිගින් දිගටම ඔබේ බලය ජවය බුද්ධිය නිර්මාණශීලී බව තුල වැඩකටයුතු කරගෙන යනව.. ඔබේ කාරණා අභිමතාර්ත ඉශ්ඨවෙන සහ ජය ගත හැකි සතියක් බොහෝ දුරට එය ජයගත හැකියි.. නමුත් ඔබතුලින් නිවැරිදි සාධාරණ දේ සිදු නොවන බවකුත් යම් පමණකට පෙනෙනව. ඔබේන් සහෝදර සෝදරියන් හෝ එවැනි හිතවත් අය ඈත්විය හැකි කාලයක්, අන් අය සමඟ වැඩ කටයුතු කරගෙන යාමේදී යම් පමණකට ගැටළු මතු විය හැකියි. විශේෂයෙන් විරුද්ධ පාක්ෂවයෙ අය සමඟ. දුර දිග නොබලාකරන වැඩ කටයුතු නිසා අන් අයගේ අප්‍රසාදයට, සහ ශාප වලට ලක් විය හැකියි.  වෘෂ භ ලග්නයෙන් උපන් ඔබට සතිය තුල විදේශ ගමන් බලාපොරොත්තුව සිටියානම් ඒ වැඩකටයුතු සාර්ථක වෙනව, ගමන් බිමන් සහ දුර බැහැරට ගිහින් හෝ තැනින් තැන ගොස් කරන ව්‍යාපාර සහ රැකියා කටයුතු සාර්ථක වෙනව. පවුල් ජීවිතය තුලත් යම් සාර්ථකභාවයක් පේනව, නිවාස ඉදිකිරීම් සහ මිලදී ගැනීම් වලට සුබ කාලයක්, පවුලේ අයත් සමඟ ආගමික කටයුතුවල යෙදීමෙන් දෙවියන් දේවතාවන් වැඳ පුදාගෙන යහපත් දේ ප්‍රාර්ථනා කිරීමෙන් අභිමතාර්ත ඉශ්ඨ කර ගත හැකියි. ස්නායූ ආ බා ද දීර්ග කාලීනව සුවනොවන නිදන්ගත් රෝග හට ගත හැකියි..  ශිව දෙවියන්ට වැඳ කලින් බව වල ක...

පෙර භවවල කල පව් පලදී ආදර සිත් බිඳෙන හැටි

Image
යෞවුන් විය ඇරඹෙනවාත් සමගම වෙනදා නොදැණුන හැගීම් තරුණ සිත් තුල ජනිත වෙයි. ඒ යෞවනියක් නම් යෞවනයෙක් කෙරේය, යෞවනයෙක් නම් යෞවනියක් කෙරේය.. ඒ වෙනදා නොදැනුන ආකර්ශණය ටික කලකින් ආදරයක් බවට පත්වෙයි.... ආදරය කෙනෙකුට මිහිරිය ,සැපය, ආශ්වාදජනකය, තවකෙකුට අමිහිරිය, දුකය, බියකරුය.. ආදරය ප්‍රේමය නිසා කෙනෙකු ජීවිතයෙන් සමුගනියි.., අහිමි  වූ ප්‍රේමය වෙනුවෙන්.. දිවි පුදයි.., තව කෙනෙකු ජයගත් ප්‍රේමය වෙනුවෙන් සතුටු සැමරුම් උත්සව පවත්වයි.., ඇතමුන් අහිමි වූ ආදරය ප්‍රේමය වෙනුවෙන්..තමාගෙන්ම පලිගනිමින් එහි මතක සටහන් අතර වේදනාවෙන් ජීවිත කාලය තුලම තනිවී සිටියි.. එහෙත් එය නොලද හෝ අහිමි තව අයෙක්.. ආදරය තමා වෙත එනතෙක් ප්‍රේමය තමා කරා එනතෙක් බොහෝ කලක සිට තවම මග බලා සිටියි... ඉතින් ඔබ එකී තැන් වලින් කොතන සිටියත් ඔබේ දැන ගැනීම පිනිස ආදරය හා විවාහය ගැන ඔබේ ජන්ම පත්‍රය ඇසුරින් මාගේ අත්දැකීම් තුලින් ඔබට වැදගත් යයි මා සිතන කාරණා කීපයක් මෙලෙස ලියන්නට සිතුනි.. ප්‍රේමය.., ආදරය.. ඇත්තටම කෙලවර විය යුත්තේ විවාහයෙකිනි.., එය සම්ප්‍රදායයි.., සමාජ සම්මතයයි..,ඉන් එහාට ගිය.. ආදරයක්.., ප්‍රේමයක්.. සමාජය සම්මත නොකරයි.., බො...

කාන්තා ඔබේ නිරෝගීභාවයට - නාරි ගැටලු

Image
නිවසක සිරියාව කාන්තාව වන්නේ ඇය සෑම අතින්ම සැබෑ වාසනාවන්තියක් නිසයි. වාසනාව ඇයට උරුම වන්නේ උපතින්මයි. පිරිමින්ට වඩා කාන්තාවන් ලෙඩට ගොදුරු වන්නේ අඩුවෙන්ය. ආයුකාලයද පිරිමින්ට වඩා කාන්තාවන්ට වැඩිය. මුනුබුරු මිනිබිරියන්ගේ දරුපැටවුන් දකින්නට තරම් ඇයට වාසනාව තිබේ. එමෙන්ම කාන්තාවගේ සුවසෙතට බාධා කරන ලෙඩරෝග ගණනාවක්ම තිබේ. මිග්‍රේන්, විෂාදය, මුත්‍රා ආසාදන, ඔස්ටියෝපොරසීස්, පියයුරු පිළිකා, ලූපස්, යෝනි ගැටලු, ආතරයිටීස් වැනි රෝග කාන්තාවන් අතර ඉතා සුලභය. ඒ වගේම කාන්තාවන්ට පමණක් ආවේණික වූ රෝග කිහිපයක්ද තිබේ. කාන්තා සිරුරේ සුන්දරත්වයට මගපාදන මෙන්ම එය රෝගී කරන්නටද ඇයටම ආවේණික වූ සමහර ශාරීරික පිහිටීම් හේතු වේ . නාරි හා ප්‍රසව ගැටළු ගැන අප වැඩියෙන් අවධානය යොමුකළ යුතුය. නාරි ගැටලු 1 ඔසප්වීම සම්බන්ද ගැටලු 2 මෞත්‍ර ලිංගික මාර්ගයේ ගැටලු 3 යෝනි ආසාදන *** ලිපියේ ඉතිරි කොටස කියවන්න Read more ක්ලික් කරන්න ***

හදවතක රැඳි මතක සටහන් - ටෙලිග්‍රෑම්

Image
ඉස්සර ටැලිපෝං එකක් තිබුනෙ ... පොලීසියෙ..... තැපැල් කංතෝරුවෙ.... ආණ්ඩුවෙ ඔපීසියක... එහෙම තමා .. කෝච්චි පාර අයිනෙ ටැලිපෝං කනු තිබුන ... ගුස් කෝච්චිය කියල අපි කියන ගල් අඟුරු ඇංජිං රේල්ලුවෙ යනගමං.... නූල්වගෙ කම්බි විස්සක් විතර තියෙන .... සුදුපාට බෝතල් වාගෙ ඒව.. හරස් ලීවල හයිකරල තිවුන... *** ලිපියේ ඉතිරි කොටස කියවන්න Read more ක්ලික් කරන්න ***

සිoහල නම හැදුන හැටි

Image
සිoහල නම හැදුන හැටි ඉන්දියන් සාගරයෙන් වටවූ රමණීය දිවයින එදා සිoහලේ නමින් නම් විය.  සිoහලේ නැමති රටේ අග නුවර ලoකා පුර නුවරයි.පැරණි ජන සමාජය තුල වයසක ආච්චි අම්මාලගේ ජන වහරේ එන කියමනක් ඇත. එනම් යම් කිසි ගමේ තරුණයෙක් කොහේ හරි ගොස් ටික කලක් නැවතී සිට නැවත ගමට පැමිණ පසු ඒ අය අහන්නේ කොල්ලෝ උබ සිoහලේ  ගොස් ආවාද..? කියායි.එදා අප රටට සිoහලේ යනුවෙන් සඳහන් වූ බව මෙම කියමන් වලින් සනාත වනු ඇත. සිoහල යනු කුරුඳු වලට කියන ආර්යුවේද වෛද්‍ය ශබ්ද කෝෂයේ ඇති නමකි. කුරුඳු වැවෙන රට එම අර්ථය දෙමින්  සිoහලේ නමින් නම් වෙන්න ඇත. සිoහලේ  නම්වූ රටේ වෙසෙන සියල්ලෝම  සිoහලයින් වෙති. සිoහලයේ උපත තවත් හේතුවක් මත උනායයි දැක්විය හැක. *** ලිපියේ ඉතිරි කොටස කියවන්න Read more ක්ලික් කරන්න ***

ගැස්ට්‍රියිටිස් වලට හොඳම විසඳුම

Image
       *** ලිපියේ ඉතිරි කොටස කියවන්න Read more ක්ලික් කරන්න ***